විවාහය ගැන උත්තර දෙන්න මම කැමති නෑ
කාලෙන් කාලෙට කලා ක්ෂේත්රයට නොයෙක් නොයෙක් තරු පායනවා. ඒ අතරින් හැමදාම දිදුලන තරු ඉන්නේ බොහෝම කීප දෙනයි. ඒ ආකාරයේ තරුවක් තමයි මහේෂි මධුසංකා කියලා කියන්නේ. ඇයගේ නිර්මාණවලට වගේම ඇයටත් ආදරය කරන විශාල පේ්රක්ෂක පිරිසක් ඇය වටා එක්වෙලා ඉන්නවා. මහේෂි කාලෙන් කාලෙට විවිධාකාරයේ චරිතවලින් පේ්රක්ෂකයා හමුවට එනවා. මේ ඇය සමග කළ කතා බහකි.
මහේෂි ඉතින් කොහොමද?
ම්ම්.... හොඳින් ඉන්නවා. මේ අවුරුද්දේ අන්තිම දවස් ටික ගෙවන්නේ. සිරස නාලිකාවේ විකාශය වෙන පැහැසරා ටෙලිනාට්‍යයේ ෂූටින්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වැඩ ටික තමයි මේ දවස්වල කෙරන්නේ. දෙසැම්බර් මාසේ අන්තිම සතියේ තවත් අලූත් ටෙලිනාට්‍යයක රූගත කිරීම් ආරම්භ කෙරෙනවා.
පැහැසරාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මහේෂි කියන නමට වඩා දැන් ගොඩක් අය මට කතා කරන්නේ පැහැසරා කියලා. පේ්රක්ෂකයින් ආදරය කරන ටෙලිනාට්‍යයක රඟපෑමට ලැබීම ගැන සතුටු වෙනවා.
ඒ වුණාට මහේෂි ගොඩක්ම ජනප්‍රිය වුණේ චායා ටෙලිනාට්‍යයෙන් නේද?
ඔව්. චායා ටෙලිනාට්‍ය කිව්වොත් හරි කියලා හිතනවා. බොහෝ පිරිසක් මාව හඳුනා ගත්තේ චායා ටෙලිනාට්‍යයෙන්. ඒ ටෙලිනාට්‍යයත් විකාශය වුණේ සිරස නාලිකාවේ. මම රඟපාපු අනෙක් ටෙලිනාට්‍යයත් ජනප්‍රිය වුණා. නමුත් චායා කියන චරිතයට මිනිස්සු වැඩිපුර ආදරේ කලා කියලා හිතනවා.
මහේෂි මේ වෙනකොට නිර්මාණ කීයකට දායක වෙලා තියෙනවද?
එහෙම හරියටම මතක නම් නැහැ. චිත්‍රපට නම් 3කට විතර සම්බන්ධ වෙලා තියෙනවා. ටෙලිනාට්‍ය ගණන නම් මට හරියටම මතක නැහැ. විකාශය නොවුණු ටෙලිනාට්‍යයත් හයක් විතර තියෙනවා.
ඒ අතරින් මහේෂි වඩාත්ම ආසාවෙන් රඟපාපු චරිතයක් තියෙනවාද?
එහෙම විශේෂිත වූ චරිතයක් නැහැ. මගේ පළවෙනි ටෙලිනාට්‍ය මුතු වරුසා. ඒක ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණේ. ඒකෙ මම රඟපෑවේ තාරුකා කියන චරිතය. 2008 වසරේ ඒ ටෙලිනාට්‍ය කළේ. 2008 ඉඳන් 2017 කාලය ගත්තොත් අද ඉන්න තැන ගැන ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා. මේ දක්වා කාලය ඇතුළත පේ්රක්ෂකයන්ගෙන් ලැබෙන ආදරයේ කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ ගැන ඇත්තටම ගොඩක් සතුටුයි.
ඒ වුණාට දැන් මහේෂිගේ ජනප්‍රියත්වය අඩුවෙලා කියලා හිතන්නේ නැද්ද?
එහෙම හිතන්න තරම් දෙයක් තවම වෙලා නම් නැහැ.
මහේෂිගේ රංගන කටයුතුවල දී අම්මා මහේෂිත් එක්කම ඉන්නවා. අම්මගෙන් ලැබෙන සහයෝගය මොනවගේද?
මම ක්ෂේත්රයට ආ දවසේ ඉඳන්ම මගේ අම්මා මාත් එක්කම හිටියා. නමුත් දැන් හැම දෙයකටම මම තනියෙන් යන්නේ. අපි ක්ෂේත්රයේ යම්කිසි අඩිතාලමක් හදා ගන්නකන් තමයි වැඩිහිටියෙක් අපේ ළඟින් ඉන්න ඕනේ. මේ ක්ෂේත්රයේ නරකයි කියලා කියන්න කිසිම දෙයක් නැහැ. හරි දේ මොකක්ද? වැරදි දේ මොකක්ද? කියලා අපිම තමයි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මේ ක්ෂේත්රයට එන්නත් ලොකු පිනක් තියෙන්න ඕනේ. ක්ෂේත්රයේ දිගටම රැුඳෙන්න දක්ෂතාවය ඕනේ.
මහේෂිට කොහොමද ඒ වාසනාව ලැබුණේ?
වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා මම ඕමාන්වල තමයි පදිංචි වෙලා හිටියේ. සුනිල් සෝමපීරිස් මහත්මයගේ මුණුපුරා හේෂාන් පෙරේරා මගේ යාළුවෙක්. හේෂාන්ගේ මාමා තමයි සුදේෂ් වසන්ත පීරිස් මහත්තයා. ඔහුගේ ‘ජීවිතේ ලස්සනයි’ ෆිල්ම් එකේ රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒ විදියට තමයි කලා ක්ෂේත්රයට එන්න මට වාසනාව උදාවුණේ.
මහේෂි ආඩම්බරයි කියන්නේ ඇත්තද?
අපිව අඳුරන අය වගේම අඳුරන්නේ නැති අයත් ඉන්නවා. ඒ වගේම ලංකාවේ ටෙලිනාට්‍ය බලන්නේ නැති අයත් ඉන්නවා. මාත් එක්ක කතා කරන්නේ නැති අයත් එක්ක මට බලෙන් කතා කරන්න බැහැනේ. ඒ නිසා මාත් එක්ක කතා කරන හැමෝමත් එක්ක මම කතා කරනවා. මාත් එක්ක හිනාවෙන අයත් එක්ක වගේම හිනා නොවෙන අයත් එක්කත් මම හිනාවෙනවා. ඉතින් මම පොඞ්ඩක්වත් ආඩම්බර නැහැ.
මහේෂි කියන්නේ ලැබෙන ඕනෑම චරිතයක් බාර ගන්න කෙනෙක්ද?
මම කියන චරිතය තුළ මම ජීවත්වෙන නිසා ලැබෙන ඕනෑම චරිතයක් බාර ගන්නේ නම් නැහැ. පේ්රක්ෂකයන් ආදරය කරයි කියලා හිතෙන චරිතයක් නම් ඒ චරිතය තුළින් සමාජයට යම්කිසි පණිවිඩයක් ලබාදිය හැකි නම් ඒ ඕනෑම නිර්මාණයකට සම්බන්ධ වෙන්න මම කැමතියි.
විවාහ උත්සවය තවම ගත්තේ නැහැ නේද?
ඒකට උත්තර දෙන්න මම කැමති නැහැ.
මේ දක්වා රඟපෑවේ නැති රඟපෑමට ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවද?
ඔව්. මුතු වරුසා ටෙලිනාට්‍යයේ කලා වගේ ගැමි චරිතයක් කරන්න මම ආසයි. ඒ වගේ චරිතයක් කරන්න නම් ඒ වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්නත් ඕනේ. නමුත් මම ආසයි එවැනි ගැමි චරිතයක් රඟපාන්න.
මහේෂි රංගනයට අමතරව තව දක්ෂ මොනවටද?
මම හිතන විදියට මම නර්තනයටත් දක්ෂයි.
රූගත කිරීම් අතරතුර සිදුවුණ අමතක නොවන සිදුවීම් තියෙනවද?
කිතුල්ගල ප්‍රදේශයේ එක්තරා ටෙලිනාට්‍යයක රූගත කිරීමක් තිබුණා. ඒ අවස්ථාවේ බෝට්ටුව පෙරලෙන දර්ශනයක් තිබුණා. එවැනි දර්ශනයක් තියෙනවා කියලා මම කලින් දැනගෙන හිටියේ නැහැ. අධ්යක්ෂවරයත් ඒ ගැන අපිව දැනුවත් කරලා තිබුණේ නැහැ. අපි බෝට්ටුවේ යනකොට එක පාරටම බෝට්ටුව පෙරලූණා. ඒ දවස්වල මට පිහිනන්නත් බැහැ. මට හුස්මගන්න බැරුව ගියා. හැබැයි කට්ටිය ඇවිල්ල මාව බේරා ගත්තා. එදා නම් මම ගොඩක් බයවුණා.
ලංකාවේ සම්මාන උළෙලවල් ගැන මොකද හිතන්නේ.
ඉතාමත්ම සතුටුයි. ඒ ගැන මට පුදුමාකාර සතුටක් තියන්නේ. නිසි පුද්ගලයාව නිසි ඇගයීමකට ලක් කිරීම ගැන ඉතාමත්ම සතුටු වෙනවා. රංගන ශිල්පියෙක්ට සම්මානයක් ලබාදීම තුලින් ඔවුන්ව ඇගයීමට ලක්වෙන නිසා නිසි විදියට ඒ දේ කෙරෙනව නම් තවත් හොඳයි කියලා හිතනවා.
මහේෂිට සිනමාවට ආරාධනා ලැබෙන්නේ අඩුවෙන්ද?
නැහැ. ඒක මගේ වැරැුද්දක්. මම ක්ෂේත්රයට සම්බන්ධ වුණේ චිත්‍රපටයක් හරහා. ඒ හරහා ක්ෂේත්රයට ඇවිල්ලා මගේ පළවෙනි චිත්රපයට තිරගත වන තෙක් මම හිටියේ නැහැ. මම තවත් ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණා. සිනමාවෙන් ආරාධනා ලැබෙනවා. හැබැයි ටෙලිනාට්‍යවලට තරම්ම නැහැ. ඉදිරියේදී බලමු ඉතින්.
සරලව කිව්වොත් මහේෂි කියන්නේ කවුද?
මහේෂි කියන්නේ ඇත්තටම බොහොම සංවේදී කෙනෙක්.
පේ්රක්ෂක ආදරය කොහොමද දැනෙන්නේ?
මම හිතන්නේ රංගන ශිල්පියෙක්ට පේ්රක්ෂක ආදරය තරම් වටිනා දෙයක් තවත් නැහැ. පේ්රක්ෂකයන්ගේ ආදරය නැතිව අපට මේ ගමන යන්න අමාරුයි. අපි පේ්්රක්ෂකයන්ට හරි දේ දෙනව නම් ඔවුන්ගේ පේ්රක්ෂක ආදරය හැමදාම ලැබෙනවා.
මහේෂි මෙදාපාර නත්තල කොහොමද ගත කරන්න හිතාගෙන ඉන්නේ?
මම බෞද්ධාගමිකයෙක්. නත්තල ගැන එහෙම ලොකු ප්ලෑන් එකක් නම් නැහැ. නමුත් අපේ රූපවාහිනි නාලිකාවල විවිධ උත්සව තියෙනවා. ඒවාට සම්බන්ධ වෙන්න ආධාරනා ලැබිලා තියෙනවා. ඒ නත්තල් උත්සවවලට සම්බන්ධ වෙලා නත්තල සතුටින් ගත කරන්න බලපොරොත්තුවෙන් ඉන්නවා.
සඳුනි ඉමල්කා