'වැවට නාන්න ගියාම මාව ගොඩට ගන්නවා බොරු'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-06-ent-07

‘‘සිනෙති අකිලා’’ ඇයගේ නම වුවද, වැඩිදෙනා ඇය හඳුනන්නේ ‘‘කළු එතනා’’ නමිනි. තිරගතවූ ‘‘සිරිපැරකුම්’’ චිත‍්‍රපටයේ කළු එතනා ලෙස පෙනී සිටියේ ඇයයි. එදා කළු එතනා වූ සිනෙති අකිලා ගැන අද බොහෝ දෙනා කතා කරන්නේ ආචාර්ය සෝමරත්න දිසානායකගේ අධ්‍යක්ෂණයෙන්, රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වී මේ දිනවල තිරගත වන ‘‘සරිගම’’ නිසයි.

‘‘මේ ඊයේ පෙරේදා දවසක මම ගාලූ ගියා. ඇත්තටම මට මාවම අදහා ගන්න බැරිවුණා. කවදාවත් එච්චරටම ප‍්‍රතිචාර බලාපොරොත්තු වුණේ නැහැ. ඒක ඇත්තටම හරිම සතුටට දෙයක්.’’

සරිගම ඕලූ නිසා සිනෙතිට ලැබෙන ප‍්‍රතිචාර ගැන අද ඇය කියන්නෙ ඒ විදියටයි. මේ සිනෙති ඒ නිසාම අපි සඳැල්ලට කැඳවාගෙන ආවෙමු.

 

‘‘සිනෙති’’ ඔබ ගැන විස්තර ටිකක් කිව්වොත්?

2017-02-06-ent-01මම උපන්නෙ නම් කොළඹදී. ඒත් හැදී වැඩුණෙ අම්මගෙ ගම වන කුරුණෑගලදීයි. නමුත් දැන් පදිංචිය කඩවත. පවුලේ අම්මයි x මමයි සහ මට තව අම්මලා පස්දෙනෙක් ඉන්නවා. (ඒ මගේ ලොකු අම්මලා)

 

සිනෙති හැර තව නම් තියෙනවද?

සිනෙති අකිලා ලංසකාර. හැබැයි අද ඉතිං හැමෝම වගේ කතා කරන්නෙ ඕලූ කියලයි.

 

මේ දිනවල මොනවද කරන්නෙ?

‘‘සේයා’’ චිත‍්‍රපටයේ රූගත කිරීම් වලට දායක වෙනවා. ඊට අමතරව ‘‘සිතැත්තී’’ ටෙලිමාලාවේ රූගත කිරීම් වලටත් දායක වෙනවා. ඊටත් අමතරව තව ලොකු වැඩක යෙදිලා ඉන්නෙ.

 

ඒ මොකක්ද?

‘‘සරිගම’’ චිත‍්‍රපටයේ ප‍්‍රචාරක කටයුතුවලට දායක වෙනවා.

 

රැකියාවක් ලෙස මොනවද කරන්නෙ?

වෘත්තීය රංගන ශිල්පිනියක්.

 

චිත‍්‍රපටවලට විතරද වැඩිපුර දායක වෙන්නෙ?

එහෙමම නැහැ. ටෙලිනාට්‍ය කීපයක්ම විකාශය වුණා. මීදුම් අම්මා සහ ස්වර්ණවාහිනියෙ විකාශය වන වැලිඔටුන්න, රිදී හුය (විකාශයට නියමිතයි)

 

රඟපෑම හැර වෙන මොනවද කරන්නෙ?

භාෂා ඉගෙන ගන්න ආසයි. මේ දිනවල ජපන් භාෂාව හදාරනවා.

 

ඇයි ජපානයට යන්නද කල්පනාව?

ආසාවක් තිබුණා. මොකද කිව්වොත් උසස් පෙළටත් ජපන් කළා. ඒ ආසාව තවම අත්හැරලා නැහැ. ඊට අමතරව දමිළ භාෂාවත් හදාරන්න සූදානමින් සිටින්නෙ. කලා ක්ෂේත‍්‍රයට එය ඉතා වැදගත්.

 

චිත‍්‍රපට කීයක විතර මේ වන විට රඟපාලා තියෙනවද?

රන්සයුර, රන්දෝනි සහ සෝමරත්න දිසානායක ශූරීන්ගෙ තවත් චිත‍්‍රපටයක රඟපෑවා. රන්සයුර ලබන මස තිරගත වීමට නියමිතයි.

 

දැන් වයස එහෙම

23 යි.

 

වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ? චිත‍්‍රපට සඳහාද? ටෙලි නාට්‍යවලටද?

සිනමාවට තමයි.

 

ඕලූ ගැන කොහොමද හිතන්නෙ?

ඕලූ ඉතින් තවම ළමයෙක්නෙ. ‘‘සරිගම’’ නැරඹුවොත්, ඕලූගෙ හැඩ වගේම මුළු චිත‍්‍රපටයේම රසය විඳින්න පුළුවනි. ඕලූ ආදරය බලාපොරොත්තු වන නව යෞවනයට පිවිසෙන චරිතයක්. හරිම ආදරණීයයි.

 

සිනෙති කියන්නෙ?

ඇස් තුනකින් බලන කියන එකයි. නමුත් සමහර අය කියන්නෙ ‘‘සිත් නෙත්’’ ඇද ගන්නා යන තේරුමයි.

 

 ‘‘සිනෙතිට’’ හිතෙන විදියට, කොහොම කෙනෙක්ද?

මම ඉතිං හැම දෙයක් ගැනම දෙපාරක් හිතලා කරන කෙනෙක්. ඒත් වැරදුණ අවස්ථාත් ඇති. කොහොම වුණත් කලබල නොවී දෙපාරක් හිතන්න කැමති කෙනෙක්. එහෙම හිතලා වැඩ කරන්න කැමති කෙනෙක්. මම හරි සරලයි, එදිනෙදා කාලා බීලා බොහොම සරල ජීවිතයක් ගත කරන්න කැමති කෙනෙක්. හැබැයි එදිනෙදා කරන වැඬේ හරියට කරන්න උත්සාහ ගන්න කෙනෙක්. බලාපොරොත්තු ගොඩාක් තියාගෙන ජීවත් වන කෙනෙක්් නෙවෙයි.

 

ඇයි බලාපොරොත්තු නැත්තෙ?

2017-02-06-ent-06තවම ඒ ගැන හිතන්න තේරෙන්නෙ නැතුව ඇති. මම ආසා අදට නියමිත දේ හරියට කරන්නයි.

 

විසේකාර චරිතයක් කියලත් කිව්වොත්?

ගමේනෙ හැදී වැඩුණෙ. පඬුවස්නුවර. ඉතින් ඇලේ දොලේ ඇවිදලා, වැවේ පැනලා නාලා, දඟකළ චරිතයක්. නාන්න ගියාම වැවෙන් මාව ගොඩගන්නවා බොරු. ඉතිං අම්මලා එනවා මාව හොයන්න. ළමයි එක්ක හරිම විනෝදයෙන් ගත කළා.

 

සරිගම ‘‘ ඕලූ’’ කියන රසවත් දෙබසක් කියමුද?

‘‘ආදරණීය මයිකල් නැවතීම...

කවදාවත් අපේ ආදරේ...

නැවතීමක් නෑ... නැවතීම

මීට ආදරණීය ඕලූ...

නැවතීම...

 

ඉතිරි ටික ‘‘සරිගම’’ නරඹලාම අහන්න එන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා.

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 

 2017-02-06-ent-05
2017-02-06-ent-03
2017-02-06-ent-02
2017-02-06-ent-04