වෙනස් විදිහේ නිරූපණයන් සිදුකිරීමට කැමති සඳුනි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-01-ent-17

නිරූපණයට නවකයකු වුවද ඇගේ දෙවැනි Photo Shoot එක තුළින් ඇයට ආදරය කරන රසික පිරිසක් සමාජ වෙබ් අඩවිය තුළ සිටිති. ඇය තවමත් නව යොවුන් වියේ පසුවූවද ඇගේ නිරූපණයට ඇති දක්ෂතාව පිළිබිඹු කරමින් සිටින්නීය. ඇගේ රූපකායෙන් ඉන්දීය සම්භවයක් බැලූ බැල්මට පෙනී ගියද ඇය ලාංකේය නිරූපිකාවකි. ඉතා දිගු ගමනක් යෑමට හැකියාවක් පවතින සඳුනි පෙරේරා නම් වන ඇය, සිය ඉදිරි කලා කටයුතු පිළිබඳව ‘සාරවිට’ සමගින් දොඩමළුවූයේ මෙලෙසිනි.

 

ඔබ ගැන පුංචි හැඳින්වීමක් කළොත්?

මම සඳුනි පෙරේරා. මගේ වයස අවුරුදු 19යි. මම උසස් පෙළ හදාරලා ඉන්නේ. නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරමින් ඉන්නවා.

 

ඔබ නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් ගොඩක් කල්ද?

ක්ෂේත්‍රයට ඇවිත් ලොකු කාලයක් නෑ. මාස පහක් විතර වෙනවා.

 

ඔබ ක්ෂේත්‍රයට ආවේ වෘත්තීය නිරූපිකාවක් වීමේ බලාපොරොත්තුවෙන්ද?

දැනට එහෙම තමයි හිතාගෙන ඉන්නේ. නමුත් ඉදිරියේදී ඒ දේවල් වෙනස්වෙන්න පුළුවන්.

 

නිරූපණ ක්ෂේත්‍රයට පිවිසිමේදී පවුලේ අයගෙන් ලැබෙන ප්‍රතිචාරය මොනවගේද?

අම්මලා ලොකු අකමැත්තක් පෙන්නුවේ නැහැ. මොකද මම පොඩි කාලේ ඉඳන්ම Fashion වලට ආසයි. ඒ හින්දා එයා කැමති වුණා.

 

ඔබ ක්ෂේත්‍රයට නවකයෙක්. ඔබට මේ ක්ෂේත්‍රය තුළ පැවැත්මක් හදාගන්න පුළුවන් වෙයිද?

එය මගේ දෙවැනි Photo shoot එක. එයින් ගොඩක් දෙනෙක් මාව හඳුනා ගත්තා. ඉදිරියට ඒ වගේ හොඳ දේවල් කරගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.

 

2017-02-01-ent-15

 

රංගනයට හෝ ගායනයට දායක වෙන්න කැමැත්තක් තියෙනවාද?

කැමැත්තක් තියෙනවා. හැබැයි වෙනස් විදියෙ දෙයක් කරන්න තමයි කැමති. මොකද මේ දවස්වල ඔක්කොම එකම විදියේ දේවල් තමයි තියෙන්නේ. අලුත් විදියෙ දෙයක් කරන්න තමයි කැමති.

 

එකම වගේ දේවල් කීවේ මොනවද?

ආදර කතා, ඒ කියන්නේ විරහව, වේදනාව වගේ එකම රැල්ලට යන දේවල්වලට කැමති නෑ. එතැනින් එහාට අලුත් දෙයක් භාරගන්න කැමතියි.

 

ඒ කියන්නේ අභියෝගාත්මක චරිතයක් භාරගන්න කැමතියි?

ඔව්.

 

ඔබව වැඩිපුරම සාමාජ්‍ය මාධ්‍ය තුළ කතාබහට ලක්වෙලා තියෙන්නේ මේ දෙවැනි Photo Shoot එක නිසා. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඒ ගැන සතුටුයි. මම ගොඩක්ම හිතන්නේ වෙනස් දේවල් කරන්න. සමහර අය කියනවා මේ ගැන හිතාගන්නවත් බෑ මේ මමද කියලා. ඒ වගේ හිතාගන්න බැරි දේවල් කරන්න තමයි මම ගොඩක් ආසා.

 

ඔබේ ඉදිරි බලාපොරොත්තු?

එහෙමයි කියලා ලොකු බලාපොරොත්තුවක් නැහැ. නිරූපණ ක්ෂේත්‍ර‘යෙන් ඉදිරියට යන්න තමයි ආස.

 

ඔබට අතහිතදුන්, මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

මේක මම තනියම ආපු ගමනක් නෙවෙයි. මේ සඳහා මට ගොඩක් අය උදවු කළා. නම් වශයෙන් කියන්න අමාරුයි. ඒ තරම් පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනා නිසා තමයි අද මට මෙච්චර හොඳ දේවල් කරන්න ලැබිලා තියෙන්නේ.

Dilan Chryshantha / Pix - Nuwan Sameera

2017-02-01-ent-14
2017-02-01-ent-21
2017-02-01-ent-20
2017-02-01-ent-19
2017-02-01-ent-18
2017-02-01-ent-16