‘වොයිස්’ සමග වැඩ කරන්න ලැබුණ එක මම දකින්නේ ලොකු භාග්යියක් විදිහට
නිරන්තරයෙන්ම ප්‍රේ ක්ෂක ඔබගේ ආදරය දිනාගන්නා යොවුන් රංගන ශිල්පිනියක් ලෙස දිනිති වල්ගමගේ හැඳන්විය හැකිය. දැනට සිරස රූපවාහිනියේ විකාශය වෙන ‘වොයිස්’ සංගීතමය වැඩසටහන සමග සම්බන්ධව සිටියි. ඉදිරියේදී නිකුත් වීමට නියමිත ටෙලි හා සිනමා නිර්මාණ රැසක් හරහා දකින්නට ලැබෙන ඇය ‘සාරවිට’ තරු කතාබහ සමගින් මෙසේ අපි සමග සම්බන්ධ වුණේමු..
මේ දිනවල ඔබ නිවේදිකාවක් විදිහට අපි දකිනවා?
ඔව්, සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වුණ ‘ෆිල්ම් ස්ටාර්’ වැඩටහනෙන් පස්සේ තමයි මම නිවේදිකාවක් විදිහට ආයෙත් ‘වොයිස්’ වැඩසටහන සමග සම්බන්ධ වෙලා වැඩ කරන්නේ. ඇත්තටම, ‘වොයිස්’ සමග වැඩ කරන්න ලැබුණ එක මම දකින්නේ ලොකු භාග්යවයක් විදිහට. මොකද, මම මේ වැඩසටහනේදී වැඩ කරන්නේ ලංකාවේ සංගීත ක්ෂේත්රිය තුළ සිටින දැවැන්තම පිරිසක් එක්ක. ඒ වගේම ‘වොයිස්’ කියන්නේ ජාත්‍යන්තරයේ ඉහළම ප්‍ර සාදය දිනාගත්ත සංගිත වැඩසටහනක්.
තවමත් අපි ඔබ මේ වැඩසටහන තුළ ඔබ නිවේදිකාවක් විදිහට දුටුවේ නැහැ?
ඔව්, මේ වැඩසටහනේ තවම තියෙන්නේ මුල් පියවරේ. තරගයට එකතු වුණ තරගකරුවන් හා තරගකාරියන්ගේ පවුල්වල උදවියත් එක්ක තමයි මම ගොඩක් වෙලාවට මේ කොටස්වල පෙනී ඉන්නේ. ලබන වසරේ පෙබරවාරි මාසේ ඉඳලා විකාශය වෙන කොටස්වල මම මේ වැඩසටහනේ ප්රකධාන නිවේදිකාව විදිහට කටයුතු කරනවා දකින්න පුළුවන්.
ඔබට මේක අලුත් අත්දැකිමක් නේද?
ඔව්, මේක මට අලුත්ම අත්දැකිමක්. මොකද, ලෝකයේම ප්රැසිද්ධ වුණ සංගීතමය වැඩසටහනකට සම්බන්ධ වෙලා වැඩ කරන්න ලැබුණ එක. මේ වැඩසටහන ලෝකයේ බොහෝ රටවල් ප්රදමාණයක පවත්වන එකක්. අනික කාරණය තමයි මේ තරගය ජාත්යේන්තර මට්ටමේ තරගයක්. අනෙකුත් විදෙස් රටවල පවත්වන ක්රනමයට ඒ නිතී රිතිවලට අනුකූලව තමයි මේ තරගය පවත්වන්නෙත්. මේ තරගය පැවැත්වෙන රටවල් අතරින් තෝරාගත් දක්ෂයින් පස්දෙනෙකු අතරට ලංකාවේ කෙනෙකුත් තේරුණා. ඉතින් ඒ වගේ වැඩසටහනකට එකතු වෙලා වැඩ කරන්න ලැබුණ වෙනස්ම විදිහේ අත්දැකිමක් කියලා මම හිතනවා.
ඔබ ‘වොයිස්’ තරගයත් සමගද මේ දිනවල කාලය ගෙවන්නේ?
ඔව්, ‘කොවිඩ්’ වසංගතය නිසා ගොඩක් කලා නිර්මාණ අතරමඟ නැවතිලා තියෙනවා. පසුගිය කාලයේ සිනමා නිර්මාණ දෙකකට සම්බන්ධ වුණා. ‘ආශාවරි’ කියන චිත්රාපටයේ වැඩ ඉවර වුණා. ‘අම්මා’ කියන චිත්රනපටයේ වැඩ කටයුතු අතරමඟ නැවතිල තියෙන්නේ. ඒ වගේම ටෙලි නාට්‍ය ය දෙකකුත් භාරගත්තා වැඩ කරන්න. ඒවාත් ‘කොවිඩ්’ නිසා අතරමඟ නැවතිලා තියෙන්නේ. ගුවන්ගමන් වාරත් යනවා අඩු නිසා මම නිවාඩු අරගෙන ‘වොයිස්’ එක්ක වැඩ කරන්න ගත්තා.
ඔබව අපි වෙළෙඳ දැන්වීම් කිහිපයකම දකිනවා?
ඔව්, මේ දිනවල මා පෙනී ඉන්න වෙළෙඳ දැන්වීම් කිහිපයක්ම විකාශය වෙනවා. පසුගිය කාලයේ ‘කොවිඩ්’ නිසා කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න නොහැකි වුණ නිසා ඒ කාලය මම යොදාගත්තා වෙළෙඳ දැන්වීම්වල වැඩ කරන්න. ඉතින් ඒ කරපු නිර්මාණ තමයි මේ දිනවල විකාශය වෙන්නේ.
‘කොවිඩ්’ නිසා කලා ක්ෂේත්‍ර.යට ලොකු පාඩුවක් වෙලා තියෙනවා නේද?
ඔව්, ගොඩක් නිර්මාණ අතරමඟ නැවතිලා තියෙනවා. ඒ වගේම සමහර සිනමා නිර්මාණ ප්ර්දර්ශනය කරගන්න බැරි වෙලා තත්ත්වයක් උදා වෙලා තියෙනවා. කලා ක්ෂේත්‍රවයට සම්බන්ධ ගොඩ දෙනෙක් ආර්ථික මට්ටමින් මේ මොහොතේදී අසරණයි. මම හිතනවා මේ වසංගතය යම්තාක් දුරට පාලනය වුණොත් නැවතත් සුපුරුදු පරිදි කලා කටයුතු ආරම්භ කරන්න පුළුවන් වේවි කියලා.
කතා බහ - බුද්ධික සේනාධීර