විවාහක රූරැජිණ තරගයට ඉදිරිපත් වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-06-ent-24

නිරූපණ ක්ෂේත්‍රයට ආධුනිකයෙකු වන මොනිෂා රත්නායක සමගින් අද "සාරවිට" තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණේමු. දැනට වෙළෙඳ දැන්විම් බොහෝමයක් නිතර දකින මොනිෂා නිරූපනණ ශිල්පිණියක ලෙස දිගු ගමනක් යන්නට අපේක්ෂාවෙන් පසුවන්නියකි. එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන විවාහක රූපරාජිණි තරගයට පිවිසීමද ඇයගේ තවත් එක් ඉලක්කයක්ද වි තිබේ. මේ ඒ පිළිබඳව ඇය අපිට පැවසු වදන්ය.

 

නිරූපණ ශිල්පිණියක් වුණේ?

2017-03-06-ent-282015 අවුරුද්දේ. තාමත් මන් ක්ෂේත්‍රයට ආධුනික කෙනෙක්.

 

ක්ෂේත්‍රයට පිවිසුණේ?

ඩිලොන් ද සිල්වාගේ මාර්ගයෙන් තමයි නිරූපණ ක්ෂේත්‍රයට පිවිසුණේ.

 

දැනට දායක වෙලා තියෙන කලා නිර්මාණ?

වෙළෙඳ දැන්විම් බොහෝමයකට පෙනි ඉඳලා තියෙනවා. ජාතික ලොතරුයි මණ්ඩලය, ලංකා ඉන්ෂුරන්ස්, සෙලාන් බැංකුව කියන ආයතන හරහා කරපු වෙළෙඳ දැන්විම් වලට මම පෙනි ඉඳලා තියෙනවා.

 

කෙටි චිත්‍රපටයකත් ඔබ දායක් වුණා?

ඔව්, මෑතකදී තමයි ඒ කටයුත්තට දායක වුණේ. නමුත්, තවමත් එය ප්‍රදර්ශනය වුණේ නැහැ.

 

නිරූපණ ශිල්පිණියක් වුණේ?

මම පොඩි කාලේ ඉඳලා නිරූපණයට ගොඩක් කැමති කෙනෙක්. ඒ ආසාව නිසා තමයි මම නිරූපණය පැත්තට යොමු වුණේ. නමුත්, මම නිරූපණයට වගේම රඟපාන්නත් ගොඩක් කැමති කෙනෙක්.

 

පාසල් යන කාලේ කලාව පැත්තට තිබුණේ මොන වගේ නැඹුරුවක්ද?

පාසල් යන කාලේ නම් ගොඩක්ම මම ලැජ්ජාශිලි කෙනෙක්. ඒත්, වෙළෙඳ දැන්විමකට පෙනි සිටින්න අවස්ථාව ලැබීමත් එක්ක නිරූපණය පැත්තට යම් ආසාවක් මතු වුණා.

 

ඔබ විවාහක කෙනෙක්. ඉතින් නිරූපණ ක්ෂේත්‍රය ඔබට සුදුසුයි කියලා හිතනවාද?

අපි හරියට මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා කටයුතු කරනවා නම් එහෙම ගැටළුවක් මතු වෙනවා කියලා මම හිතන්නේ නැහැ.

 

පෞද්ගලික ජිවීතේ ගැන ටිකක් කතා කරමු?

මට අවුරුදු 28යි. දැන් මම විවාහකයි. මගේ සැමියා බැංකුව සේවය කරනවා. අවුරුදු 7ක් මම ගුරුවරියක් විදිහට සේවය කරලා තියෙනවා.

 

ඉදිරි ඉලක්ක තියෙනවාද?

ඔව්, මගේ එකම හා ලොකුම ඉලක්කය තමයි ඉදිරියේදී පැවැත්වීමට නියමිත %විවාහක රූරැජිණ^ තරගයට ඉදිරිපත් වෙන එක. ගොඩක් ආසයි එවැනි තරගයකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණයක් ලබාගන්න.

 

උදව් කළ පිරිසකුත් ඇති?

ගොඩ දෙනෙක් ඉන්නවා. මේ ක්ෂේත්‍රයට රන්න අත දිපු ඩිලොන් ද සිල්වා විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. ඊට අමතරව මගේ අම්මා, මගේ සැමියා, X 10 වෙළෙඳ දැන්විම් ආයතනවේ නිශාන්ව වගේම මගේ මිතුරු මිතුරියන් සියලු දෙනාව මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරනවා.

 

බුද්ධික සේනාධීර

 

2017-03-06-ent-25
2017-03-06-ent-26
2017-03-06-ent-27