වැඩියෙන්ම කැමති කැට ගහන්න
නිරූපණ ක්ෂේත්‍රය තුළින් බොහෝ දෙනා අද කැපී පෙනෙන චරිතයන් වී හමාරය. එවැනි කෙනෙකු ලෙස සෙෂිනි නිමාෂා හැඳින්විය හැකිය. කෙටිකාලයකින් ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වට පත් ඇය මේ වනවිට බොහෝ වෙළෙඳ දැන්වීම් ඔස්සේ දැකගැනීමට අවස්ථාව උදාවී හමාරය. ඇයගේ අවුරුදු පිළිබඳව මෙසේ අපට කිව්වා.
කොහොමද අවුරුදු?
අවුරුදු හොඳයි. ජයයි කියලා හිතනවා.
නැකත් චාරිත්‍ර දේවල් කරනවාද?
ඔව්, අනිවාර්යයෙන්ම ඒ දේවල් කරනවා. හැමපාරම නැකත්වලට ඒ දේවල් කරනවා.
පොඩි කාලේ තිබුණා අවුරුදු සිරිය දැනුත් දැනෙනවාද?
අනේ නැහැ. එහෙම දෙයක් නම් දැන් දැනෙන්නෙ නැහැ. ඉස්සර අවුරුදු එනකම් කොච්චර ආසාවෙන්ද බලන් ඉන්නේ. ටික ටික ලොකු වෙනකොට ඒ ආසාවල් එහෙම්ම නැතිවෙලා යනවා. ඉස්සර වගේ ගොඩක් කට්ටිය අවුරුදු සමරන්නේ නැහැ. නමුත් ඉස්සර එහෙම නෙමෙයි. හැමෝම එකතු වෙනවා. ඉස්සර අවුරුදු මාසය ලබමු ගමන් ගොඩක් අය පාරේ. කැට ගහනවා. සෙල්ලම් කරනවා. ඔංචිලි පදිනවා. දැන් ඉතිං ඔංචිල්ලාවක් හොයා ගන්නත් නැහැ.
අවුරුද්දට ෂොපින් කරලා ඉවරද?
ෂොපින් කරන්න නම් ගියේ නැහැ. හැබැයි අවුරුද්දට අවශ්‍ය බඩු ටික නම් ගෙදරට ගෙනාවා.
හදන්න කැමති කැවිලි වර්ග මොනාද?
වැඩියෙන්ම හදන්න දන්නේ කිරිබත් තමයි. හැබැයි ඒක කැවිලි වර්ගයක් නෙමෙයිනෙ. තව කොකිස් හදන්න පුළුවන්.
කැමතිම අවුරුදු කෑම මොනවාද?
කොකිස්ම තමයි. ඒකයි ඒ දේ හදන්න පුළුවන්. මුං කැවුම්වලට ටිකක් ආසයි.
පොඩි කාලේ මොන සෙල්ලම්වලට ආස වුණේ?
ඉස්සර අපේ ගෙදර තිබුණා ලොකු කටුලොවි ගහක්. ඒකේ හැමපාර අවුරුද්ද ළංවෙද්දී ඔංචිල්ලාවක් බඳිනවා. තාත්ති තමයි ඒක බඳින්නේ. හැමෝම එකතු වෙලා ඔංචිලි පදිනවා. අවුරුද්ද ලැබුවාමත් එහෙම තමයි. ඉතිං අපි හරි ආසයි අලුත් ඇඳුම් පෙන්නන්න. අනිත් අය ඇඳලා ඉන්න ඒවා බලනවා. ඉතිං ඔංචිලි පැදලා කැට ගහන්න යනවා.
වැඩියෙන්ම කැමති මොන ක්‍රීඩාවටද?
වැඩියෙන්ම කැමති කැට ගහන්න තමයි.
ඇයි වැඩිපුර සල්ලි හම්බකරන්න පුළුවන් නිසාද?
ඔව්, ඒකත් එහෙමයි. අනික කට්ටිය වටේ ඉඳන් කෑ ගහන කොට අමුතු විනෝදයක් තියෙනවා.
දැනට කීයක් විතර වියදම් කරලා ඉවරද?
මම ටිකක් ලෝබයි. ටිකක් නෙමෙයි හොඳටම ලෝබයි. මම එහෙම වියදම් කරන්නේ නැහැ. ගෙදරට උවමනා බඩු තමයි ගන්නේ. අනං-මනං දේවල් ගෙදරට ගන්නේ නැහැ. මං ලෝබ නිසා වැඩිය වියදම් කරන්නේ නැහැ.
පොඩි කාලේ ඉඳන්ම කොළඹද ජීවත් වුණේ?
ඔව් කොළඹ තමයි.
රෙද්දයි හැට්ටෙයි හුරුද?
ඇයි හුරු නැත්තේ. ඕන තරම් රෙද්දයි හැට්ටෙයි ඇඳලා තියෙනවා.
අවුරුදු නැකත් හරියටම කරනවාද?
ඔව්, අපේ තාත්තා කියන දෙයක් තමයි කොහේ හිටියත් හැමෝම ගෙදර ඉන්න ඕනා කියලා. නැත්නම් ඒක අවුරුද්දක් නෙමෙයි කියලා. ඉතිං ඒක නිසා අපි අවුරුද්දට පිට ඉන්නේ නැහැ. ගොඩක් අය අවුරුද්දට වදින්නේ නෑදෑයන්ට විතරනේ. හැබැයි මායි මල්ලියි පොඩි කාලේ අහල පහල ඉන්න වැඩිහිටියන්ටත් වඳිනවා.
අවුරුදු කුමාරිය වෙන්න ගිහින් නැද්ද?
අනේ නැහැ. එහෙම තරගයකට සහභාගී වෙලා නැහැ.
ඇයි ඒ?
ඒවගේ තරගයට යන්න තරම් ගැමි සුන්දරත්වයක් නැහැ කියලා හිතෙනවා. අනේ මන්දා? අවුරුදු කුමරිට යන්න ආසාවක් තියෙනවා. නමුත් ඒතරම් සුන්දරත්වයක් තියෙනවා කියලා හිතන්නේ නැහැ.
කවුරුත් කියන්නේ නැද්ද ඔයාට දින්න පුළුවන් කියලා?
කියනවා ඉතිං. හැබැයි කවුරුත් කියන්නේ ඒ දේනේ.
Dilan Chryshantha / Pix - Kaveeth Milindha
Hair & Makeup - Indika Bridal (0773237544)