සමහර අය උදව් කරනවා වාගේ ඉඳලා කකුලෙන් අදිනවා
වෙළෙඳ දැන්වීම සහ ගීතමය රූපරචනා තුළින් නිරන්තරයෙන් දැකගත හැකි නිවේදිකාවක ලෙස අමාදි උපේක්ෂා හැඳින්විය හැකිය. නිවේදිකාවක වශයෙන් පුංචි තිරය තුළ දැකගත හැකි ඇයට බොහෝ දෙනෙක් ආදරය කළහ. ඇයගේ වෘත්තීය පැතිකඩ සහ අනෙකුත් තොරතුරු දැන ගැනීමට ඇය මෙලෙස ‘සාරවිට’ට සම්බන්ධ කර ගතිමු.
ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත්?
මම රූපවාහිනී නිවේදිකාවක්. දැනට අවුරුදු 04ක් තිස්සේ මම ජාතික රූපවාහිනිය නාළිකාවේ හැමදාම දහවල් එකට විකාශය වන ‘හිරු වියන’ සංගීතමය වැඩසටහන ඉදිරිපත් කරනවා. මුලින්ම කරනු ලැබුවේ රූපවාහිනී නාළිකාවේ පුවත් ඉදිරිපත් කිරීමයි. ඊට පස්සේ, සංගීත ඒකකයට දැම්මා. එහිදී ‘සිත් ගත් ගී’, ‘ශ්‍රී තාල්’ සහ ‘හිරු වියන’ ඉදිරිපත් කරනු ලැබුවා.
මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල මම කරන්නේ ‘සිත්ගත්’ ගී වැඩසටහන. ඒක යන්නේ ඉරිදා දහවල් 11ට. පසුගිය අවුරුදු හතරේම මම එක දිගට ‘හිරු වියන’ වැඩසටහන කළා. සතියේ දවස් පහේම. දැන් මම ‘ඇලරීස් ලංකා’ පෞද්ගලික සමාගමේ සන්නාම විධායක විදියට වැඩ කරනවා. ඒ නිසා සතියේ දවස්වල මට ‘හිරුවියන’ කරන්න බැහැ. ඒක නිසා දැන් සතිඅන්ත වැඩසටහන්වලට විතරයි සහභාගි වෙන්නෙ.
අධ්‍යාපන වැඩකටයුතු කොහොමද?
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මම හදාරන ලේඛකත්ව හා ජන සන්නිවේදනය උපාධිය ඉවරයි. තව එකක් කරන්න මම බලාපොරොත්තු වෙනවා කොළඹ කැම්පස් එකේ. ඒකත් ලේඛන කලාවට සම්බන්ධ එකක්.
නිරූපණය පැත්තෙ වැඩකටයුතුවලින් දැන් ඈත් වෙලාද?
නැහැ. හැබැයි ඉස්සර තරමට කරන්නේ නැහැ. දැන් මට ඔෆිස් එකේ වැඩයි, මේවයි කරන්න තියෙනවනේ. රූපවාහිනී දැන්වීම්වලට නම් අනිවාර්යයෙන් සහභාගි වෙනවා. ඒ අතරේ ‘බ්‍රයිඩ්ල්’ කරනවා.
වෙළෙඳ දැන්වීම ගැන කිව්වොත්?
මම දැනට වෙළෙඳ දැන්වීම් වැඩි ප්‍රමාණයක් සඳහා දායක වෙලා තියෙනවා. මම අන්තිමට කළේ ට්‍රයඩ් එකේ ‘රූෆින්’ ඇඩ් එකක්. එතකොට ළඟදී කළා ‘DSI’ එකේ ඇඩ් එකක්. ඒක එන්න තියෙනවා. එතකොට ‘සමපෝෂ’ එකකටත් ගියා. ‘සණස’, ‘BOC’ වගේ ඒවත් මේ දවස්වල යනවා.
එතකොට මියුසික් වීඩියෝ පැත්ත කොහොමද?
මම අන්තිමට කළේ ලකිත් ශ්යාමන්ගේ ‘මේ තරම් ප්‍රේමයක්’ ගීතය. ඒකෙ මාධව විජේසිංහයි, මමයි හිටියේ. ඊට කලින් නලින් ළහිරු ගුණවර්ධනගේ සින්දුවක් කළා. ඒක ප්‍රචාරය වුණා. මේ දවස්වල ලකිත්ගේ සින්දුව තමයි ප්‍රචාරය වෙන්නෙ.
නිරූපණය පැත්තෙන් ඈත් වුණාම කලින් තිබුණු ජනප්‍රියත්වය අඩුවෙලා නේද?
මාව ගොඩක් දෙනා හඳුනා ගත්තෙ ‘හිරු වියන අමාදි’ කියලා. ගොඩක් දෙනා අමාදිට ආදරේ කළා. දැනටත් මට ඒ ප්‍රතිචාරය තියෙනවා. තාමත් ‘සිත්ගත් ගී’ එකට ලියුම් එන්නේ ‘හිරු වියන අමාදි අක්කට’ කියලා. මම හිතනවා මම ආයෙත් ‘හිරු වියන’ කළත් මට ඒ ජනප්‍රියත්වය ආයෙත් හදාගන්න පුළුවන් කියලා. මම කොහොමත් මුලින්ම ක්ෂේත්රයට ආවෙත් නිවේදිකාවක් විදියට. 2004 දී, දිදුල එකෙන්. රූපවාහිනියට ආවේ 2013 දී. ඒ ප්රවෘත්ති නිවේදිකාවක විදියට. ඊට පස්සේ තමයි සංගීත අංශයේ අජිත් සර්, මොහාන් සර් යටතේ ‘සිත්ගත් ගී’, ‘හිරු වියන’ කළේ. ඊට පස්සේ තමයි ‘බ්‍රයිඩ්ල් ෂූට්’, වෙළෙඳ දැන්වීම්වලට කතා කළේ. ඉතින් නිරූපිකාවක් වෙන්න කලින් නිවේදිකාවක් විදියට තමයි ගොඩක් දෙනා දන්නේ.
මේ ක්ෂේත්‍ර දෙක තුළ වැඩ කරද්දි කොහොමද ලැබුණු අත්දැකීම් සහ ඉගෙන ගත් දේවල්?
ආසාවත් එක්ක උනන්දුවයි කැපවීමයි තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. බාධක එනවා. මටත් බාධක ආවා. සමහර අය උදව් කරනවා වාගේ ඉඳලා කකුලෙන් අදිනවා. ඒ දේවල් දරා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඉස්සර නම් පුංචි දේටත් ඇඬුවා. කාලයත් එක්ක ඉස්සර හිටපු අමාදි වෙනස් වුණා. දැන් දෙයක් කරන්න හිතුනොත් කොහොමහරි කරන්න තමයි ආසාව තියෙන්නෙ. මොනවා වුණත් දක්ෂයාට තාමත් තැන තියෙනවා. සමහර අය වෙනවෙන විදියට ඉස්සරහට එන්න හදනවා. ඒ වෙලාවෙදි ඇත්තටම අපිව කැපෙනවා. ඒ වුණත් දක්ෂයාට තැන තියෙනවා. දක්ෂයාට හිමින් ගමනක් ගියත් ඒ ගමන දීර්ඝ පැවැත්මක් තියෙනවා.
වෙනවෙන දේවල් කිව්වේ. එහෙම දේවල් ක්ෂේත්රයේ ඇත්තටම වෙනවද?
ඔව්. ඒ දේවල් ඇත්තටම වෙනවා. ඒක හැමෝම දන්නවා. ගොඩක් අය ප්‍රසිද්ධියේ ඒ දේවල් කතා කරන්නේ නැහැ. දේශපාලන බලපෑම් වෙන්න පුළුවන්, නැත්තම් වෙනත් බලපෑම්වලින් එනවා. නිවේදිකාවක් හරි රංගන ශිල්පිනියක් හරි වෙනත් විදියකින් එන අය ඉන්නවා. එයාලා හිතන්නේ රූපය ලස්සනට තිබ්බොත් ඇති කියලා. ඒත් රූපය කියන්නේ මෙතැන එක සාධකයක් විතරයි. කොච්චර ලස්සනට හිටියත් එයා කතා කරද්දි හරි, රඟපාද්දී හරි හිස් දේවල් කතා කරනවා නම් එයා නිකම්ම නිකන් නිවේදිකාවක් විතරයි. විවිධ බලපෑම්වලින් එන අය ඉක්මනට ඉස්සරහට යනවා. නමුත් එයාලගේ ගමන කෙටියි. එයාලා මග නැවතුනාම අර පරණ අයව ආයෙත් ඕන වෙනවා. එතකොට තමයි පරණ අයගේ අගය තේරෙන්නෙ.
ඇයි මේ ක්ෂේත්රයම තෝරා ගත්තේ, වෙන ක්ෂේත්රයක් තෝරා ගන්න තිබුණනේ?
මාව එක වසරෙදි පාසලට ඇතුළත් කරද්දි තිබ්බ රැස්වීමේදී ලස්සන අක්කා කෙනෙක් නිවේදනය කළා. එදා අම්මා කිව්වා ඔයා මේ වගේ කෙනෙක් වෙනවා නම් මමත් ආසයි කියලා. එදා ඒක එච්චර තේරුණේ නැහැ. ඒ වගේ අක්කලා දෙතුන් දෙනෙක් හිටියා. එයාලා එක එක උත්සවවලදී කරපු දේවල් දැකලා ගොඩක් ආසා හිතුණා. ඒ හැම වෙලාවෙදිම අම්මා කිව්වා ‘ඔයත් උත්සාහ කරලා බලන්න ගෙදර ඉඳන් කෑගහන එකේ’ කියලා. ඊට පස්සේ තමයි පොඩි උත්සාහයක් ගත්තේ මටත් පුළුවන්ද කියලා. එතකොට ඒ තරගවලට ගියා. නිවේදන තරගවලට ගියා, ඒවායෙන් ජයග්‍රහණ ලබාගත්තා. ඊට පස්සේ තමයි ගුවන්විදුලියට සම්බන්ධ වුණේ. එතැනින් රූපවාහිනියට ගියා.
ඉදිරි වැඩකටයුතු සහ බලාපොරොත්තු ගැන කතා කළොත්?
බලාපොරොත්තුව නම් ඉදිරියේදී විදේශගත වෙන්න.
අවසාන වශයෙන් මතක් කරන්න කවුරුහරි ඉන්නවද?
මගේ අම්මයි, තාත්තයි. ගුවන්විදුලි සංස්ථාවේ ගාමිණී මිරින්ඩගේ සර්. රූපවාහිනියේ මොහාන් කරුණාරත්න සර්, එයා මගේ වැඩසටහන් නිෂ්පාදක, අජිත් ජයවීර සර් සංගීත අංශයේ, එතකොට මගේ පාසලේ ගුරුවරු, යාළුවෝ, මගේ කැම්පස් එකේ කථිකාචාර්යවරුන්. ඒ හැමෝටම ස්තූතියි කරනවා. අද අමාදි කියලා කෙනෙක් ඉන්නෙ එයාලා නිසයි.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද