‘ශාන්ති’ රූප රචනාවේ මා රඟපෑවේ අභියෝගාත්ම රංගනයක්
චැනල් C රූපවාහිනි නාළිකාවේ නිවේදිකාවක ලෙස කටයුතු කරන නිලු තනාෂා වර්තමානයේ සිටින ජනප්රිය යොවුන් නිරූපණ ශිල්පිනියකි. දැනට වෙළෙඳ දැන්වීම් බොහෝ ප්රමාණයක දකින්නට ලැබෙන නිලු මෑත කාලයේ වඩාත් කතා බහට ලක් වුයේ රැප් ගායක පිල්ටිගේ ‘ශාන්ති’ මියුසික් විඩියෝව හරහායි. මේ නිසාම අද ‘සාරවිට’ තරු කතාබහ තුළින් අපි නිලුට ඉඩක් මෙසේ වෙන් කළෙමු.
නිලු ක්ෂේත්රයට එන්නේ?
නිරූපිකාවක් විදිහට ක්ෂේත්රයට ඇවිල්ලා නම් නම් අවුරුදු 3ක් විතර වෙනවා. 2014 අවුරුද්දෙ තමයි මේ ක්ෂේත්රයට ආවේ. හැබැයි ඊට කලින් මම රොසෑන් ඩයස් මහත්මියගේ ‘මොඩ්ලින්’ ඇකඩමියට සම්බන්ධ වෙලා ඒ පිළිබඳව හැදෑරීම් කළා. ඊට පස්සෙ තමයි නිරූපිකාවක් විදිහට වැඩ කරන්න පටන් ගත්තේ.
පුංචි කාලේ හීනයක්ද මේක?
ඔව් කිව්වොත් හරි. මම මේ ක්ෂේත්රයට ගොඩක් ආසයි. ඒ වගේම මට නිරූපිකාවක් වෙන්න ලොකු උනන්දුවක් තිබුණා. ඊට අමතරව මම කලාවටත් ගොඩක් ආදරය කරන කෙනෙක්. මට හැකියාවකුත් තිබුණා. ඉතින් ඒ හැකියාවෙන් ප්රයෝජනයක් ගන්නත් එක්ක තමයි මම මේ ක්ෂේත්රයට සම්බන්ධ වුණේ.
දැනට දායක වෙලා තියෙන නිර්මාණ?
මම බොහෝ වෙළෙඳ දැන්වීම් ප්රමාණයක මම රඟපාලා තියෙනවා. ඒ අතරින් ‘ඩයලොග්’, ‘ග්ලුකොලින්’, ‘හැටන් නැෂනල් බැංකුව’ ගොඩක් ජනප්රිය වුණ වෙළෙඳ දැන්වීම්. ඊට අමතරව ගීත රූප රචනා කිහිපයකටත් මම දායක වෙලා ඉන්නවා. දැනට චැනල් සී නාළිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් මම කටයුතු කරනවා.
පසුගිය දිනවල ඔබ වඩාත් කතා බහට ලක්වුණේ ‘ශාන්ති’ රූප රචනාව තුළින්?
මෑත කාලයේ නම් ගොඩක් මාව ජනප්රිය වුණේ පිල්ටිගේ ‘ශාන්ති’ කියන මියුසික් විඩියෝව හරහා. එහි මා කළේ අභියෝගාත්මක රංගනයක්. මා කළ රංගනය පිළිබඳව සමාජයේ විවිධ මත තිබුණා. නමුත්, යථාර්ථය නම් එවැනි අභියෝගාත්මක රංගනයක් කාටත් කරන්න බැහැ කියලයි. මම කැමතියි එවැනි අභියෝගාත්මක රංගනයන්වලට මුහුණ දෙන්න.
ඉදිරි ඉලක්ක?
නිරූපිකාවක් විදිහටත්, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් අද මම මේ ක්ෂේත්ර තුළ වැඩ කරනවා. මම හැමදාම උත්සාහ කරන්නේ මට පැවරෙන වැඩේදී මගේ උපරිමය යොදන්න. මම හිතනවා ඒ හරහා මට හොඳ නමක් මේ ක්ෂේත්රවලදී ලබාගන්න පුළුවන් කියලා. ඒ වගේම මේ ක්ෂේත්රවල මම ඉක්මන් ගමනක් අපේක්ෂා කරන්නේ නැහැ. හෙමින් හෙමින් මම මගේ ගමන යන්න තමයි මම සැලසුම් කරලා තියෙන්නේ.
බුද්ධික සේනාධීර