'සකළගුරු' ටෙලි නාට්‍යයේ 'පුෂ්පා' තමයි මාව ජනප්‍රිය කළේ
ජාතික රූපවාහිනියේ විකාශය වෙන "සකළ ගුරු" ටෙලි නාට්‍යය මේ දිනවල වඩාත් ප්රේක්ෂයින් අතර ජනප්‍රිය වූ ටෙලි නාට්‍යයකි. එහි "පුෂ්පා" නම් ප්‍රධාන චරිතය තුළින් ප්‍රේක්ෂක ඔබ හමුවන දිල්හානි වීරසිංහද වර්තමානයේ ඔබේ ආදරය දිනු දක්ෂ, යොවුන් රංගන ශිල්පිනියක් බවට පත්ව සිටියි. මේ "සාරවිට" අපි ඇය සමග කළ කතා බහයි..
2015 වසරේදී. ඒ 2014 වසරේදී තිබුණ ජාතික රූපවාහිනි %අවුරුදු කුමරිය^ තරගයට ඉදිරිපත් වුණා. ඒ අඳුනාගැනිම හරහා තමයි මම කලාවට සම්බන්ධ වෙන්නේ.
කලාවට සම්බන්ධ වෙන්න ආසාවක් තිබුණාද?
ඔව් ආසාවක් තිබුණා. මම කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ රංගනය, නර්තනය මේ හැම දෙයක්ම හැදෑරුවා. ඔය අතරේ තමයි රංගනයට ආරාධනා ලැබුණේ. රංගනයට අමතරව මම නිරූපණ කටයුතුවලත් නිරත වෙනවා. හැබැයි මම %ෆෑෂන් මොඩල්^ කෙනෙක් නෙමෙයි. ගොඩක් වෙලාවට කරන්නේ %බ්‍රයිඩල් මොඩල්^ විතරයි.
කලා ක්ෂේත්රය ගැන ඔබ දරණ මතය මොන වගේද?
කලා ක්ෂේත්රය හොඳයි. මම නම් වරදක් දකින්නේ නැහැ. හොඳ විදිහට හිටියොත් මේ ක්ෂේත්රය තුළ හෙඳ ගමනක් යන්න පුළුවන්. හැම දෙයක්ම තේරා බේරාගෙන කරන්න ඕනා. හොඳ දේවල් විතරක් භාරගන්න ඕනා. එන හැම දෙයක්ම භාරගත්තොත් තමයි අපිට ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නේ.
දැනට ඔබ දායක වුණ කලා නිර්මාණ මොනවද?
එල් බී රන් ණය, ඩයලොග් ප්‍රසංසා, චණ්ඩි පැන්ඩා හා ඩයලොග් කිකි වෙළෙඳ දැන්වීමත් එක්ක දැනට වෙළෙඳ දැන්වීම් 10ක් විතර කරලා තියෙනවා. ඊට අමතරව ගීත රූප රචනා 15ක් විතර කරලා තියෙනවා. මේ ගමනේ, යසුන්දරා කියන මා රඟපෑ ගීත රූප රචනා ගොඩක් ජනප්‍රිය වුණා. ටෙලි නාට්‍යය ගත්තොත් මම ගොඩක් ටෙලි නාට්‍යයවල රඟපාලා තියෙනවා. මේ දිනවල නම් ගොඩක් දෙනා අතර මම ජනප්‍රිය %සකළගුරු^ ටෙලි නාට්‍යයේ %පුෂ්පා^ කියන චරිතය.
නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් විදිහට අද ඔබට තියෙන පිළීගැනීම කොහොමද?
නිරූපිකාවකට, රංගන ශිල්පිනියකට අද හොඳ පිළිගැනීමක් සමාජය තුළ තියෙනවා. ඒක ඉබේම ඉතින් ලැබෙන්නේ නැහැ. අපි ඒ පිළිගැනීම හදාගන්න ඕනා අපි විසින්ම තමා. නිරූපණ ශිල්පයේ පැතිකඩවල් කිහිපයක් තියෙනවා. මම කලින් කිව්වා වගේම මම %ෆැෂන් මොඩල්^ කෙනෙක් නෙමෙයි. ඒ හින්දා ලැබෙන පිළිගැනීම වෙනස්. ගොඩක් වෙලාවට අද වෙන කොට මට පිළිගැනීම වැඩිපුර ලැබෙන්නේ රංගන ශිල්පිනියක් විදිහට. ඒ පිළිගැනීම ඉතින් මම නිහතමානිව අද විඳිනවා.
මේක ඔබේ වෘත්තියද?
නැහැ මේක මගේ වෘත්තිය නෙමෙයි. මම තවමත් අධ්‍යාපනය ලබනවා. දැනටත් මම කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. නර්තනවේදී උපාධියක් මට තියෙන්නේ. මම කැමතියි නර්ත ගුරුවරියක් විදිහට වැඩකරන්න. ඒ වගේම නිරූපණ කටයුතු රංගන කටයුතුත් අත්හරින්නේ නැතුව ඒ වැඩවලට ලැබෙන කාලවෙලාව අනුව දායක වෙන්න බලාපොරොත්තු වෙනවා මම.
දිගටම මේ ක්ෂේත්රවල රැඳෙන්නද අදහස?
ඔව් දිගටම රැඳෙන්න අදහසක් තියෙනවා. ගුරුවරියක් විදිහට වැඩ කරන අතරේ හොඳ නිර්මාණ ලැබුණොත් භාරගන්නවා. ඒ වගේම ගීත රූප රචනා, රූපවාහිනි වෙළෙඳ දැන්වීම් මේ හැම දෙයක්ම ඉතින් ඉඩ තියෙන විදිහට භාරගන්නවා මම. පුළුවන් කාලයක් මේ ක්ෂේත්රවල රැඳිලා වැඩ කරන්න තමයි මම සැළසුම් කරමින් ඉන්නේ.
උදව් කරපු අය?
මම කලා ක්ෂේත්රයට පිවිසෙන්නේ ජාතික රූපවාහිනියේ %අවුරුදු කුමරිය^ තරගය හරහා. ඒ තරගයේදී උදව් කරපු හැම දෙනාවම මතක් කරන්න ඕනා මේ මොහොතේදී. ඊට පස්සේ මගේ අම්මා තාත්තා. ඒ දෙන්නාගේ අවසරය, ආශිර්වාදය නැත්නම් මම මේ ක්ෂේත්රයේ අද මේ තරම් දුරක් එන්නේ නැහැ. ඒ වගේම මගේ පෙම්වතා මට ලොකු සහයෝගයක් දෙනවා මේ ක්ෂේත්රයේ වැඩ කරගෙන යන්න. ඒ වගේම මාව නිර්මාණවලට සම්බන්ධ කරගත් හැම අධ්යක්වරයෙකුටම මේ වෙලාවේදී මගේ කතෘවේදිත්වය පිරිනමන් ඕනා.
බුද්ධික සේනධීර