සංගීතයට වඩා ගායනයට කැමතියි
‘‘අඳින්න දෙන්න එකක් තමයි නැත්තෙ, මොකද අපේ ගෙදර පිරිමි නැහැනෙ’’
ගයනි ගිසන්තිකා මේ විදියට කියන්නෙ. අශෝක හඳගමගෙ අසන්ධිමිත්තා චිත්‍රපටයේ සමදරා ලෙසයි. එහි අපූර්වතම රංගනයක යෙදෙන නිල්මිණි සිගේරා රංගන ශිල්පිනියට අමතරව, මේ ගයනි ගිසන්තිකා තවත් අපූරු චරිත රංගනයකට දායකව සිටින්නීය. ඒ නිසාම අපි ඇය සඳැල්ල සමග පිළිසඳරකට එක්කර ගතිමු.
ගයනි මේ දිනවල ඔබගේ රඟපෑම් දැක ගන්න පුළුවන් කොහොමද?
සිවගුරුනාදන් අය්යගෙ නාට්‍යයක රඟපානවා. ඊට අමතරව අශෝක හඳගම අය්යගේ අසන්ධිමිත්තා චිත්‍රපටයේ රඟපානවා. එහි මා රඟපාන්නෙ ‘සමදරා’ ලෙසයි.
‘සමදරා’ ගැන කිව්වොත්?
තිර පිටපතටම බැඳී ලියැවුණු චරිතයක්ම නෙවෙයි. චිත්‍රපටය හා සසඳද්දී සහාය චරිතයක්. ප්‍රධාන චරිතය වටේ භ්‍රමණය වන චරිතයක්. හරියට සූර්යා වටේ අනෙක් ග්‍රහලෝක පවතිනවා වගේ. ප්‍රධාන චරිතය වටා ගොඩනැඟුණ චරිත අතර තවත් චරිතයක්. රිඇක්ෂන් එකක් තමයි දුන්නෙ. ප්‍රථම වතාවට මම මේ වගේ චරිතයකට දායක වුණේ. මේක ඇත්තටම මට වෙනස් විදියේ චරිතයක්. කාන්තාව විසින් පිරිමියා වසඟයට පත් කර ගන්නවාද?, නැත්නම් පිරිමියා විසින් කාන්තාව වසඟයට පත්කර ගන්නවාද? යන ස්වභාවය කතාව නරඹන විට පේ්රක්ෂකයාට ග්‍රහණය කර ගත හැකි වේවි. මෙහි රූප රාමු පවා හරි වෙනස්. මේ චිත්‍රපටය වගේම මට ලැබුණු වෙනස්ම විදියේ චරිතයක් මේක.
කොහොමද සමදරාට ලැබෙන ප්‍රතිචාර?
කුඩා චරිතයක් වුණත් මතක හිටින චරිතයක්. මට ලැබෙන දේ හොඳින් කිරීමට තමයි උත්සාහ ගන්නෙ. වෙනස් පැතිකඩක්. පේ්රක්ෂකයාට අලූත් අත්දැකීමක් වේවි. ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මම අපේක්ෂා කළාට වඩා බෙහෙවින් ඉහළයි. අශෝක හඳගමට ස්තුති කරන්න ඕනෑ.
කොහොමද ගයනිගෙ රංගන ජීවිතයේ ඉදිරි වැඩ කටයුතු?
මේ දිනවල නම් ටිකක් විවේකීව ඉන්නෙ. දිගටම වැඩ කරගෙන යද්දී රඟපෑම ටිකක් ඒකකාරි වුණා. ඒ නිසා චරිත ටිකක් තෝරා බේරාගෙන කළොත් හොඳයි කියලා හිතුවා. ඉදිරි කාලයේ දී එහෙම වේවි. ඒ නිසා ටිකක් විවේකීව සිටිනවා. අනෙක මගේ හැකියාව හඳුනා ගත් නිර්මාණ වේදීන් කීප දෙනෙක් සිටිනවා. ඉතින් ඒ පිරිස සමග වැඩ කිරීම වඩා පහසුවක්. මට බොහෝ වෙලාවට මගේ හැකියාව හඳුනාගෙන අවස්ථා ලබා දුන්නෙ. ධර්මසිරි බණ්ඩාරනායක, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, අශෝක හඳගම, ප්‍රසන්න ජයකොඩි වැනි ප්‍රවීණයන්. ඒ නිර්මාණ සමාජයේ වඩා කතා බහට ලක් වූ නිර්මාණයි. ඊට අමතරව ඉතා දක්ෂ තරුණ නිර්මාණකරුවන් පිරිසක් අපට සිටිනවා. නමුත් මට වැඩිපුර අවස්ථා ලැබුණෙ ඉහත කී ප්රවීණයන්ගේ නිර්මාණවලටයි.
ඔබ ඒකාකාරියි කියලා කිව්වෙ මොන වගේ නිර්මාණ ද?
මෙගා වර්ගයේ ඒවා නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ. ඒ නිසා තෝරා බේරා ගෙන රඟපෑම හොඳයි කියලා හිතුවා.
කොහොමද ගෙදර දොර වැඩ කටයුතු?
ටිකක් විතර කාර්ය බහුලයි. තරු සහ පුතාලා දෙන්නගෙ වැඩ කටයුතු එක්ක මගේ වගකීම් තියෙනවා.
නැවත විදෙස්ගත වන්න සූදානමක් තියෙනවා කියන්නෙ?
දීර්ඝ කාලයකට නෙවෙයි. තරුගෙ උසස් අධ්‍යපන කටයුතු නිසා නැවත යන්න වේවි. ඒත් එයා මොන වගේ තීරණයක් ගනීවිද දන්නෙ නැහැ. රැුකියාවේ පසුබිම එක්ක එයා තීරණය කරාවි.
‘ගයනි සහ තරුපති’ සුසංයෝගය ගැන අද කොහොමද හිතෙන්නෙ?
2002 දී අපි විවාහ වුණේ. දෙදෙනාගේ වටහා ගැනීම වැදගත්. තරුට එයාගේ අධ්‍යාපන වැඩවල නිතර යෙදෙන්න සිද්ධ වුණා. මම සංගීත අංශයෙන් ඉහළට අධ්‍යාපනය හැදෑරුවා. රංගන ශිල්පිනියක ලෙසත් කටයුතු කරනවා. සංගීතයෙන් දීර්ඝ ගමනක් යන්න නිරන්තර අභ්‍යාශයේ යෙදෙන්නට ඕනෑ. ඊට වඩා මම රංගනයට කැමතියි. රංගනයේ දී චිත්‍රපටවලට වඩා ටෙලිනාට්‍ය වැඩි ප්‍රමාණයක රඟපාලා තියෙනවා.
පසුගිය කාලයේදී ගයනි රඟපෑ ටෙලිනාට්‍ය චරිත ගැන සඳහනක් කළොත්?.
සල් සපු නා. මද්දහන නාට්‍යවල රඟපෑවා. ඒ වෙනුවෙන් රයිගම් සහ සුමති උළෙලවලදී හොඳම සහාය නිළියට හිමි සම්මානත් ලැබුණා.
ගයනි මේ දිනවල වේදිකාවට ලබා දෙන දායකත්වය මොන වගේද?
බුද්ධික දමයන්තගෙ ‘චේ’ නාට්‍යයේ රඟපෑවා. ඒ වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නිළිය සම්මානයත් ලැබුණා.
මේ විදියට සම්මාන ලබමින් ගමනක් ගියත්. සිනමාවේදී බොහෝ වෙලාවට ඔබ රඟපාලා තියෙන්නෙ සහාය චරිතයි. ප්‍රධාන භූමිකා නොලැබීම ගැන හිතන්නෙ මොන විදියටද?
ප්‍රධාන භූමිකා සඳහා තිර පිටපත් දෙකක්ම පසුගිය කාලයේදී ලැබුණා. නමුත් ඒ වකවානුවේදී ඒවා වුණේ නැහැ. මට කලබලයක් නැහැ. නව සොයා යාම් කළ යුතුයි. අත්දැකීම් තව තවත් ලබා ගත යුතුයි. ඒ වෙනුවෙන් ඉවසීමක් තියෙන්න ඕනෑ. ඉවසීම නැතුව මේ ගමන යන්න බෑ. ලැබෙන චරිතයට ලබා දෙන දායකත්වය තමයි ඉතා වැදගත්.
අපි නැවත අසන්ධිමිත්තා ගැන කතා කළොත්? ඔබ පේ්රක්ෂිකාවක ලෙස එය දකින්නෙ කොහොමද?
පුද්ගලිකව මම හරිම කැමති චිත්‍රපටයක්. ඒකාකාරී නොවූ නිර්මාණයක්. විශේෂයෙන්ම නිල්මිණි සිගේරා අක්කගෙ රඟපෑම් අගය කරන්න ඕනෑ. මේ කාල සීමාවේදී සිනමා පේ්රක්ෂකයින්ට ලැබුණු සිනමා තෑග්ගක් විදියටයි මම අසන්ධිමිත්තා දකින්නෙ.
සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ