විවාහයෙන් පස්සේ රංගන කටයුතු අත්හැරියේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-1218

කාලයක් රංගන ශිල්පිනියක ලෙස කටයුතු කළ සමාධි පෙරේරා වර්තමානයේ නිරූපිකාවක් ලෙස පෙනී සිටියි. ජනප්රි ය වූ ටෙලි නිර්මාණ කිහිපයක් සඳහාම සිය රංගන දායකත්වය ලබාදුන් ඇය ඉදිරියේදීද නැවත්ත රංගන ශිල්පිනියක ලෙස ප්රේතක්ෂක ඔබ හමුවට පැමිණිමට සූදානමින් සිටියි. මේ දිග හැරෙන්නේ ඇය අප සමග කළ කතා බහයි.

 

සමාධිව අපිට රංගන ශිල්පිනියක් විදිහට දකින්න ලැබෙන නිර්මාණ තියෙනවාද?2019-08-09-ent-1220

ඔව්, ධනුෂ්ක රත්නායක අධ්ය ක්ෂණය කළ ‘හේලි’ කියන ටෙලි නාට්යහයේ මාව දකින්න පුළුවන්. ඊට අමතරව සුමුදු ඇල්ලාවලගේ ‘මනුසත්තු’ කියන ටෙලි නාට්යියට සම්බන්ධ වෙලා වැඩ කළා. මේ ටෙලි නාට්ය ය දෙකම තවම විකාශය වෙලා නැහැ. ඉදිරියේදී ඒ නිර්මාණ හරහා මාව නැවතත් ප්රේ ක්ෂකයන්ට දැකගන්න පුළුවන් වේවි.

 

රංගන ශිල්පිනියක් විදිහට ඔබ පසුගිය කාලේ එතරම් දුටුවේ නැහැ?

ඔව්, මම නිර්මාණවලට දායක වුණේ අඩුවෙන්. නමුත්, මම අන්තිමට කරපු ටෙලි නාට්යකය විකාශ්යි වෙලා අවසන් වුණෞ පසුගිය මැයි මාසේ. ඒ සියත රූපවාහිනියේ විකාශය වුණ ‘මෝදර බඹරු’ ටෙලි නාට්යඅය. ඒ ටෙලි නාට්යඅයෙන් පස්සේ තමයි මම අර කළින් සඳහන් කළ ටෙලි නාට්ය’ය දෙකට දායක වුණේ.

 

විවාහ වීමත් සමග කලාව අත්හැරියාද?

නැහැ, විවාහයෙන් පස්සේ රංගන කටයුතු අත්හැරියේ නැහැ. විවාහයෙන් පස්සේ ‘නිසල සඳ ඔබ’, ‘පැහැසරා’, ‘සංසාරා’ වගේම මෑතකදී විකාශය අවසන් වූණ ‘මෝදර බඔරු’ ටෙලි නාට්යුයවලට සම්බන්ධ වෙලා වැඩ කළා.

 

කලාව පැත්තට යොමු වුණ එක ගැන මොකද හිතෙන්නේ?

කලාව පැත්තට මම යොමු වුණේ අද ඊයේ නෙමෙයි. පොඩි කාලේ ඉඳලාම මම කලා කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කළා. මම විස්වාස කරනවා ඒක මට දෙවියෝ දුන්න දක්ෂතාවයක් කියලා. කලාවට මම ආදරේයි. ඒ නිසා හැමදාමත් කලාවත් එක්ක රැඳිලා ඉන්න තමයි අදහස මගේ.

 

ලැබුණ නිර්මාණ අතරේ සමාධිට යමක් කරන්න පුළුවන් කියලා හිතුණ චරිත ලැබුණද?

ඔව්, ‘මෝදර බඔරු’ ටෙලි නාට්ය යේ කරපු චරිතය ඒකට හොඳම උදාහරණයක්. මගේ රංගන දිවියේ මම කරපු හොඳම රංගනය තමයි ඒක. මගේ වාසනාවට තමයි ඒවගේ චරිතයක් මට ලැබුණ එක්. අන්ධ තරුණියක් විදිහට තමයි මම එහි රඟපෑවේ. ඇත්තටම එය මට විශාල අභියෝගයක් වුණ චරිතයක් වුණා කිව්වොත් හරි. ඒ වගේම ඉදිරියට එන්න තියෙන නාට්යඑය දෙක තුළත් මට යමක් කරන්න හැකි චරිත දෙකක් ලැබිලා තියෙනවා.

 

ඉදිරිය කොහෙම වෙයිද?

සමාධි පෙරේරා කියන කෙනා මේ ක්ෂේත්රඑය තුළ මහා හයියෙන් දුවන කෙනෙක් නෙමෙයි. බොහෝම හෙමින් ගමනක් යන කෙනෙක්. හැමදේම සමබර කරගෙන හොඳ විදිහට ඉදිරියට යන කෙනෙක්. ඉදිරියටත් මම කලා කටයුතු එක්ක ඉන්නවා. ඒ වගේම හොඳ ක්ලාත්මක නිර්මාණ වලට දායක වෙනවා.

 

කලාව පැත්තෙන් ඉදිරියට යන්නද අදහස?

ඔව්, කලාවට මම ගොඩක් ආදරේයි. කලාවෙන් ඈත්වෙලා මට ඉන්න බැහැ. මම භක්තියෙන් අදහන දෙයක් තමයි කලාව කියන්නේ. මොකද මට මේ දේ දුන්නේ දෙවියෝ. දෙවියෝ දුන්න තැග්ග මට අත්හරින්න බැහැ. ඒ නිසා මගේ ජිවීතේ තියෙනකම් කලාවත් එක්ක රැඳිලා ඉන්න තමයි අදහස‍.

 

බුද්ධික සේනාධීර

 

2019-08-09-ent-1217  2019-08-09-ent-1219