වේදිකාව තුළ පැවැත්මක් හදාගන්න නම් අනිවාර්යයෙන්ම දක්ෂතාවය තියෙන්න ඕන
මේ දිනවල දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන ‘සිදූ’ ටෙලි නාට්‍යයේ ‘රූපිකා’ හා ‘නිලන්ති’ ලෙස චරිත නිරූපණය කරමින් ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය නදිශානි පේලිආරච්චි මෙවර ‘තරුණයා’ මුල් කවරය සරසන්නීය. ‘සිදූ’ ටෙලි නාට්‍යයට අමතරව නදිශානි සිරස එෆ්.එම්. නාළිකාවේ විකාශය වෙන නිදුක් මධුෂික රචිත ‘රන් මුදුවක් හැඬුවා’ ගුවන් විදුලි නාට්‍යයේද හඬකවන්නියක ලෙසද මේ වනවිට කටයුතු කරමින් සිටින්නීය.
කලා කටයුතුත් එක්ක ඔබ මේ දිනවල තරමක් කාර්ය බහුලයි නේද?
ඔව්. ‘සිදූ’ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් කටයුතුවලට වගේම සිරස රේඩියෝවේ විකාශය වෙන ‘රන් මුදුවක් හැඬුවා’ ගුවන් විදුලි නාට්‍යයේ වැඩත් එක්ක ටිකක් විතර කාර්ය බහුල ජීවිතයක් තමයි මේ දිනවල ගෙවන්නේ. ඒ වැඩත් එක්ක තවත් මම කාර්යබහුල වෙලා ඉන්නවා. පසුගිය අගෝස්තු 25, 26, 27 කොළඹ ලයනල් වෙන්ඩ්හි පැවැති නාට්‍යය උලෙළට මා රංගන දායකත්වය ලබාදෙන ‘ආදර වස්තුව’ හා ‘නැතුව බැරි මිනිහෙක්’ වේදිකා ගත කළා. කාර්ය බහුල වුණත් මා හොඳ කලා නිර්මාණ කිහිපයකට මේ කාලයේ දී කැපවුණ එක ගැන සතුටක් තියෙනවා.
‘සිදූ’ ටෙලි නාට්‍යයේ ‘රූපිකා’ හා ‘නිලන්ති’ චරිතවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමහර අය බණිනවා. නමුත්, කාලයකට පස්සේ යමක් කරන්න ලැබුණ ටෙලි නාට්‍යය චරිතයක් කියලා කිව්වොත් නිවැරදියි. ‘රූපිකා’ හා ‘නිලන්ති’ කියන්නේ එකම කෙනෙක්. නමුත්, කතාවට අනුව මම ‘රූපිකා’ හා ‘නිලන්ති’ චරිතවලින් මා මෙහි වෙන වෙනම පෙනී සිටිනවා.
ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ?
2001 වසරේ දී තමයි මුලින්ම ටෙලියක රඟපෑවේ. වේදිකාවට දායක වුණේ 2006 වසරේ දී. වේදිකාවට තමයි වැඩිපුරම මම දායකත්වය සපයලා තියෙන්නේ. ටෙලි නාට්‍යයවලට නම් දුන්නේ අඩු දායකත්වයක්. ඒත්, ‘රතු අහස’ හා ‘හුස්ම හා ඔක්සිජන්’ ටෙලි නාට්‍යය කළ චරිත හරහා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණා. ආනන්ද අබේනායක මහත්මයා නිර්මාණය කරපු ටෙලි නිර්මාණ කිහිපයක් හරහාත් මගේ රංගන හැකියාවන් පිළිබඳව ප්‍රේක්ෂකයෝ කතා කළා. වේදිකාවේ දී බොහෝ වෙලාවට සම්බන්ධ වුණේ රාජිත දිසානායකගේ වේදිකා නාට්‍යවලට. ‘සිහින හොරු අරන්’, සිරිවර්ධන පවුල’, ‘නැතුව බැරි මිනිහෙක්’ හා ‘ආදර වස්තුව’ මා දායක වුණ වේදිකා නාට්‍යය කිහිපයක්.
රංගන ශිල්පිනියක්ට තම හැකියාවන් පෙන්වන්න හොඳම තැන වේදිකාව කිව්වොත් හරි?
ඔව්, වේදිකාවේ දී අපි කරන්නේ සජීවී රංගනයක්. ටෙලි නාට්‍යය වගේ පටිගත කිරීමක් මෙහි කරන්න බැහැ. ටෙලි නාට්‍යය රංගනයක වැරැදි දෙයක් වුණත් එය නැවත රූගත කරලා හදාගන්න පුළුවන්. නමුත්, වේදිකාවේ දී ඒ දේවල් කරන්න බැහැ. හැම රංගනයක්ම ප්‍රේක්ෂකයාට දැනෙන විදිහට සජීවීව ඉදිරිපත් කළ යුතුයි. වේදිකාව තුළ පැවැත්මක් හදාගන්න නම් අනිවාර්යයෙන්ම දක්ෂතාවය තියෙන්න ඕන.
වේදිකාවට වගේ ටෙලි හා සිනමාවට ඔබ දායකත්වයක් දෙන්නේ නැත්තේ ඇයි?
වේදිකාවට තමයි මම කැමතියි. කලා ක්ෂේත්රයට සම්බන්ධ වෙලා මේ ගෙවුණ කාලයෙන් වැඩිපුරම මම ගත කළේ වේදිකාවත් එක්ක. ටෙලිවලට ආරාධනා ආවා. නමුත්, හොඳ චරිතයක් ලැබුණේ කලාතුරකින්. ‘සිදූ’ ටෙලි නාට්‍යයේ මට හොඳ චරිතයක් ලැබුණා. මම ගොඩක් සතුටෙන් ඒ චරිතය භාර ගත්තා. ‘රතු අහස’ වගේම ‘හුස්ම හා ඔක්සිජන්’ කියන ටෙලිවලත් මට ලැබුණේ හොඳ චරිත. ඉතින් එවැනි හොඳ නිර්මාණයකට දායක වෙන්න අවස්ථාවක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම ඒවාට සම්බන්ධ වෙනවා. සිනමාවටත් දැනට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ පාලිත පෙරේරා නිර්මාණය කළ ‘තක්කිට තරිකිට’ කියන ළමා චිත්‍රපටයට. ඒ සිනමා නිර්මාණයට කලින් මා කොරියනු චිත්‍රපට දෙකකට රංගනයෙන් දායක වුණා.
වේදිකාවේ දී නම් ඔබ සම්මාන රැසක් හිමිවෙලා තියෙනවා. සිනමාව තුළ හා ටෙලි නිර්මාණ හරහා සම්මාන ලබාගන්න හීනයක් නැද්ද?
මෙහෙමයි, සම්මාන ලබාගන්න නම් හොඳ චරිතයක් ලැබෙන්න ඕන. නමුත්, වර්තමානයේ නිර්මාණය වෙන දිගු ටෙලි නාට්‍යය නිර්මාණවල එවැනි චරිතයක් ලැබෙන්න අඩුවෙන්. මොකද, දිගු ටෙලි නාට්‍යයක තිර පිටපත ලියන්නේ ටෙලි නාට්‍යය විකාශය වෙන අතතුර දී. ඉතින් තිර පිටපත බලන කොට අපිට ලැබෙන චරිතය යමක් කරන්න පුළුවන් චරිතයක්ද, නැති චරිතයක්ද කියලා හිතාගන්න අමාරුයි. වර්තමානයේ රඟපාන ‘සිදූ’ චරිතය මට කාලයකට පස්සේ ලැබුණ මගේ රංගන හැකියාවෙන් යමක් කරන්න පුළුවන් හොඳ චරිතයක්.
නිළියක් විදිහට අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?
නිළියක් වෙනවට ගෙදරින් නම් කැමැත්තක් තිබුණේ නැහැ. අදටත් එහෙමයි. කොස්ගම සංස්කෘතික මධ්‍යස්ථානයේ තිබුණ නාට්‍යය හා රංග කලා පාඨමාලාවට යොමු වෙලා තමයි නිළියක් විදිහට එන්න මාවත විවර කරගත්තේ. එහි මගේ ගුරුවරයා වුණ මහේෂ් කුමාර හා දිලිණි රණසිංහ දෙදෙනාව මේ වෙලාවේ දී විශේෂයෙන්ම මතක් කරන්න ඕන. රාජිත දිසානායක, අතුල ජයසිංහ, ගයාන් සමන්ත වේදිකාවේදි මට හොඳ සහයක් දුන්නා. ඔවුන්ගේ නිර්මාණ හරහා මට සම්මාන පවා හිමිකර ගන්නට හැකිවුණා. වේදිකා නිළියක් විදිහට අද මම ඉන්න තැන ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන්.