වෘත්තීමය නිරූපිකාවක් ක්ෂේත්‍රය තුළ කවදාවත් වැරැද්දක් කරන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-21-ent-19

බියුමාලි ප්‍රසන්සා නිරූපණයට නවකයෙකි. නමුත් ඇය මේවනවිට බොහෝ වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝව ඔස්සේ දැක ගැනීමට අවස්ථාව උදාවී තිබේ. තමන්ට ඇති හැකියාව, ප්‍රතිරූපය ඔස්සේ නිරූපණ ක්ෂේත්‍රය තුල යම් කිසි ස්ථානයක් ඇය හට ලැබී තිබේ. තමන්ගේ කලාව සහ ඉදිරි කටයුතු ගැන කතාකිරීමට ඇය අපත් සමග මෙලෙස එක් විය.

 

මේ දවස්වල වැඩකටයුතු ගැන කිව්වොත්?

මේ දවස්වල නම් ටිකක් කාර්ය බහුලයි. මන් මේ දවස් වල පැවැත්වෙන පැජන්ට් දෙකක ෆයිනල් සිලෙක්ට් වෙලා ඉන්නවා. ඉතින් ඒකට සුදානම් වෙන ගමන් මගේ වැඩත් කරගෙන ඉන්නවා.

 

පැජන්ට් දෙකක මොකක්ද කිව්වොත්?

එකක් %පෙරනද්^ සහ %බෙස්ට් මොඩල්^ පැජන්ට් එකයි.

 

ඇයි මේ තරග දෙකක් සඳහා දායක වුණේ?

ඇත්තටම ඒක වුණේ හිතපු නැති දෙයක්. මම තරග දෙකටම ඉදිරිපත් වෙන්න හිටියේ. ඒ දෙකම එකම කාලේ වැටුනා. ඉතිං මම ඒ දෙකටම යන්න හිතන් හිටපු නිසා තරග දෙක සඳහාම සහභාගී වෙනවා.

 

ඒ දෙකටම කාලය කැප කරන්න පුළුවන්ද?

අමාරු වෙනවා. මට එන වැඩ ටික කර ගන්න කාලය නැති වෙන එක තමයි සිද්ධ වෙන්නේ.

 

නිවේදිකාවක් කියලා ආරංචි වුණා ඇත්තද ඒක?

මට අවස්තාවක් ලැබුනා "ශ්‍රී ටීවී" එකේ "වට්ස්ඇප්" වැඩසටහන ඉදිරිපත් කරන්න. දැනට වැඩසටහන් දෙකක් පටිගත කරල අවසන් තාම විකාශනය වුනේ නෑ.

 

නිවේදිකාවක් වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

මට එම වැඩසටහනේ නිෂ්පාදක යෙහාන් මාර්ගයෙන් තමයි මෙම අවස්තාව ලැබුනේ.

 

නිරූපණය පැත්තෙන් දායක වුණු වැඩ?

දැනට මන් රූප් ෂෝ කරල තියෙනවා මියුසික් වීඩියෝ කිහිපයක් කරල තියෙනවා. ඊට අමතරව පුවත්පත් වල මුල් පිටකවරය සඳහා දායක වෙලා තියෙනවා. වගේම බ්‍රයිඩල් ෂූට් සහ වෙළෙඳ දැන්වීම් කරලා තියෙනවා. මේ දවස් වල තවත් මියුසික් වීඩියෝවක් සඳහා දායක වෙනවා. ඒ හෙෂ්ගේ මියුසික් වීඩියෝවයි.

 

ඒ මොනාද කියලා කිව්වොත්?

සැම්සුන්ග් දුරකතන වෙළෙඳ දැන්වීමක් සඳහා දායක වුණා. ඊට අමතරව ඩේවිඩ් පීරිස්, ටෙලිකොම් කියන වෙළෙඳ දැන්වීම සඳහා දායක වුණා. තවත් මියුසික් වීඩියෝ තුනක් සඳහා දායක වුණා.

 

වෘත්තීමය වශයෙන් නිරූපිකාවක්ද?

වෘත්තීමය වශයෙන් නිරූපිකාවක් වෙන්න උවමනාවක් මට නැහැ. ඒක මගේ පොඩිකාලේ ඉඳන්ම තිබුණු ආසාව සහ විනෝදාංශය. වෘත්තීමය වශයෙන් මගේ ව්‍යාපාරයක් කරන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.

 

නිරූපිකාවන්ට තැනක් තියෙනවාද?

අද නිරූපිකාවන්ට තියෙන තැන ගැන නම් මගේ පැහැදීමක් නැහැ. මොකද සමහර වෙලාවට කිසිම දැනුමක් නැතුව නිරූපණය කියන දේ කරනවා. ඒ දේවල් නිසා නිරූපිකාවක් දිහා අද ගොඩක් අය නරක විදිහටයි බලන්නේ. ඇත්තම කිව්වොත් නිරූපිකාවක් නරක නැහැනේ. මම නම් කැමති නැහැ සමාජය නිරූපිකාවක් දිහා ඒ විදිහට බලනවාට.

 

ඔබ කියනවා "නිරූපිකාවක් නරක නැහැ" කියලා, නමුත් ඇතැම් අය කරන ක්‍රියාවන් නිසා නේද පොදුවේ මේ කාරණා වලංගු වෙන්නෙ?

ඔව්, එහෙම දෙයක් තියෙනවා. කවදාවත් වෘත්තීමය නිරූපිකාවක් ක්ෂේත්‍රය තුළ වැරැද්දක් කරන්නේ නැහැ. අලුතෙන් එන අයගේ නොදැනුවත්කම නිසා තමයි මේ කියන දේවල් හැමෝටම පොදුවේ බලපාන්නේ.

 

අද ෆේස්බුක් නැත්නම් නිරූපිකාවන් නැහැනේද?

ගොඩක් වෙලාවට නවක නිරූපිකාවන්ට ෆේස්බුක් එක තුළින් ජනප්‍රිය වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒක ඒ අයට ලොකු වාසියක්.

 

ගොඩක් අය වාසිය අවාසියක් කර ගන්නවා?

ඔව්, එහෙම වෙන්නේ අද නිර්මාණය වන ගොසිප් එක්ක කියලයි මම හිතන්නේ. කෙනෙක්ගේ චරිතයට හානියක් වෙන්න හෝ හොඳක් වෙන්න ෆේස්බුක් එක ඇත්තටම බලපානවා. ඒ අයගේ වැඩ වලටත්, පෞද්ගලික දේවල් වලටත් ගොසිප් නිර්මාණය වෙන්න ෆේස්බුක් බලපානවා.

 

එක ෆොටෝ ෂූට් එකකින් නිරූපිකාවක් වෙනවද?

ඇත්තෙන්ම නැහැ. ‍එක ෆොටෝ ෂූට් එකකින් නිරූපිකාවක් වෙන්නේ නැහැ. ඒ ගැන හදාරන්න ඕනේ. ලැබෙන අවස්ථාවන් එක්ක තමයි ඉදිරියට යන්න වෙන්නේ. ඉදිරියට යන්න යන්න ඉගෙන ගන්න ඕන ප්‍රමාණය වැඩි වෙනවා. අදටත් මම තවත් මේ ක්ෂේත්‍රය ගැන ඉගෙන ගන්නවා.

 

රංගනයට කැමැත්තක් නැද්ද?

ඇත්තටම මට රංගනය සඳහා ගොඩක් ආරාධනා ලැබුණා. නමුත් ඒ පැත්තට මම කැමැත්තක් නැහැ. කාලය යොමු කරන්න වුණොත් මගේ අනිත් වැඩ සඳහා තියෙන කාලය අඩුවෙනවා.

 

නිරූපණයෙන් පමණද ඔබ ඉදිරියක් හදා ගන්නේ?

මම නිරූපණයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් නැහැ. පෞද්ගලික තෘප්තිය සඳහා විතරයි කටුයුතු කරන්නේ

 

ඒ කියන්නේ ඔබ පෞද්ගලික තෘප්තිය සඳහා නොමිලේද වැඩ කරන්නේ?

නැහැ. නිකන් නෙමෙයි. මට ලැබෙන බජට් එක්ක වැඩකටයුතු කරනවා. පටන් ගත්තේ විනෝදාංශයක් විදිහට. නමුත් මම දැන් ඒ දේවල් කරගෙන යනවා.

 

අද නිරූපිකාවක් සඳහා සාධාරණ මිලක් නියම වෙනවාද?

සමහර අවස්තා වලදි නම් ලැබෙනවා. නමුත් සමහර වඩ වලදිනම් ඇත්තමට මදි. ඉතින් මට හිතෙන්නේ බොහෝ වෙලාවට සාදාරන මිලක් ලැබෙන්නේ නෑ.

 

ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් පිළිබඳව වැරදි වැටහීම් තියෙනවා? ඒ නිසා ක්ෂේත්‍රය තුළ කලකිරීමක් නැද්ද?

ඇත්තටම තියෙනවා. සමහර මිනිස්සු නිරුපිකාවක් කියන කෙනාව වැරදි විදියටයි හිතන් ඉන්නේ. තමන්ට මොඩ්ල් කියලා කියගන්න සමහර පිරිසක් නිසා මේ දේ තවත් වැඩි වෙලා.අපිට වෙන සමහර දේවල් නිසා වෙලාවකට මේ දේවල් එපා වෙනවා.

 

දෙමාපියන්ගේ කැමැත්ත කොහොමද ක්ෂේත්‍රයට ආවාට?

මට ඉන්නේ අම්මා විතරයි. එයාගේ ලොකු කැමැත්තක් තිබ්බේ නෑ මුලින්ම. එත් දැන් නම් මට උදව් කරනවා.

 

ඉදිරි බලාපොරොත්තු?

දැන් නම් මන් මගේම දෙයක් පටන් ගන්න ඕන. හැමදාම මේ දේවල් කර කර ඉන්න ආමරුයිනේ. මන් මගේම ව්‍යාපාරක් පටන් ගන්න තමයි හිතන් ඉන්නේ. තව මියුසික් වීඩියෝ කිහිපයක් ඇවිල්ලා තියෙනවා. ඒදේවලුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

මුලින්ම මගේ අම්මට ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේම මගේ ගුරුවරු මට මේ දේවල් ගැන උගන්වපු අර්ජුන සර්,නිලු මිස්, Lou ching සර්, මගේ හැමදේකටම මාත් එක්ක ඉන්න යාලුවෝ සදින්සා, ඉශු,ශේන්,තිලන්ක, මගේ නංගි, තව එරංගටත් ස්තුති වන්ත වෙනවා මගේ මේ දේවල් වලට සහයෝගය දෙනවට.මෙච්චරවත් දුරක් මට එන්න හම්බෙන්නේ නෑ මෙයාලා නැත්නම්. ඉතිං ඒ හැමෝටම ස්තූති වන්ත වෙන්න ඕනේ.

 

Dilan Chryshantha / Pix - Sajeewa Lakshan

 

 2017-09-21-ent-23 2017-09-21-ent-22 2017-09-21-ent-21 2017-09-21-ent-20