වැඩක් බාර ගනිද්දි ගොඩක් හිතන්න වෙලා තියෙනවා
සෂිනි කියන්නේ නිරූපණ ශිල්පිනියක් වගේම ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක්. මේ වනවිට ඇය ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වී තිබෙනවා. සෂිනිට සාරවිට ඉඩක් වෙන් කර දුන්නේ මේ විදිහට.
මගේ නම සෂිනි හංසිමා. මම දැනට වෙනත් රැකියාවක් කරන්නේ නැහැ. මම විවාහ වෙලා ඉන්නේ. මගේ පදිංචිය මහරගම. නිරූපන ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා. ගීත ගායනා කිරීමේ හැකියාවකුත් තිබෙනවා. ඉතින් මගේ ෆේස්බුක් ගිණුමට මම ගීත කවර් විදිහට කරලා දානවා.
නිරූපණයට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ කොහොමද?
අහම්බයකින් තමයි අවස්ථාව ලැබුණේ. නෝමල් ෆොටෝෂූට් එකක් කරා. ඊටපස්සේ තමයි නිරූපණයට අවස්ථාව ලැබෙන්නේ.
නිරූපණයෙන් දායක වෙලා තියෙන නිර්මාණ ගැන කිව්වොත්?
ටෙලි නාට්‍ය තුනක පොඩි චරිතවලට දායක වුණා. ජාතික රූපවාහිනියේ ක්‍රයිම් සීන්ස්, සුජාතා ටෙලි නාට්‍ය සහ මනාලි කියලා නාට්‍යයක්. මනාලි එක නම් තවම විකාශය වුනේ නැහැ. එතකොට මියුසික් වීඩියෝ කිහිපයකටත් දායක වෙලා තියෙනවා. නමුත් බ්‍රයිඩ්ල් ෂූට් තමයි වැඩියෙන්ම කරලා තියෙන්නේ.
ඉදිරියටත් රංගන කටයුතුවල නිරත වෙන්න බලාපොරොත්තු වෙනවාද?
ඔව්. හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණොත් දායක වෙනවා.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ගෙදරින් ගැටළුවක් නැහැ. හොඳ සහයෝගයක් ලැබෙනවා.
නිරූපණ ක්ෂේත්‍රය අද තියෙන්නේ මොන වගේ තැනකද?
නිරූපණ ක්ෂේත්‍රය මේ වෙද්දි නම් වැඩකටවත් යන්න බැරි තත්වයක් තමයි තියෙන්නේ. කිහිප දෙනෙක් කරන දේවල් නිසා වැඩකට යන්න බයයි. වැඩක් බාර ගනිද්දි ගොඩක් හිතන්න වෙලා තියෙනවා.
ඒ දේවල් නිසා ක්ෂේත්‍රයට හානියක් වෙනවා නේද?
ඔව් අනිවාර්යෙන්ම. පහුගිය කාලේ පැජන්ට් එකක ඡායාරූප කිහිපයක් නිසා සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති වුණා. ඇත්තටම ඒ ඡායාරූපවල අය පෙනී හිටපු ඇඳුම් ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ.
නිරුවත් හෝ අඩ නිරුවත් නිර්මාණ ලංකාවට ගැලපෙන්නේ නැද්ද?
මෙහෙමයි. ඒ දේවල් කලාත්මකව සිදු කරන අය ඉන්නවා. ඒ වුණාට කිසිම කලාවක් නැතුව නිරුවත් නිර්මාණ කරන අයත් ඉන්නවා. ඒ පැත්තෙන් ගියාම කිසිම පැවැත්මක් නැහැ.
ඔබට උදව් කළ, විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?
දීපාල් ගෝමස්, රවීන්ද්‍ර ජයනාත්, එතකොට මගේ පවුලේ අය, නම් වශයෙන් කියන්න ගියොත් ගොඩක් අය ඉන්නවා. ඒ හැමෝවම ආදරෙන් මතක් කරනවා.
කැළුම් දේවින්ද