වැරදි විදිහට යනවානම් ගමන ඉක්මනින් යන්න පුළුවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-07-ent-25

සිය රැකියාව තම ආශාව නිසා අතහැර ඒ වෙනුවෙන් කාලය ගත කරන කෞෂි වික්‍රමසිංහ කෙටි කාලයක් තුළ නිරූපණ ක්‍ෂේත්‍රය තුළ සෙමින් ගමනක් යෑමට සැරසෙයි. තවමත් නව යොවුන් වියේ පසුවන කෞෂි ඇගේ ඉදිරි කලා කටයුතු පිළිබඳ ‘සාරවිට’ අපට පැවසුවේ මෙවැන්නක්.

 

මුලින්ම ඔයාව හඳුන්වා දුන්නොත්?

2017-02-07-ent-26මගේ නම කෞෂි වික්‍රමසිංහ, මගේ වයස 23 මම ඉන්නේ පිළියන්දල. ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි මමයි.

 

රැකියාවක් කරනවාද? නැත්තම් ඉගෙන ගන්නවාද?

ඉගෙන ගෙන ඉවරයි. රැකියාවක් කළා. දැන් කරන්නේ නැහැ. මොකද නිරූපණ කටයුතු නිසා මට දෙකම හරියට කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා දැන් සම්පූර්ණ වශයෙන් නිරූපණ කටයුතුවලට යොමුවෙලා තියෙන්නේ. ඒ මගේ ආසාව නිසා.

 

කොයි කාලේ වගේද නිරූපණය ආවේ?

ඇත්තටම නිරූපණයට එන්න ලැබුණේ 2016 අවුරුද්දේ මුල් කාලයේදී අහම්බෙන්. මගේ පොඩි කාලේ ඉඳලම බලාපොරොත්තුවක් තිබුණේ රූපලාවණ්‍ය ශිල්පිනියක් වීමයි. ඉතිං මේ ක්ෂේත්‍රයට පැමිණීම අහඹු සිදුවීමක් සහ මං ආදරෙයි සහ ආසයි මේ ක්ෂේත්‍රයට.

 

දැනට දායක වුණ දේවල් ගැන කතා කළොත්?

ඇත්තටම දැනට ටෙලිනාට්‍ය තුනකට මේ වනවිට සුළු වශයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයකට දායක වෙලා තියෙනවා.

 

ගෙදරින් කැමැත්ත දුන්නාද?

වැරදි දෙයක් නෙවෙයිනේ කරන්නේ, ඉතිං කිසිම බලපෑමක් නැහැ. මොකද මං කොහේ ගියත් අනිවාර්යයෙන්ම මගේ අම්මා එතන ඉන්නවා. මොකද මගේ අම්මා මගේ ළඟින් ඉන්න එකත් මගේ හැම වැඩක්ම සාර්ථකව කරගන්න ලොකු ශක්තියක්.

 

මොකද නිරූපණය ගැන හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් හොඳ කලාවක්. ඒක හරියට කරනවානම් මං හිතනවා සාර්ථකයි කියලා. මොකද ලංකාවේ ගොඩක් ඉන්නේ විවේචනය කරන්න.

ඉතිං ඕනෑම දෙයක් හරියට කරනවානම් සාර්ථකයි කියලා මං හිතනවා. ඇත්තටම කිව්වත් හරි විදිහට තමන්ගේ දක්ෂකමින් යන ගමනක් හරි හිමින්.

වැරදි විදිහට යනවානම් ගමන ඉක්මනින් යන්න පුළුවන්. හැබැයි ක්ෂේත්‍රයේ රඳා පැවැත්ම අඩුයි. දක්ෂකමයි, කැපවීමයි තියෙනවා නම් ඕනේ දෙයක් සාර්ථකයි.

 

ඉදිරි බලාපොරොත්තු?

ඇත්තටම එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. මොඩලින්වලට වැඩි අවධානයක යොමු කරනවා. ඉතිං මේ ක්ෂේත්‍රයෙන් ඉදිරි ගමන සාර්ථකව යන්න තමයි හිතං ඉන්නේ.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

ඔව් ඇත්තටම මේ වෙලාවේ මගේ ආදරණීය අම්මා මතක් කරන්න ඕනේ. මොකද මගේ හැම දෙකටම ඇය පිටුපසින් ඉන්නවා. දෙවියෝ මට දුන්න වටිනාම වස්තුව ඇයයි. ඒ වගේම චනුද ගුණවර්ධන ආදරෙන් සිහිපත් කරනවා වගේම, මගේ පවුලේ හැමෝමත් ඩිල්ශාන් ජයසිංහ අයියවත් ආදරෙන් මතක් කරනවා.

 

Photography - Dilshan jayasinghe - 0775256180 | facebook page - dilshan jayasinghe photography

 

2017-02-07-ent-20
2017-02-07-ent-21
2017-02-07-ent-22
2017-02-07-ent-23
2017-02-07-ent-24