සංගීතය නිසා පස්සේ කාලෙදි මට ගොඩක් දේවල් ලැබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190925Hot-1

නවක ගායනවේදිනියකට අප මෙවර සාරවිට කතාබහේ ඉඩක් වෙන් කරන්න හිතුවා. ඇය නමින් රෙෂානියි. රෙෂානි මේ වනවිට ඇගේ ගීත කිහිපයක් නිකුත් කර තිබෙනවා. ඊට අමතරව ඇය විශාරදවරියක් වීමටද ඉගෙන ගනිමින් සිටිනවා. ඉතින් රෙෂානි සාරවිටට කතා කළේ මේ විදිහටයි.

 

ඔබ ගැන කිව්වොත්?

මගේ නම රෙෂානි හෙන්නදිගේ. මම රැකියාවක් කරනවා. ඊට අමතරව මියුසික් කරනවා. ඒ අතරේ මියුසික් ගැන ඉගෙනගන්නවා. තව මම මානව සම්පත් කලමණාකරණය පිළිබඳව උපාධිය හදාරනවා.

20190925Hot-2සංගීතයට එකතු වෙන්නේ මොන පැත්තෙන්ද?

මම ඉගෙනගන්නේ ක්ලැසිකල් මියුසික්. විශාරද විභාගයට ඉගෙනගන්නවා. ඊට අමතරව මම සංගීත කණ්ඩායමක ගායන ශිල්පිනියක් විදිහට වැඩ කරනවා.

සංගීත කණ්ඩායම ගැන කිව්වොත්?

මගේ පලමු සංගීත ගුරුවරයා ආරම්භ කරපු සංගීත කණ්ඩායම. එයා මට ආරාධනා කළා කණ්ඩායමට එකතු වෙන්න කියලා. මම ඒ බෑන්ඩ් එකේ නිත්‍ය ගායන ශිල්පිනිය විදිහට වැඩ කරනවා.

ඔබේම ගීත තිබෙනවාද?

ඔව්. මම මුලින්ම මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක ගීතයක් කළා. ඒක අවුරුදු ගීතයක් රටේම අය එක නැකතට කියලා. ඒක කළේ ගිය අවුරුද්දෙයි. මගේ තනි ගීතයක් කලා 'හැම ආත්මයේ' කියලා. ඒක ළඟදී තමයි එළිදැක්වූවේ.

'හැම ආත්මයේ' ගීතය ගැන කිව්වොත්?

මේ ගීතය මියුසික් සුගත් හෙට්ටිආරච්චි අයියා. 'හැම ආත්මයේ' ලිව්වේ ප්‍රභාත් රනිල් අයියා.

රැකියාවත් සමග මියුසික් කරන්නේ කොහොමද?

ඇත්තටම අමාරුයි. මම පෞද්ගලික ආයතනයක තමයි රැකියාවක කරන්නේ. මියුසික් වැඩවලට නම් රැකියාවෙන් නිවාඩු දාලා තමයි යන්නේ. ආයතනයෙනුත් මට හොඳ සහයෝගයක් තිබෙනවා. ඒ නිසා පුළුවන් විදිහට සමබරව ගෙන යනවා.

මියුසික්වලට සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි?

මට පොඩිකාලේ ඉඳලා හීනයක් තිබුණා. නමුත් මම ලොකුවට ඒ ගැන ඉගෙනගෙන තිබුණේ නැහැ. පාසලේදී විෂයක් විදිහට හැදෑරුවේ චිත්‍ර. තේරෙන වයස එද්දි ඉගෙනගන්න පටන් ගත්තා. දැන් හෙමීට හෙමීට මගේ හීනයට යනවා. සංගීතය නිසා පස්සේ කාලෙදි මට ගොඩක් දේවල් ලැබුණා. නාට්‍යයක රඟපාන්නත් ලැබුණා.

ප්‍රසංග වේදිකාවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?

ඔව්. දැනටමත් මම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනවා.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

ඇත්තටම ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා මගේ වැඩවලට ගොඩක් උදව් කරනවා. ඒ සහයෝගය නිසා තමයි මට හැම දෙයක්ම බැලන්ස් කරගෙන කරන්න පුළුවන්.

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

මගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න ඕනේ. රැකියාවයි මේ හැමදේයි එක්කම මියුසික් බැලන්ස් එකේ ගෙනියන්නත් ඕනේ.

ස්තූතියි කරන්නේ කාටද?

මුලින්ම අම්මා තාත්තා ඇතුළු මගේ පවුලේ අයට. එතකොට මගේ පලමු ගුරුවරයා වන සුමින්ද යාපා මහත්මයාට. එතකොට මට ලොකු සහයෝගයක් දෙනවා මගේ රැකියා ස්ථානයේ ප්‍රධානීන් ඇතුළු හැම දෙනාම. ඒ හැමෝවම මම මතක් කරනවා.

කැළුම් දේවින්ද

හැම ආත්මයේ ගීතය -

20190925Hot-3 20190925Hot-4 20190925Hot-5

 

 

20190925Hot-1