සංගීත ගුරුවරියක් වෙන හීනේ ඉබේම නැති වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-01-ent-22

නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යාමට අපේක්ෂාවෙන් පසුවෙන මිචෙල් සඳරේඛා සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වුණේමු. ‍රංගන ශිල්පිණියක් ලෙස කටයුතු කිරිමේ අපේක්ෂාවෙන් සිටින ඇය මේ වනවිටද කලා නිර්මාණ කිහිපයකට දායක වී ඇත. මේ ඇය සිය ඉදිරි කලා කටයුතු අපට පැවසු අයුරුයි.

 

නිරූපණය යොමු වුණේ?2018-08-01-ent-25

මම ක්ෂේත්‍රයට තවමත් ආධුනිකයෙක්. මහරගම තරුණ සේවා සභාවෙන් පටන් ගත්ත ‘මොඩ්ලින් ඇකඩමිය’ හරහා තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට ආවේ. ඔය අතරේ ප්‍රවිණ මෝස්තර නිරුපණ ශිල්පිනි රොසෑන් ඩයස් මහත්මිය හරහා නිරූපණය ගැන පුහුණු වුණා. ඇයගේ මඟ පෙන්වීම් ගුරුහරුකම් යටතේ තමයි නිරූපිකාවක් විදිහට ඉදිරියට එන්න මට පුළුවන්කම ලැබුණේ.

 

නිරූපිකාවක් වෙන්න හිතුවේ ඇයි?

නිරූපිකාවක් වෙන්න මගේ අදහසක් තිබුණේ නැහැ. අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී හිටියේ මම සංගීතය විෂය තුළින්. මොකද ගීත ගයන්න මට හැකියාව තිබුණ නිසා. අහම්බෙන් වගේ තමයි මට නිරූපණ ක්ෂේත්‍රයට යොමු වෙන්න සිද්ධ වුණේ. නමුත්, මම දැන් මේ වෘත්තියට ගොඩක් කැමතියි. නිරූපිකාවක් වෙන්න කාටත් එහෙම හිතන තරම් ලේසි නැහැ. ඒ වගේම තමයි මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්න දක්ෂතාවයකුත් තියෙන්න ඕනා.

 

ඔබ දැනට දායක වුණ කලා නිර්මාණ මොනවද?

දැනට මම සම්බන්ධ වෙලා තියෙන්නේ එකම කලා නිර්මාණයකට පමණයි.’හිරු’ රූපවාහිනි නාලිකාවේ විකාශය වුණ ටෙලි නාට්‍යයකට. ගීත රූප රචනාවලට නම් ගොඩක් ආරාධනා ලැබුණා. නමුත්, දැන් නිකුත් වෙන ගීත රූප රචනා ගැන මගේ පැහැදීමක් නැහැ. අඩනිරුවත් සරාගි දර්ශන විතරයි දැන් එවායේ වැඩිපුර තියෙන්නේ. ඒ හින්දා ආස නැහැ ඒ වගේ දේවල්වලට සම්බන්ධ වෙන්න.

 

නිරූපිකාවක් විදිහට දැන් ක්ෂේත්‍රයේ ඔබ වැඩ කරනවාද?

දැන් වසර තුනක කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රය තුළ මම වැඩ කරනවා. නමුත්, මේ ගෙවුණු කාලය තුළදී මට දිගටම වැඩ කරන්න ලැබුණේ නැහැ. නමුත්, දැන් ආයෙත් මේ ක්ෂේත්‍රය වැඩ කරන්න පටන් ගත්තා. ඉදිරියේදී මාව නිතරම මේ වෘත්තිය තුළ දකින්න ලැබෙවි.

 

ලංකාවේ නිරූපණ කලාව ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් කලකිරීමක් තියෙනවා. මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ මේක ගොඩක් වැදගත් වෘත්තියක් විදිහටයි මම දැක්කේ. අපිත් එක්ක හිටිය ගොඩක් දෙනා මේ ක්ෂේත්‍රයේ ඉහළම තැන ඉන්නවා. කොටින්ම කිව්වොත් ජාත්‍යන්තර මට්ටමට ගිහින් තියෙනවා. ඒත්, දැන් මේ ක්ෂේත්‍රයේ ඉන්න අය දැක්කාහම ගොඩක් අය ඇඟ පෙන්වලා දවසින් දෙකෙන් ජනප්‍රිය වෙන්න උත්සාහ කරන එක ගැන දැකලා ලොකු කලකිරීමක් ඇතිවෙලා තියෙනවා. මම දකින විදිහට ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය මේ වැඩ නිසා ගොඩක් පහතට වැටිලා තියෙනවා.

 

වර්තමානයේ ක්ෂේත්‍රය තුළ විවිධ අයගේ විවිධ මත තියෙනවා?

මෙහෙමයි ඒක තිරණය වෙන්න තමන් මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරන විදිහට. එක්කෙනක් දෙන්නෙක් කරන දේවල් නිසා හැමෝම දිහා බලන්නේ අර වැරදි කෝණයෙන්. නමුත්, හරියට ගමනක් යනවා නම් ඒක තමා මොනද දේ කළත් නියම විදිහ. නිරූපණ ක්ෂේත්‍රය තුළ විතරක් නෙමෙයි හැම ක්ෂේත්‍රයක් තුළම හොඳ ලස්සන ගමනක් යන්න පුළුවන්. ඒ හරි විදිහට ගියොත්.

 

පුංචි කාලේ ඔබ හීන දැක්කේ වෙනත් වෘත්තියකට නේද?

ඔව්, මම සංගීත ගුරුවරියක් වෙන්න තමිය හිතාගෙන හිටියේ. මම අපොස උසස් පෙළ හා සාමාන්‍ය පෙළෙ විභාගවලට කළෙත් සංගීතය. සරසවියට යන්න ලකුණු කිහිපයක් මදිවුණා. දෙවැනි පාර උත්සාහ කරනවා කියලා හිතාගෙන හිටියත් කාලය මාව මේ ක්ෂේත්‍රයට යොමු කළා. සංගීත ගුරුවරියක් වෙන හීනේ එහෙම්මම නැති වෙලා ගියා.

 

 2018-08-01-ent-23 2018-08-01-ent-24