'වස්සානේ අහසේ' අහලා බලන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-01-ent-13

සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වු ‘සුජාතා ටෙලි නාට්‍යයේ ඇතුලත් ‘නොකීවාට කවදාවත්’, ‘අත්තටුම වෙලා’ හා ‘විඳින්න හිමිවු ජීවිතේ’ තේමා ගීත ගායනා කරමින් ඉමහත් රසික ප්‍රතිචාර දිනාගත් ශිරෝමි රත්නායක ‘සිරස සුපර් ස්ටාර්’ තරු මාවත හයවැනි අදියරයේ පැමිණි අයෙකි. ඇය පසුගියදා සිය අලුත්ම ගීතය එළිදක්වනු ලැබීය.

 

අලුත්ම ගීතය ගැන මුලින්ම කතා කරමු?2018-08-01-ent-14

‘මගේ අලුත්ම ගීතය තමයි ‘වස්සාන අහසේ’, මේක ලිව්වේ ලයාල් එදිරිසිංහ. ගීතය තනුව හා සංගීතය නිර්මාණය කළේ මං වගේම සිරස ‘සුපර් ස්ටාර්’ තරු මාවතේ ආපු එරන්ද පැතුම්. අපි හැමදාම ආදරය විරාහව ගැන ගීත අහනවා නේ. ‘වස්සානේ අහසේ’ කියන ගීතය ඊට එහා ගිය ජීවිතේ සැබැ අර්ථය ගැන කතා කරන ගීතයක්.

 

අලුත් ගීතයට ලැබෙන ප්‍රතිචර?

මේ ගීතය නිකුත් කරලා දැන් දින කිහිපයක් වෙනවා. ගොඩක් හොඳ රසික ප්‍රතිචාර මේ ගීතයට ලැබෙනවා. විශේෂයෙන්ම ක්ෂේත්‍රය අයගෙන්. මම කැමතියි මේ ගීතය මගේ ආදරණිය රසික, රසිකාවියන් අහලා ඒ ගීතය ගැන ගුණදොස් කියනවා නම්. මොකද, මම වගේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙකුට ඒ වගේ රසික ප්‍රතිචාර හුඟක්ම වැදගත්.

 

මේ ගීතයෙන් පස්සේ?

තවත් ගීත කිහිපයක් මේ වසරේ එළිදක්වන්න සැලසුම් කරමින් ඉන්නවා. ලක්මාල් අයියා (ලකයි සිකයි) එක්ක අලුත් ගීතයක් කරනවා ළඟදීම. ඊට අමතරව සංගීත වික්‍රමසිංහ මහත්මයාගේ තනුවකට ප්‍රසංග වේදිකාවට ගැළපෙන අලුත් ගීතයක් නිර්මාණය කරනවා ඉදිරියේදි.

 

ප්‍රසංග වේදිකාවට ඔබේ තියෙන දායකත්වය?

පසුගිය වසර කිහිපය ගත්තොත් මේ වසරේදී තමයි මට වැබිපුරම ප්‍රසංග වේදිකාවට එකතු වෙන්න ආරාධනා ලැබුණේ. දේශිය වගේම විදේශිය. පසුගිය මාසේ මම ඩුබායි සංචාරයකටත් ගියා. ඒ වගේම ඉදිරියේදිත් තවත් එවැනිදම මැදපෙරදිග සංචාර කිහිපයකට සම්බන්ධ වෙන්න ආරාධනා දැනට ලැබිලා තියෙනවා.

 

ඔබ වෘත්තින් කිහිපයකම කටයුතු කරන කෙනෙක්?

මම ගුරුවරියක් විදිහට නාවල ජනාධිපති විද්‍යාලයේ ගණිත හා භුගෝල විද්‍යාව කියන විෂයන් උගන්වනවා. ඊට අමතරව සිරස හා TV වන් රූපවාහිනි නාලිකා වල ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් වැඩ කරනවා. ඔය ඔක්කොම වැඩ කරන අතරේ තමයි මගේ ගී නිර්මාණවලට කාලයක් වෙන් කරගන්නේ. කොහොමත් මම හැම දෙයක්ම පටලවා ගන්නේ නැහැ. ඒ හැම දෙයකටම කාලය කළමණකාරණය කරගන්නවා.

 

බුද්ධික සේනාධීර

 

  2018-08-01-ent-15