විවාහය මඟ හැරුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-18-ent-44

ජීවිත දානය ලබාදීමට නොඑසේ නම් කෙනෙකු මරණයෙන් ගලවා ගැනීමට කටයුතු කරන්නේ නම් එය උතුම්ම ක‍්‍රියාවකි. මේ වගේ උතුම් ක‍්‍රියාවකට දායක වීමට රංග ශිල්පිණී අනූෂා දමයන්තිට පසුගියදා හැකි වුණා.

ඇයගේ ඒ සද්ක‍්‍රියාව නිසා දෙදෙනකුගේ ජීවිත ගැලවුණා. මේ විදියට මරණයෙන් බේරුණු මේ දෙදෙනාගෙන් එක් අයකුගේ නම සුදු හාමිනේ. අනෙක් කෙනා ලකී. කවුද මේ දෙදෙනා. මේ දිනවල තිරගත වන නාලක විතානගේ අධ්‍යක්ෂණයෙන්, ආචාර්ය අරෝෂ ප‍්‍රනාන්දුගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ ‘නිලංජනා’ චිත‍්‍රපටයේ රඟපාන අනූෂා දමයන්තිගෙන් ඒ ගැන විස්තර අපි අහමු.

 

අනූෂා කවුද මේ සුදු හාමිනේ? කවුද මේ ලකී? ඒ ගැන අපට කිව්වොත්?

2017-05-18-ent-45ඒක ඇත්තටම අහඹු සිදුවීමක්. අපේ පුංචි, වසු පැටියෙක් බාරයක් වෙනුවෙන් නිදහස් කරන්න යනවා කියලා මට කිව්වා. ඉතිං ඒ වෙලාවෙ මටත් ඒ වගේ පිනක් කර ගන්න පුළුවන් නම් කියලා හිතුණා. ඒ වෙනුවෙන් වෙසක් පෝය නිසා වෙනදාට වඩා ගාණ වැඩි බව දැනගත්තා කියලත් පුංචි කිව්වා. එහෙම කියලා එයාලා ඒ වසු පැටියා නිදහස් කරන වැඬේට ගියා. පසුවදා බාප්පා හමුවුණාම, අනේ බලන්නකෝ දුව, පැටියෙක් හම්බ වෙන්න හිටපු කිරි අම්මා කෙනෙකුත් මස් කඬේට ගෙනැල්ලා තිබුණනෙ. ඌව නිදහස් කරන්න ලොකු ගාණක් ඉල්ලූවා. අපි ළඟ තිබුණේ පැටවකු බේරා ගන්න මුදල. අපි පැටවකුට අභය දානය දුන්නා කියලා බාප්පා කිව්වා. අනේ දැන් නම් ඒ කිරි අම්මා මරලා ඇති කියලත් කිව්වා. කොයිකටත් ඒ කඬේට කෝල් කරලා බලන්න කීවා. හොඳ වෙලාවට ඒ වෙනකල් කිරි අම්මා මරලා තිබුණෙ නැහැ. ඔන්න ඒ පාර ලොකු මුදලක් මම ගෙවන්න පොරොන්දු වෙලා, පසුව ඒ මුදල ගෙවලා කිරි අම්මාව ගෙන්වා ගත්තා. ඒ සතා හොඳටම බය වෙලා හිටියෙ.

ඒ විදිහට බේරා ගෙන ආව, මේ කිරි මවට පසුවදා පැටවා ලැබුණා. ඒක හරි පුදුම දෙයක්. අපි ඔක්කෝටම ඇති වුණේ නිම් හිම් නැති සතුටක්. පසුව අපි මේ දෙන්නට සුදු හාමිණේ (අම්මා සුදු පාට නිසා* කියන නමත්, වසුපැටවාට (පුතා) ලකී කියලත් නම් දාලා, ඒ දෙන්නම මැරෙන කල් බලා ගන්න කියලා බාර දුන්නා.

 

අනූෂා රංගනයට නොපැමිණියා නම් අද මොන වගේ වෘත්තියක් කරාවිද?

මගේ තාත්තාට ඕනෑ වුණේ මාව නීතිඥවරියක් කරන්නයි. කලාවට මාව උනන්දු කළේ මගේ අම්මා.

රංගනයට නර්තනය නොකළා නම් අනිවාර්යයෙන්ම මම නීති අංශයෙන් ඉදිරියට යන්න ඉඩ තිබුණා. නැත්නම් ගුවන් සේවිකාවක් වෙන්න තිබුණා. මොකද ඒ අංශ දෙක ගැන තමයි මම මුලින්ම හිතුවේ.

 

අද ඒ වෘත්තීන් දෙකම නැහැ?

ඔව්. එහෙම වුණත් අද මම පුදුම වාසනාවන්තයි කියලා හිතනවා.

 

හේතුව ?

ලෝකයේ තියෙන වාසනාවන්තම රස්සාව තමයි අද මම කරන්නේ. මේ කලාවේ රස්සාව කරන්න දක්ෂතාවය ලස්සන විතරක් තිබුණාට වැඩක් නැහැ.

වාසනාවත් තියෙන්නම ඕනෑ. දෙවියන්ට දෙවැනිව පිදුම් ලබන කලාව තරම් දෙයක් තවත් නැහැ. කලාකරුවන්ට මිනිස්සු හදවතින්ම ආදරය කරනවා.

 

මිනිසුන්ගෙන් ඔබටත් ඒ ආදරය ලැබෙනවා ද?

අනූෂා දමයන්ති කියන කලාකාරිය මෙච්චර දුරක් ආවේ ඒ ආදරය නිසයි. ක්ෂේත‍්‍රයට ආවාම බොහෝ කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් පේ‍්‍රක්ෂක කැමැත්ත මාව වඩා ශක්තිමත් කළා.

 

අදටත් කැපිලි කෙටිලි තියෙනවා ද?

ඊයේ වගේම අදටත් හෙටටත් ඒවා තියේවි. දක්ෂයාට සමාජයෙන් ලැබෙන්නේ ඒ විදියෙ ස්වභාවයක් තමයි. නමුත් මම ඒ කිසිවක් දිහා ද්වේෂයෙන් බලන්නේ නැහැ. කරන කාර්යය හොඳින් කිරීම මගේ අරමුණයි.

 

විටෙක නර්තන ශිල්පිනියක්, තවත් විටෙක නිළියක්, විදේශීය ප‍්‍රසංගවලදී සිංදුත් කියනවා. හරියට තුන් ඉරියව්වෙන්ම දක්ෂ ක‍්‍රීඩිකාවක් වගෙයි?

ඔව් එහෙම වුණාට මට නර්තනය හා බැඳී තියෙන දේ වන්නේ රංගනයයි. ගායනය ගැන ලොකුවට හදාරලා නැහැ. නර්තනයට ඉඩක් ලැබුණා. පසුගිය දිනවලත් දෙරණ ස්ටාර් සිටි දායක වුණා. නර්තනය මගේ අධ්‍යාත්මය බවට පත්වෙලා.

 

‘නිලංජනා’ ඔබගේ කී වැනි චිත‍්‍රපටයද?

මේ දක්වා චිත‍්‍රපට 60කට ආසන්නයේ දායක වෙලා තිබෙනවා. මෙහි චරිතය මුලදි සහ පසුවට වෙනස් වුණා. මොකද ඒ වනවිට මගේ කාර්යබහුල බව නිසා දින ලබා දීමට අපහසු වූ නිසා. එය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ සුන්දර ආදර්ශවත් චිත‍්‍රපටයක්.

 

නර්තනය නිසා මේ දක්වා ඔබ බොහෝ ජයග‍්‍රහණ ලබා තිබෙනවා. ඔබගෙ නර්තනය වෙතින් ඔබ දකින වෙනස ගැන කිව්වොත්?

දෙරණ ස්ටාර් සිටි එකේදි පවා බොහෝ දෙනා ආසා කළේ හින්දි බොලිවුඞ් නර්තනයටයි. ප‍්‍රසංගවලදී පවා බොහෝ දෙනා ඉල්ලන්නේ බොලිවුඞ් නර්තනයන්. ඊට අමතරව හොලිවුඞ් නර්තනයෙත් යෙදෙනවා. දැන් ඊට එහා ගියා ලෝකයේ කිසිම නැටුමකට සමකළ නොහැකි වූ අපේ දේශීය නැටුමටත් හුරු වෙලා. පුංචි කාලයේ ඉඳලම බොලිවුඞ් නර්තනය මම මගේ රිද්මයකට ආරයකට අරගෙන නටන්න පුරුදු වුණා. පසුව මගේම විදියට නිර්මාණය කළා. අද දේශීය දේත් රැුගෙන මට කරළියට යන්න අවකාශය විවර වෙලා. ඒ නිසා මගේ රංගන පැතිකඩ වගේම මට ලොකු ගෞරවයක් වගේම ආඩම්බරයක් තියෙන්නේ. එදා ඉඳලම නර්තනයේදී මගේ නිර්මාණ මමම අධ්‍යක්ෂණය කළා.

 

ඔය විදියට නට නටාම ඉන්නද කල්පනාව? විවාහයක් කෙරෙන එකක් නැහැ වගෙයි ද?

විවාහය මොනවා හරි දෙයක් නිසා මඟ හැරුණා. මේ වසරේ ස්ටාර් සිටි නිසා මාස 6ක් විතර ඊට කැප වුණා. තවත් කල් යනවා.

 

සහකරුවා?

තෝරාගෙන ඉවරයි.

 

ලොකු කැටයකට සල්ලි එකතු කරන්නේ මොකටද?

කලා ක්ෂේත‍්‍රයට ආ දවසේ ඉඳලාම පුරුද්දක් ලෙස මගේ බුදු කාමරයේ තිබෙන කැටයට මුදල් දැමීම මගේ පුරුද්දක් වුණා. මම ප‍්‍රසංගයකට හෝ වෙනත් කලා කටයුත්තකදී ලද මුදලින් නෝට්ටුවක් ඒ කැටයට දැමීම පුරුද්දක් වුණා. මෙවර කිරි අම්මා සහ පැටියා බේරා ගත්තෙත් රුපියල් 80,000ක් මුදලක් ගෙවා ඒ විදියට එකතු කළ මුදලින්. එදා සිට මේ විදියට මම කැටයට දාන සල්ලිවලින් සෑහෙන දුරට අසරණයින්ට උදව් කරලා තියෙනවා. එය මා ලබන විශාල ආත්ම තෘප්තියක්. හැකි විදියට අපේ සහෝදර කලාකරුවන් මේ ක‍්‍රමය අනුගමනය කරන්නේ නම් එයින් ලොකු පිනක් කර ගත හැකි බව මගේ පුද්ගලික හැඟීමයි.

 

‘නිලංජනා’ හැර මේ දිනවල ඔබ දැක ගත හැකි වෙනත් නිර්මාණ?

”ලව් යූ බොස්” (සියත ටී.වී), ”බෝධි” (සිරසෙ). තව චිත‍්‍රපට 4ක් තිරගත වීමට නියමිතයි.

 

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

 

2017-05-18-ent-40 2017-05-18-ent-41 2017-05-18-ent-42 2017-05-18-ent-43