'ශාරධා 2' ඉදිරියේ දී කරන්න බලාපොරොත්තු වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-1303

හදිස්සියේ ලංකාවට ආවේ ඇයි?

සති 2ක වගේ කාලයකට ලංකාවට එන්න වුණා. අලුත් චිත්‍රපටයකට දායක වෙන්න අවස්ථාව ලැබුණා. චන්දික ජයකොඩි අයියාගේ අලුත් ගීතයේ මියුසික් වීඩියෝ එකටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා.2019-08-09-ent-1306

 

"නිරාශා" නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහමද?

%නිරාශා^ නාට්‍යය විකාශය වී අවසන් වුවත්, තවමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එය තමයි මගෙ මුල්ම ටෙලි නාට්‍යය. ප්‍රදීප් ජයවීර මහතා තමයි එයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලබා දුන්නේ. ඊට කලින් මම රඟපාලා නැහැ. නමුත් මම යූටියුබ් එකේ, ෆේස්බුක් එකේ කවර් සෝන්ග් කරලා තියෙනවා. ඒ හරහාත් බොහෝ පිරිසක් මාව හඳුනගෙන තිබුණා.

 

කවර් සොන්ග්ස් විතරමද කරන්න බලාපොරොත්තුව?

අලුත් හින්දි කවර් සෝන්ග් එකක් මේ සතියේ එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැන්ම මගේ ගීතයක් එළිදක්වන්න සූදානමක් නැහැ. නමුත් ඉදිරියේ දී මගේ ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

 

රැකියාවත් සමඟ නිර්මාණ කටයුතු කරන්න කාලය වෙන් කර ගන්නෙ කොහමද ?

මම ගිණුම්කරණ ක්ෂේත්‍රයේ රැකියාවක් තමයි සිදු කරන්නෙ. ඉතිං ඒ දේවල් එක්ක රංගන කටයුතු කරද්දි මම ගොඩක් තෝරා බේරගෙන තමයි නිර්මාණ භාර ගන්නෙ. මොකද කාලය කියන දේ හරි අඩු නිසා ඒ ලැබෙන කාලය මම හොඳ නිර්මාණවලට යොදවනවා. ඒ අතර නිවාඩුවක් ලැබුණම ලංකාවට ගිහින් නිර්මාණවලට දායක වෙනවා.

 

"ශාරධා" රංගන ජීවිතයේ එක් හැරවුමක් කිව්වොත් නිවැරදිද?

ඇත්තෙන්ම ඔව්. %ශාරධා^ නිසා තමයි මට හොඳ නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණෙ. රංගනයෙන් දායක වූ චිත්‍රපටයත් %ශාරධා^ වලින් පසු ලැබුණු නිර්මාණයක්. %ශාරධා 2^ ඉදිරියේ දී කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

සටහන හා ඡායාරූප - සරසි නෙත්මිණි

 

 2019-08-09-ent-1304 2019-08-09-ent-1305