වැඩි ඉල්ලුමක් Brown Skin එකට තියෙනවා
නවක නිරූපණ ශිල්පිනියක වන රීනා සිල්වා සමග සාරවිට කතාබහක්.
ඔව්, මොකද එහෙම කියන්නේ මම මේ පිළිබඳව ඉගෙනගෙන සුදුසුකම් සම්පූර්ණ කරලා තමයි මේ ක්ෂේත්රයට ආවේ. බ්‍රයන් කොර්කෝවන් මහතා තමයි මගේ ගුරුවරයා. දැන් මම ඔහු යටතේ නිරූපණ කටයුතු සිදු කරනවා.
ඊට පෙර ඔබ?
මම නේල් ආටිස් කෙනෙක්. ඒ වගේම රූපලාවණ්‍ය ශිල්පිනියක්.
Brown Skin එකට ලංකාවේ තැනක් තියෙනවද?
ඒක අනාගතයේ තමයි බලන්න වෙන්නේ. හැබැයි ලෝකය ගත්තාම වැඩි ඉඩක්, ඉල්ලුමක් Brown Skin එකට තියෙනවා.
රීනා සිල්වා නම එක්ක දැනෙන්නේ ඔබ මෙහෙ කෙනෙක් නෙමෙයි වගේ?
මම මෙහෙ තමයි, මේ මගේ Screen Name එක.
බොහෝ දෙනෙක් Photo Shoot එකක් දෙකක් කරලා, Fb දාලා ඇදගන්නවනේ වර්තමානයේ, ඔබ තාම එහෙම නැද්ද?
තාම නෙවෙයි, කවදාවත් එහෙම වෙන්නේ නෑ.
ඡායාරූප /සටහන - මිහිර බණ්ඩාර
හැඩගැන්වීම - රීනා සිල්වා