විවාහක කෙනෙකුට ඇයි මේ ක්ෂේත්‍රය සුදුසු නැත්තේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200902-16

කාලයක සිට නිරූපණ ක්ෂේත්‍රය තුළ දකින ඉෂි ඉදංතොට මෙවර "සාරවිට" තරු කතාබහට අපි සමග සම්බන්ධ වුණේමු. පසුගිය කාලයේ තරමක් අඩුවෙන් නිරූපණ ක්ෂේත්‍රය තුළ ඇය දුටුවද මේ වනවිට ඉෂි නැවතත් සුපුරුදු පරිදි සිය නිරූපණ කටයුතුවලට සම්බන්ධව සිටින බව සඳහන් වෙයි. අපි ඒ ගැන ඇයගෙන් මුලින්ම විමසුවා.

ENT-20200902-17

නිරූපණයට සම්බන්ධ වෙලා දැන් කොච්චර කල්ද?

මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ 2016 වසරේදී. ඒ කියන්නේ "නිලූ" නිරූපණ ඇකඩමිය හරහා. ඊට පස්සේ නිරූපිකාවක් විදිහට මම %මිස් යුනිවර්ස්^ තරගයට සහභාගි වුණා. එහිදි මම එම තරගාවලියේ හොඳම අවසන් තරගකාරියන් පස් දෙනා අතරට ආවා. එම තරගයේදීම %බොස්ට් ෆිගර්^ කියන අංශයේ කිරූළ හිමි වුණේ මට.

 

මේ ගෙවුණ කාලය තුළ ඔබ නිරූපිකාවක් විදිහට සාර්ථකද?

ඔව් මම හිතනවා මම සාර්ථක නිරූපණ ශිල්පිනියක් කියලා. මම මට හැකි උපරිමයෙන්ම ගෞරවයක් ඇතිව මේ ක්ෂේත්‍රය තුළ රැඳි සිටිය කෙනෙක්.

 

වර්තමානයේ ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ඔබ දකින විදිහ?

වර්තමානය ගැන කතා කරද්දි නම් කළකිරේනවා. මොකද, කිසිම දැනුමක් නැති පොටෝ ෂුට් එකක් කළ පළියට මම මොඩල් කෙනෙක් කියා ගන්න ගොඩක් පිරිස් අද වෙද්දි මේ ක්ෂේත්‍රය තුළ බිහි වෙලා ඉන්නවා. ඒ ගැනනම් පුදුම කලකිරීමක් තමයි තියෙන්නේ. මොකද, හරි විදිහට මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරන කෙනෙක්ට වත් මේ දේවල් නිසා අද තැනක් නැහැ.

 

විවාහක කාන්තාවකට සුදුසුද නිරූපණ වෘත්තිය?

විවාහක කෙනෙකුට ඇයි මේ ක්ෂේත්‍රය සුදුසු නැත්තේ. පවුල් ජීවිතේ වැදගත්ම දේ තමා දෙන්නා අතර තියෙන විශ්වාසය වගේම අවංක කම. මම ගැන කතා කරද්දි මට මගේ සැමියා ගෙන් කිසිම බලපැමක් එල්ල වෙලා නැහැ. අපි තේරුම් අරන් ජිවත් වෙනවා. ඒක නිසා මම මගේ පැත්තෙන් බැලුවොත් විවාහක කෙනෙකුට මේ ක්ෂේත්‍රයේ රැඳිලා වැඩ කරන එක කිසි වරදක් නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මෙහි රැඳෙන්න දන්නේ නැති නිරූපිවාකට, තමන්ගේ සීමාව ඉක්මවලා යන අයට මේ ක්ෂේත්‍රය සුදුසු නැහැ. එහෙම අය ඉන්න එකත් මේ ක්ෂේත්‍රයට ලොකු බලපෑමක්. මොකද එහෙම වුණාම ඒ දිහා මිනිස්සු බලන්නේ වැරදි කෝණයකින්.

 

නිරූපිකාවට අද මිලක් තියෙනවාද?

ඇත්ත වශයෙන්ම, කිව්වොත් මුලදි මිලක් තිබ්බා. කියන්න කණගාටුයි සමහර ගැණු ළමයි නිසා දැන් ඒ තත්ත්වය පහළ බැහැ තියෙනවා කිව්වොත් හරි.

 

කතාවක් තියෙනවා නිරූපිකාවක් අද මුදලට විකිණෙනවා කියලා?

ඒ කතාවේ ඇත්තක් තියෙනවා. මොකද කිසි දෙයක් තේරුමක් නැති මේ ක්ෂේත්‍රයට ආධුනික ගැහැණු ළමයි එනවා නේ. අන්න එයාලා තමයි ඔය කියන කොටසට වැටෙන්නේ.

 

නිරූපිකාවක් විදිහට ඔබ පූර්ණකාලිනව යෙදෙන්න කැමති නැද්ද?

නිරූපණය කියන්නේ මගේ රැකියාව. හැබැයි මගේ ප්‍රධාන ආදායම් උපයන වෘත්තිය නෙමෙයි. මම දැන් රූපලාවන්‍ය ශිල්පිනියක්. මට මගේම කියලා සැලුන් එකක් තියෙනවා. මම තව ටික කාලයකින් විදෙස්ගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ කිව්වේ මගේ සැමියා ඉන්නේ ඔස්ට්‍රේලියාවල. ඉතින් ඔහුත් එක්ක එහේ ගත කරන්න තමයි දැන් මම සැලසුම් කරල තියෙන්නේ.

 

බුද්ධික සේනාධීර

 

ENT-20200902-13 ENT-20200902-14 ENT-20200902-15