විදුෂි උත්තරා කියන නම මට දැම්මේ ශි්රයන්ත මාමා
මේ සුන්දර විදුෂි උත්තරා ප්‍රගුණ කරලා තියෙන්නෙ ස්වර්ණාභරණ නිර්මාණ කලාවයි. නමුත් ඇයගේ සුන්දර පෙනුම නිසාම රඟපෑමට ලැබුණු ආරාධනා බොහොම වුණා. මේ නිසාම ඒ ආරාධනා පිළිගෙන රඟපෑමට ආ විදුෂිගේ රුව බොහෝ දෙනෙකුට ආගන්තුක නැහැ. එක අතකට රඟපෑමත් ඇයට ආගන්තුක දෙයක් නොවන්නෙ උපන්දා සිටම ඒ පරිසරයෙ හැදී වැඩුණ නිසයි. කුසුම් රේණු ප්‍රවීණ රංගන ශිල්පිනිය තමයි විදුෂිගෙ නැන්දා. කුසුම් රේණු ශිල්පිනියගෙ බාල මල්ලිගෙ බාල දියණිය වන්නේ මේ විදුෂියි. රූපවාහිනී වෙළඳ දැන්වීම් සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක ලෙස අද කලා ක්ෂේත්රයට පැමිණ සිටින මේ හැඩකාරිය සැඳැල්ලට ආ මොහොතකි මේ.
‘‘විදුෂි උත්තරා’’ ඔබට මාමා දැම්ම ඒ නම ගැන කොහොමද හිතන්නෙ?
ශි්රයන්ත මාමා ඒ නම මට දැම්මෙ අරුතක් ඇතිවයි. ඉතින් මම හිතන්නෙ අද වන විට මම එය යථාර්ථයක් කරමින් සිටිනවා කියලයි.
එහි තේරුම කිව්වොත්?
විදුෂි උත්තරා කියන්නෙ ‘‘විද්‍යාවෙන් දුර දක්නා නුවණ’’ ඇති යන තේරුමයි.
විද්‍යාවෙන් දුර යන්න පුළුවන් වුණාද?
විද්‍යාවම නෙවෙයි. ජීවිතයේ නම් මම හොඳට දුර හිතලා වැඩ කරන කෙනෙක්. තීන්දු තීරණ ගත්තෙත් හොඳට දුර දිග බලලයි. විෂයයක් හැටියට නම් පාසලේදී මම විද්‍යා විෂයට දක්ෂ වුණේ නැහැ.
විදුෂිගෙ අරමුණ වුණේ?
මට අවශ්‍ය වුණේ ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණ ශිල්පිනියක වීමටයි. ඉතින් ඒ වෙනුවෙන් හදාරා එම අංශයේම රැකියාවකුත් කළා.
දැන් ඒ රැකියාව කරන්නෙ නැද්ද?
අපේ අම්මගෙ ලොකු ආසාවක් වුණේ මාත් කලා අංශයට එනවාටයි. නිරන්තරයෙන්ම ආරාධනා එහෙමත් ලැබුණාම ඒ ආරාධනා බාර ගන්න හිතුණා.
මුලින්ම රූපවාහිනී දැන්වීම් එක්ක තමයි ක්ෂේත්රයට ආවේ. පසුව ටෙලිනාට්‍ය ක්ෂේත්රයට ආවා. මුලින්ම ‘සතර ඉම ගිණි’ නාට්‍යයේ රඟපාද්දී මගේ වයස අවුරුදු 14ක් විතර ඇති. එයින් පසුව නැවතත් රංගනයෙන් ඉවත් වුණා. තාත්තා කිව්වේ මුලින් පාසලේ අධ්‍යාපනය හොඳින් කරන්න කියලයි පාසල් අධ්‍යාපනයෙන් පසුව ආයෙමත් මම රංගනයට ආවේ. ‘‘දෙවියන්ගේ රටේ’’ නාට්‍ය සමගයි. එය විකාශයට නියමිතයි. ඉන්පසුව විකාශයට නියමිත ‘‘සැරද සිරිනද’’ නාට්‍යයෙත් රඟපෑවා. හැබැයි දැන් බොහෝ දෙනෙක් දන්නෙ මේ දිනවල විකාශය වන ‘‘දෙවැනි ඉනිම’’ නිසයි.
‘විදුෂි’ ගෙ පවුලේ විස්තර කිව්වොත්?
මගේ අම්මයි - තාත්තයි, අක්කයි - මමයි. මගේ අක්කා දිළිනි රංගනා මාධ්‍යවේදිනියක්.
ඔබගේ නැන්දා කුසුම් රේණු, ඔබ රඟපෑමේ අංශයට එනවට මොනවද කිව්වේ?
නැන්දා හරි සතුටු වුණා. රඟපෑමේ අංශය නරක තැනක් නෙවෙයිනේ. අපි හරි දේ තෝරා ගෙන හරි ගමනක් යමු කියලා නැන්දා මට ආශිර්වාද කළා. කලබල නොවි හෙමින් ගමන හොඳයි කියලා කිව්වා.
නැන්දා එක්කත් රඟපාලා තියෙනවද?
මම රඟපෑ පළවැනි ටෙලිනාට්‍යයේ නැන්දත් රඟපෑවා. ඒත් මගේ අම්මා විදියට ඒ නාට්‍යයේ රඟපෑවෙ මල්කාන්ති ජයසිංහ නැන්දා.
රඟපෑමට විතරමද දක්ෂ?
නර්තනයට සහ ගායනයටත් දක්ෂයි. ඒ අංශ ප්‍රගුණ කරමින් ගමනක් යන්න ආසයි. මේ දිනවල සිරස රේඩියෝ එකේ ”රන් මුද්දක් හැඬුවා” නාට්‍යයේ චරිතයකටත් හඬ කවනවා.
විදුෂිගේ අරමුණ දිගටම රඟපෑමේ නිරත වන්නද?
ඔව්. එම අංශයෙන් දිනෙන් දින හදාරමින්, ප්‍රගුණ කරමින් දිගු ගමනක් යන්න ආසයි.
විදුෂි මොනවගේ කෙනෙක්ද කියලා ඇහුවොත්?
හරිම කෙළින් කතා කරන හරිම සැහැල්ලූවෙන් සිටින චරිතයක්. ජීවිතයට අරුතක් දෙන්න වගේම මගේ ජීවිතයෙන් සමාජයට නිතරම යහපතක් කරන්න කැමතියි. මම හිතන්නේ මම ආදරණීය දියණියක් කියලයි.
ඔබගේ පි‍්‍රයතම නිළිය කවුද?
දීපිකා පදුකෝන්.
එතකොට නළුවා?
හේමාල් රණසිංහ.
ශි්රයන්ත මාමා රඟපෑ චරිත අතරින් වඩා කැමති?
”හිරුට මුවාවෙන්” නාට්‍ය නැවත විකාශය වුණා. එහි මාමා රඟපෑ චරිතයට අදටත් මම ආසයි.
නැන්දා කුසුම් රේණු රඟපෑ චරිත අතරින්?
නෝනාවරුනි - මහත්වරුනි නාට්‍ය මාලාවේ මධුරිගේ චරිතයට ආසයි.
දෙවැනි ඉනිමේ ‘මල්කි’ ගැන හිතෙන්නෙ කොහොමද?
දඟකාර තරුණ්‍යයේ හැඩකාර තවත් චරිතයක්. ඒ නාට්‍යයට සම්බන්ධ වීමට ලැබීම ඇත්තෙන්ම භාග්‍යයක්. සාරංග මෙන්ඩිස් අයියාට මගේ ගෞරවය පුදන්නට ඕනෑ. මගේ අම්මාත්xතාත්තාත් මට ඒ වෙනුවෙන් උදව් කළා. මගේ ගෞරවය එයාලට පුදකල යුතුමයි.
ජීවිතය ගැන හිතෙන්නේ කොහොමද?
හරිම සුන්දර දෙයක්. කාටවත් වරදක් නොකර අපි ජීවත් වීම නිසා තමයි ඒ සුන්දරත්වය ලැබෙන්නෙ.
පේ‍්‍රමය කියන්නෙ?
ආදරය කියන්නේ කරුණාව, විශ්වාසය ඒ සියල්ල එක්ක. ඒත් ආදරයට මම හරිම ලෝභ කෙනෙක්. ඒක විස්තර කරන්න මට තේරෙන්න නැහැ. ආදරය මට බොහොම ඕනෑ කියලා හිතන කෙනෙක්. මමත් හරිම ආදරණීයයි. අනෙක් පැත්තෙනුත් එය බලාපොරොත්තු වෙනවා. මම මට ආදරය කරන මගේ පවුලේ අය ඇතුළු මගේ වටපිටාවේ සිටින හැමෝටම මම හරි ආදරෙයි.
සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ