වාසනාව අපේ පස්සෙන් එන්නෙ නැහැ
‘හැමෝටම, ගොඩාක් ප්‍රශ්න එනවා. විශේෂයෙන්ම ගැහුණු ළමයින්ට, සමාජයේ දී මුහුණ දෙන්න වෙන ප්‍රශ්න බොහෝමයි. ඒ නිසා මම ගැහුණු ළමුන්ට කියන්නෙ, මොන ප්‍රශ්නයක් ආවත්, කවුරු මොන කතා හැදුවත්, ඒවාට සැලෙන්න එපා. ඇහුම්කන් දෙන්න එපා. වාසනාව කියන දේ අපේ පස්සෙන් එන්නෙ නැහැ. අපි වාසනාව හොයාගෙන යන්න ඕනෑ.
ජීවිතයේ සැලෙන්න එපා, නොසැලී ගමනක් යන්න’
මේ විදියට කියන ඇය හිරුණි රණසිංහය. හිරුණි කියන නමට වඩා ඇය ගැන බොහෝ දෙනා දන්නේ ඇය මෙතෙක් රඟපෑ චරිත නිසයි. මේ දිනවල ඇය අපට හමුවන්නෙ.
අහස් මාළිගා (හිරු- ටී.වී.) අමාලි
පුළිඟු (අයිටීඑන්) ශාලිකා
අග්නි පියාපත් (ස්වර්ණවාහිනී) හිමාලි
නෑනලා (ජාතික රූපවාහිනිය) සුභානි
යන චරිත සමඟයි. මේ විදියට අපට හමුවන හිරුණි රණසිංහ හෙවත් ‘හිරු’ අපට මොනවද කියන්නෙ බලමු.
• සම්පූර්ණ නම?
හිරුණි උත්පලා රණසිංහ.
• හිරුණි ගැන විස්තර කිව්වොත්?
මගේ ගම ගම්පහ. පාසල් ගියේ, ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලයට. දෙවැනියට, බොරැල්ලෙ සියලු ශාන්තුවරයන්ගේ බාලිකා විද්‍යාලයට. අපේ පවුලේ අම්මයි-තාත්තයි, නංගියි, මමයි විතරයි. නංගි තවම පාසල් යනවා. තාත්තා විශ්‍රාමික හමුදා නිලධාරියෙක්. අම්මා ගෘහණියක්.
• ‘හිරුණිට’ රඟපෑමට හිත ගියේ ඇයි ?
පොඩි කාලයේ ඉඳලාම ආසා කළ දෙයක්. මොන්ටිසෝරියෙ ඉගෙන ගනිද්දි වාර අවසාන ප්‍රසංගයේ දී පැවැත්වූ නාට්‍යයේදි, මරියතුමියගේ චරිතය ඉල්ලලා ඇඬුව ලු. ඉතින් ඒ චරිතය මට දීලා. චූටිම කාලයේ මගේ රංගනය වුණේ මරියතුමියගේ චරිතයයි.
• ඉගෙන ගත්තෙ මොන වගේ අරමුණකින් ද?
උසස් පෙළට නර්තනය කළේ. පසුව සෞන්දර්යය සරසවියට තේරුණා. ඒත් මම ගියේ නැහැ. ඒකට හේතුව ශ්‍රී ලංකා යූත් ඩ්‍රාමා පාසලට බැඳුණු නිසයි. කොහොම හරි ඒ නිසාම මට ඒ දිනවල ප්‍රශ්නත් ආවා. මොකද පාසලේ දී ඩ්‍රාමා කරන්න තිබුණෙ නැති නිසා. එච්චටරම මගේ හිත තිබුණෙ රංගනයට.
• ප්‍රථම රංගනය?
අයිටීඑන් එකේ විකාශය වූ ප්‍රදීප් ධර්මදාසගෙ දෙයියන්ගෙ රටේ ‘සුදු නංගි’ චරිතයෙන්.
• ඒකට ලැබුණු ප්‍රතිචාර?
වැල්ලේ ජීවන රටාවකට අයත් කතාවක්. ඒ චරිතයට බොහෝ දෙනෙක් මට සුබ පැතුවා. අපේ තාත්තා නම් මුලින්ම පොඩ්ඩක්වත් කැමැති වූණේ නැහැ. හැබැයි පළමු රූගත කිරීම්වලට පවා තාත්තා මා එක්ක ආවා.
• කොච්චර කල් ද ක්ෂේත්රයට ඇවිත්?
2017 ඉඳලා.
• කොහොමද මේ ක්ෂේත්රය හොඳ ද?
බොහොම හොඳයි. තමන්ගෙ ඔළුවෙන් කිරලා මැනලා ලස්සනට ජීවත් වෙනවා නම් වඩා හොඳයි.
• ‘හිරුණි’ කිව්වාම කොහොම කෙනෙක්ද?
නිතරම හිනාවෙලා, කාට හරි උදව්වක් කරගෙන ඉන්න කෙනෙක්. හරිම සරලයි. ටිකක් දඟයි.
• දඟ වැඩ එහෙම කරනවා ඇති?
මෑතකදී නම් නැහැ. ෂූටිං අතරතුර නාහෙට නාහන වැඩ කරන්නෙ නැහැ. වෘත්තියේ දී මම හරි ප්‍රොෆෙෂනල්. එහෙම වෙන්න උපරිම උත්සාහ කරනවා.
• කොහොමද ‘හිරුණි’ට වැඩි දෙනා කතා කරන්නෙ ?
‘හිරු’ කියලා.
• ‘හිරු’ ගෙ ආදරය එහෙම කොහොමද?
ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න අකමැතියි. ආදරය කමිං සූන්.
• කවුද ඒ පෙම්වතා?
එයාට මාව එපා වේවිද දන්නෙත් නැහැ. මොකද මම එක්ක යාළු වුණාම ගිරව් හතර පස් දෙනෙක් එකට ගත්තා වගේ තමයි. නිතරම හිනා වෙනවා. කතා කරනවා. ඒ මගේ හැටි.
• හොඳම ගුණාංගය?
මම ළඟ ඉන්න ඕනෑම කෙනෙක් සතුටින් ඉන්නවා නම් තමයි මම කැමැති. මගේ අම්මා තාත්තා සහ නංගිව සතුටින් තියන්න වගේම මගේ වටා සිටින හැමෝම සතුටින් තියන්න පුළුවන් නම් ඒකට මම ආසයි. මම ටැක්සි එකක ගියත්, ඒ මනුස්සයාට බුම්මගෙන යන්නෙ නැහැ. මොනවා හරි කතා කරනවා. ඒ මගේ හැටි.
• ‘ආදර යෝජනා’ එහෙම සෑහෙන්න ලැබෙනවා ඇති?
පිටරටවල සිටින මගේ ප්‍රේක්ෂකයන් බොහෝ දෙනාගෙන් ආරාධනා ආවා.
• මේ දිනවල වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නෙ මොන චරිතයට ද?
රූපවාහිනියෙ විකාශය කෙරෙන ‘නෑනලා’ නාට්‍යයේ සුභානි චරිතයට. මෙතෙක් රඟපෑ චරිත අතරින් වඩා ප්‍රතිචාර ලැබුණෙ. ‘රැස්’ නාට්‍යයේ ‘ලින්ඩා’ සහ අහස් මාළිගා ‘අමාලි’ නිසයි. වැඩි දෙනෙක් මාව හඳුනා ගත්තා නම් ඒ ‘අමාලි’ නිසයි.
• ‘නෑනලා’ කරද්දි හොඳ මතකයක් එහෙම ඇති ?
මගේ තාත්තා තමයි මට ඒකට ලොකුම උදව්ව කළේ.
• ඒ කිව්වෙ?
තාත්තා තමයි සම නිෂ්පාදනය කළේ. ඒ වුණාට මගේ නම යන්නෙ. තාත්තාගෙ හම යන්නෙ. මොකද හරි විදියට කිව්වොත් තාත්තාගෙ නම වෙනුවට සම නිෂ්පාදනයට මගේ නම යන්නෙ.
• ‘හිරු’ හරි ‘ෆන්’ වගෙයි ?
ඔව්. අනේ. හරිම හිනාවෙලා විහිළුවෙන්ම ඉන්න කෙනෙක්. ඒ වුණාට සීරියස් තැන්වල දී මම තරම් සීරියස් තවත් කෙනෙක් නැතුව ඇති.
• ‘රඟපෑම’ ගැන දැනෙන්නෙ කොහොමද?
රඟපෑම කියන්නෙ මගේ ජීවිතය වගෙයි. රඟපාන නිසා තමයි මම අද හිනාවෙලා ඉන්නෙ.
• ‘රඟපෑම’ නොකළා නම්?
ගෘහණියක් විතරක් වෙයි. හැබැයි ඩ්‍රාමා පාසලට යන අතර මගේම විලාසිතා ව්‍යාපාර කළා. සමහර විට එම අංශයෙන් යන්නත් තිබුණා. තවම ඒ අරමුණ තියෙනවා.
• නෑනලා ‘සුභානි’ ගැන කිව්වොත්?
සුභානි කියන්නෙ ‘හැටේවත්ත’ නමැති ප්‍රදේශයේ ජීවත්වන පරණ බඩු එකතු කරන බෙනට්ගෙ දුව සහ මැරයෙක් වන ‘ත්‍රිවිල්’ ඩික්සන්ගෙ නංගි. සුභානි සම්බන්ධ වන පවුල ඉතා වැදගත් පොහොසත් පවුලක්. සුභානි හරිම කටකාරයි. මේ චරිතය ඒ පවුලට එකතුවීම නිසා තමයි ඒ හොඳ පවුල ප්‍රශ්නවලින් පිරී යන්නෙ.
• ඒ කටකාර සුභානිගෙ දෙබස් මතක ද?
‘අඩෝ, මම සුභානි. හැටේ වත්තෙ ත්‍රීවීල් ඩික්සන්ගෙ නංගි යකෝ’
• හැබෑවටත්, ‘හිරු’ ඒ වගේ ද?
වත්තක නම් නෙවෙයි, ඒ වුණාට අවශ්‍ය තැනදි, කෙළින් කතා කරන, කෙළින් වැඩ කරන කෙනෙක්. එනවා කිව්වොත් අනිවාර්යයෙන්ම එනවා. නැත්නම් නැහැ. වචනයක් දුන්නොත් දුන්නාමයි.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ