සංගීතාගෙන් රිදී තිරයට කඳුළු බිඳක්
ශ්‍රී ලාංකීය සිනමාවේ සුන්දර හසරැුල්ල සංගීතා වීරරත්න සිනමා පේ‍්‍රක්‍ෂකයින් අතරට අවසන් වරට පැමිණියේ 2010 දී දෝනි චිත‍්‍රපටය සමගයි.
ඉනික්බිතිව දැන් ඇය නැවතත් චිත‍්‍රපට රංගනයකට එක්ව සිටින්නීය. නමුත් මෙය ශ්‍රී ලාංකීය නිර්මාණයක් නම් නෙවෙයි. ඉන්දියානු අධ්යක්ෂණයක් සහ නිෂ්පාදනයක් වන මෙය නම් කර ඇත්තේ ඩිස්ටන්ස් ටියර් ඩ්‍රොප් නමින්. එලෙසින් ඇය නැවතත් චිත‍්‍රපට රංගනයට එක්ව සිටින්නේ 2010 වසරේදී දෝනි චිත‍්‍රපටයේ රඟපෑමෙන් පසුවයි. සුන්දර සිනහව නිතර මුවග රඳවාගත් ප‍්‍රවීණ රංගවේදිනී සංගීතා සමග මේ කතාබහ ඒ වෙනුවෙනි.
සංගීතා, නමේ හැටියට සංගීතයට නම් දක්ෂ නැහැ වගෙයි?
ඒක හරි
ඒ කියන්නෙ ගයන්න බැරිද?
අනේ බැහැ
ගීත ගයලාම නැද්ද?
නැහැ
උත්සාහයක්වත් අරන් නැද්ද?
කීප වතාවකදීම උත්සාහ ගත්තා. ඔන්න දවසක් අම්මා මට බැන්නා. ‘අනේ ඕක නවත්තන්න අපට අහන් ඉන්න බැහැ’ කියලා. මගේ පළමු චිත‍්‍රපටයේ මම රඟපෑවේ හර්ෂණ නානායක්කාර සමගයි. (යසපාලිත නානායක්කාරගෙ පුතු* එහි ගීතමය ජවනිකාවකදී චන්ද්‍රිකා සිරිවර්ධන අක්කාගෙ හඬ වගේ මගේ හඬත් ලස්සන ඇති කියලා හිතාගෙන මම ගීතය ගැයුවා. හර්ෂණ එක පාරටම මුහුණ අනෙක් පැත්තට හරවා ගත්තා. එහෙම කරලා ‘අයියෝ ඔයාට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද’ ඇහුවා. ‘අනේ ඕක නවත්වන්න’ කියලා කිව්වා. ඊට පස්සෙ නම් මම ගීත ගායනය අත්හදා බලන්න ගියේ නැහැ. හරිම ආසයි ගීත ගයන්න. ඒත් ගයන්න නම් බැහැ.
හොඳයි එහෙම නම්, දැන් අපි මේ චිත‍්‍රපටය ගැන කතා කරමු. කොපමණ කාලයකට පසුවද රඟපාන්නෙ?
අවුරුදු අටකට විතර පසුවයි.
ඇයි මේ විදියට කාලයක් පෙනෙන්නට නැතුව ඉන්නෙ?
දෝනි රඟපාලා සිටියදී ඒ කාලයේ එක එක ප‍්‍රශ්න ආවා. මම රඟපෑ චිත‍්‍රපට තිරගත කරවීමේ ප‍්‍රශ්න තිබුණා. ඒ වගේ වාතාවරණයක් එදා තිබුණු නිසා මම නිසා අධ්‍යක්‍ෂවරුන් සහ නිෂ්පාදකවරු අපහසුතාවයට පත් වෙනවට මම කැමති වුණේ නැහැ. එවිට එය මම නිෂ්පාදකවරුන්ට කරන අසාධාරණයක්. ඔවුන්ව වට්ටවන්න මට බැහැ. ඒ වගේම මම වැටෙන්න කැමතිත් නැහැ. මොකද මේ ගමන මම ආවේ මගේම මහන්සියෙන්, කැපවීමෙන්. ඒ විදියට ආ ගමන ආපහු පල්ලෙහාට වැටෙන්න මට ඕනෑ වුණේ නැහැ. නමුත් එක දෙයක් කියන්නම ඕනෑ.
ඒ මොකක්ද?
චිත‍්‍රපට සමග නිතර මාව දකින්නට නැතත්, පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාරවල අඩුවක් නම් දැනුණෙම නැහැ. ඒක එක අතකට පිනක්.
දැන් මේ චිත‍්‍රපටය ගැන කිව්වොත්?
මම ඉතින් හොඳ නිර්මාණයක් ලැබෙන කල් බලාන හිටියා. ඒ අතරේ මගේම නිෂ්පාදනයක් කරන්නත් බලාන ඉන්නවා. සිනමාවේ මම නැවතත් වැඩට බැස්සා කිව්වොත් හරි. ඩිස්ටන්ස් ටියර් ඩ්‍රොප් චිත‍්‍රපටය ගැන කිව්වොත්, මෙය ඉන්දියානු අධ්යක්ෂණයක් සහ නිෂ්පාදනයක්. ජාත්‍යන්තරව ප‍්‍රදර්ශනය සඳහා කෙරෙන නිර්මාණයක්. කලාත්මක චිත‍්‍රපටයක් ලෙස හැඳින්වීම වඩාත් හොඳයි.
මෙහි චරිතය මොන වගේද?
මගේ ගිවිසුමේ හැටියට මේ කතාව ගැන කියන්න බැහැ. මට වඩා වයසින් වැඩි හරි අපූරු සුන්දර චරිතයක්. මෙහි මගේ චරිතයේ නම වරුණි.
මේ විදියට රඟපාන චරිතවලට අමතරව ගෙදර මවක, බිරිඳක ලෙස රඟපාන චරිතය දැනෙන්නෙ හැෙඟන්නෙ කොහොමද?
මව, බිරිඳ සහ දියණිය යන භූමිකා තුනම ගෙදරදී කරන්න වෙනවා. එතැනදී රඟපෑමක් නැහැ. ඒ නිසා ඒ භූමිකා තුනම හරි අසීරු දෙයක්. අම්මාට මේ දිනවල ටිකක් අසනීපයි. ඒ ගැන වැඩිපුර අවධානය යොමු කරන්න වෙනවා. බිරිඳක මවක ලෙස ඒ කාර්යයන් වගකීම් වටහා ගෙන කටයුතු කරන්නෙ. ජීවිතේ අපට සෑම දෙයක්ම අත්‍යවශ්‍යයි. අපිම මහන්සිවෙලා අපේ ව්‍යාපාර ගොඩනගන්න ඕනෑ. ඒ සියල්ල අතරේ පොඞ්ඩක් හරි නිදහස් වෙලා අපි අපේ යාළු මිත‍්‍රයින් සමග හිතවතුන් ඥාතීන් සමගත් කර්මාන්තයේ නොවන අය සමගත් සුහද හමුවීම් ප‍්‍රියසාද වගේ දේ සහ අනෙකුත් සමාජමය වැඩවලටත් දායකත්වය දිය යුතුමයි. නැත්නම් ජීවිතය සමබර නැහැ. අපි අපි ගැනම විතරක් නිරන්තරයෙන් හිතලා කටයුතු කරන්නෙ නැහැ.
එදා ඔබගෙ තේරීම වූ ‘සැමියා’ ගැන අද ඔබ හිතන්නෙ කොහොමද?
මම හිතන්නෙ මම ගත්ත නිවැරදිම පියවරක් සහ නිවැරදිම තීරණයක්. සාමාන්‍යයෙන් මම ජීවිතේ වැරදි තීරණ ගත් අවස්ථා අල්පයි. පොඩියට වැරදිච්ච තැනුත් ඇති. අපි කවුරුවත් සියයට සීයක්ම සාර්ථක නැහැනෙ. නමුත් සාපේක්ෂව මම ජීවිතේ හරි තීරණ තමයි නිතර අරන් තියෙන්නෙ. ඒක එක අතකට වාසනාවක් කියලයි මම හිතන්නෙ.
සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ