සමහර අය නිසා ක්ෂේත්‍රයේ නම කැත වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-19-ent-83  

සිරස අවුරුදු කුමරිය 2016 තරඟය හරහා රංගන ක්ෂේත්‍රයට පැමිණි සුදාරි මේ වන විට මියුසික් වීඩියෝ සහ ටී.වී. කමර්ෂල් රැසකට දායක වී තිබෙනවා. ඇගේ ඉදිරි බලාපොරොත්තුව වන්නේ රංගන ක්ෂේත්‍රයට පැමිණ ඒ හරහා දිගු ගමනක් යෑමටයි. සුදාරි ඒ ගැන සාරවිටට කිව්වේ මේ විදිහට.

 

ඔබ ගැන හැඳින්වුවොත්?2018-06-19-ent-85

මගේ නම සුදාරි ශාලිකා. මගේ ගම කුරුණෑගල. නමුත් මම දැනට පදිංචි වෙලා ඉන්නේ ගම්පහ. මම 2016 සිරස අවුරුදු කුමරිය තරගයෙන් තුන්වැනි ස්ථානය ලබා ගත්තා. දැනට මම මියුසික් වීඩියෝ, ටී.වී. කමර්ෂල් සහ ෆොටෝ ෂූට් කිහිපයකටත් දායක වෙලා තියෙනවා.

 

දායක වෙලා තිබෙන මියුසික් වීඩියෝ ගැන කිව්වොත්?

ඔෂානි සංදිපාගේ ‘හිතුමතේ ළංවෙලා’, තීක්ෂණ අනුරාධගේ ‘රෑ සඳ’, ගයෂාන් බුද්ධික අයියාගේ ‘මගතොටකදී’ , අසංක ප්‍රියමන්ත පීරිස්ගේ ‘පෙම් සිතුවම්’, උරේෂා අක්කාගේ ‘සිතා බලන්න’ ඒවායි. මීට අමතරව හරි ක්‍රියේෂන් එකත් සමග වැඩ කිහිපයක් කරලා තියෙනවා.

 

සුදාරි දායක වුණු ටී. වී. කමර්ෂල් ගැන කිව්වොත්?

ෆැඩ්නා ජින්කෝ, රූපවාහිනියේ කමර්ෂල් එකක් කරා, ජපන් වීසා කමර්ෂල් එකක් කරා. ඒ වගේ කිහිපයක්ම කරලා තියෙනවා.

 

සුදාරිට රංගන ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

ඔව්. බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සඳහා මට ආරාධනා කිහිපයකුත් ලැබුණා. නමුත් පොඩි ගැටලු කිහිපයක් නිසා ඒවා මග හැරුණා.

 

ඔබ ක්ෂේත්‍රයට නවකයෙක්. ඔබට දැනෙන විදිහට මේ ක්ෂේත්‍රයට අලුතින් එකතු වන අයට හොඳ තැනක්ද?

ඔව් අනිවාර්යෙන්ම, නවකයෝ කියලා ප්‍රශ්නයක් නැහැ. මේ ක්ෂේත්‍රය හොඳයි. සමහර අය නම් ඉන්නවා අලුතින් අය එනවට අකමැති පිරිස්. එයාලා හැරෙන්න අනිත් හැමෝම හැමෝටම උදවු කරගෙන සහයෝගය දෙමින් වැඩ කරගෙන යනවා.

 

එතකොට ප්‍රවීණයන්ගෙන් ලැබෙන දායකත්වය කොහොමද?

ඇත්තටම ප්‍රවීණයගෙන් ලොකු සහායක් අපිට ලැබෙනවා. මම සුරාජ් මාපා අයියා එක්ක වැඩ කරලා තියෙනවා. එයාලා දන්නේ නැති දේවල් කියලා දෙනවා, වරදින තැන් කියලා දෙනවා. කුහකත්වයක් නැහැ ප්‍රවීණයන්ගේ. සම්පත් අයියාලා වුණත් අතපසු වුණු දේවල් පවා කියලා දෙනවා. ප්‍රවීණ අය ගොඩක් හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ.

 

මේ ක්ෂේත්‍රය ගැන ගොඩක් අය බලන්නේ වැරදි ඇහැකින්. ඔබ දකින විදිහට ඒකට හේතුව මොකද්ද?

ඒකට හේතුව මම හිතන්නේ මේකේ ඉන්න සමහර අයගේ වැරදි තමයි. එයාලා නිසා හොඳට ඉන්න අයටත් ප්‍රශ්න ඇති වෙනවා. ඇත්තටම මේක හොඳ තැනක්. හොඳ මිනිස්සු ඉන්නවා. නමුත් සමහර අය නිසා ක්ෂේත්‍රයේ නම කැත වෙනවා. හොඳ ගමනක් යන්න මෙතනින් ඕන කෙනෙකුට පුළුවන්.

 

සුදාරිගේ වැඩ කටයුතුවලට ගෙදරින් ලැබෙන සහාය කොහොමද?

ඇත්තටම ගෙදරින් ලොකු සහායක් ලැබෙනවා. විශේෂයෙන් අම්මයි, අක්කයි මට ගොඩක් උදවු කරනවා. ඒ දෙන්නා මගේ හැමදේටම පස්සෙන් ඉන්නවා. හැමදේම ගැන කියලා දෙනවා. ගෙදරින් සහායක් නැත්නම් අද මට මේ තැනට එන්න බැරි වෙනවා.

 

සුදාරිගේ ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

ඉදිරියේදී නිවේදනයට එක්වෙන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මේ දිනවල ඒකට වැඩ කිහිපයක් කරගෙන යනවා. ඊට අමතරව ටෙලිනාට්‍ය පැත්තටත් එක් වෙන්න අදහසක් තියෙනවා.

 

සුදාරි වෘත්තිමට වශයෙන්දමේ ක්ෂේත්‍රයේ නිරත වෙන්න බලාපොරොත්තු වෙන්නේ?

මම දැනට වෘත්තිය කරගෙන තියෙන්නේ රංගන ක්ෂේත්‍රයයි. ඒත් ඉදිරියේදී තවත් වැඩක් පටන් ගන්න අදහසක් තියෙනවා. නමුත් ගොඩක්ම කැමති රංගනය පැත්තෙන් ඉදිරියට යන්නයි.

 

අවසන් වශයෙන් කියමු මේ ගමනට උදවු කරපු පිරිස් ගැන?

ඔව්. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගිහාන් නිෂාන් අයියාව, ඊට අමතරව හරි ක්‍රියේෂන් එකේ එරන්ද, ඇන්ටන්, ලහිරු අයියලා. එයාලා නිසා තමයි මම දෙයක් කරගත්තේ මේ වෙනකොට. හරි ක්‍රියේෂන් එකේ ටීම් එකටම ස්තුති කරනවා මේ වෙලාවේ. ඊට අමතරව මගේ පවුලේ අයවත් මේ අවස්ථාවේදී මතක් කරනවා.

 

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද

 

2018-06-19-ent-84