වැඩියෙන්ම කරලා තියෙන්නේ ෆොටෝෂූට් තමයි
සචිනි කියන්නේ නවක නිරූපණ ශිල්පිනියක් වගේම ඉන්ස්ටග්‍රෑම්හි ජනප්‍රිය චරිතයක්. සචිනි මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම ඇය ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නෙත් කලා ක්ෂේත්‍රය තුළින්. එම නිසාම අප මෙවර සාරවිට කතාබහට සචිනිව සම්බන්ධ කරගන්න උත්සාහ කළා.
ඔබ ගැන හඳුන්වා දුන්නොත්?
මගේ නම සචිනි කෞෂල්‍යා මදුරප්පෙරුම. මගේ වයස අවුරුදු විස්සයි. උසස් පෙළ හදාරලා විශ්වවිද්‍යාල වරම් ලැබෙනකල් ඉන්නේ. කලාව පැත්තෙන් ඉස්සරහට යන්න තමයි වැඩියෙන්ම කැමතියි.
නිරූපණ වැඩවලට එකතු වෙන්නේ කොහොමද?
මුලින්ම මගේ යාළුවෙකුගේ ෆොටෝෂූට් එකකට සම්බන්ධ වුණා. ඒ 2018දි වගේ. එතනින් පස්සේ තමයි වැඩවලට ආරාධනා ලැබෙන්නේ.
දායක වෙලා තියෙන නිර්මාණ ගැන කිව්වොත්?
වැඩියෙන්ම කරලා තියෙන්නේ ෆොටෝෂූට් තමයි. වෙළඳ දැන්වීම් කිහිපයකටම සම්බන්ධ වෙලා තිබෙනවා. ළඟදි සෙන්සොඩයින් එකේ වෙළඳ දැන්වීමකට සහභාගී වුණා. ඊට අමතරව එයාර්ටෙල්, ඩී.එස්.අයි වෙළඳ දැන්වීම්වලටත් දායක වෙලා තියෙනවා.
නිරූපණය දිගටම කරන්න බලාපොරොත්තු වෙනවාද?
ඔව්. මම කලාව පැත්තෙන් ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා දිගටම මේ ක්ෂේත්‍රයේ වැඩ කරනවා.
සචිනි ඉන්ස්ටග්‍රෑම් තුළ ජනප්‍රිය චරිතයක් නේද?
ඔව්. මම ඉන්ස්ටග්‍රෑම් influencer කෙනෙක්. ඒ හරහා මම විවිධ බ්‍රෑන්ඩ් ප්‍රමෝට් කරනවා. මගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ මේ වනවිට followersලා 37000ක් පමණ ඉන්නවා. මෙවර පැවැත්වුණු රයිගම් SoMe Award සම්මාන උළලේදී ‘Best instagram influencer’ අංශයේ අවසන් දහ දෙනා අතරට නිර්දේශ වුණා.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් මගේ අම්මා, තාත්තා, අයියා මට ගොඩක් උදව් කරනවා.
රංගනයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?
මම පොඩි කාලේදි ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘මුතු පිහාටු’ ටෙලි නාට්‍යයට රංගනයෙන් සම්බන්ධ වුණා. ඊටපස්සේ පාසල් කාලේදි ආරාධනා ලැබුණත් අධ්‍යාපන කටයුතු නිසා ඒවාට දායක වෙන්න බැරි වුණා. නමුත් හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම ඉදිරියට යන්නෙත් කලා ක්ෂේත්‍රයෙන්නේ.
පාසල් කාලේදී දැක්වූ දක්ෂතා කිව්වොත්?
මම පාසලේදී පොඩි කාලේ ඉඳලාම පාසල් නාට්‍ය තරඟවලට සහභාගී වෙලා තියෙනවා. ඒවායෙන් ජයග්‍රහණය කරලා සම්මාන පවා ලැබිලා තියෙනවා. පාසලෙන් මගේ කලා කටයුතුවලට ලොකු සහයෝගයක් ලැබුණා කිව්වොත් නිවැරදියි.
විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?
ඔව්. මුලින්ම මගේ අම්මා, තාත්තා සහ අයියාව මතක් කරන්න ඕනේ. මගේ හැමදේකටම ඉන්නේ එයාලා. එතකොට මගේ යාළුවෝ, මගේ පාසලේ ගුරුවරුන්වත් මම ආදරෙන් මතක් කරනවා.
කැළුම් දේවින්ද