වත්මන් ටෙලිතිරයේ ආදරණීයම යුවළ සමල්කා - අනුහස් පෙම්වතුන් වූ මොහොත
‘‘සමල්කා සහ අනුහස්’’ මේ තමයි මේ දිනවල ටෙලිනාට්‍ය තිරයේ ආදරණීය පෙම්වතුන් යුවළ. මේ දෙදෙනාට තාරුණ්‍යයේ බොහෝ දෙනා වෙතින් ලැබෙන ප්‍රතිචාර ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ටෙලිනාට්‍ය නරඹන බොහෝ දෙනා අතර මේ දිනවල ජනපි‍්‍රය යුවළ මේ සමල්කා සහ අනුහස්. මේ දෙදෙනා එලෙසින් තාරුණ්‍යයේ ආදරය හැඩ කරමින් ආලින්දයට පැමිණෙන්නේ සමන් එදිරිමුනිගේ රචනයෙන් රටා මැවී සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයෙන් නිමැවූ ‘‘දෙවැනි ඉනිම’’ ටෙලි මාලාව සමගයි.
රවීන්, ටෙලි තිරයේ අද ආදරණීයම පෙම්වතා?
එහෙමද, හොඳ ප්‍රතිචාර නම් ලැබෙනවා තමයි. ඒක මට විතරක් පෞද්ගලිකව ලැබෙන ප්‍රතිචාර නොවෙයි. මුළු කතාවටම ලැබෙන ප්‍රතිචාර. එහි රඟපාන මට වගේම ෂනුද්රිටත්, අනෙක් සියළුම දෙනාටත් ලොකු ආදරයක් ලැබෙන්නෙ.
ෂනුද්‍රි, ෂනු කියන්නද? ෂනුද්‍රි කියන්නද? සමල්කා කියන්නද?
ගෙදර අයයි, යාළුවොයි ඔක්කොමලා කියන්නෙ ෂනූ කියලානෙ. ඉතින් එහෙම හොඳයි.
‘‘ෂනූ’’ ඔබ හිතන විදියට ‘රවීන්’ සැබෑ ජීවිතයේදී මොන විදියේ ආදරවන්තයෙක් කියලද දැනෙන්නෙ?
මං කොහොමද ඒක කියන්නෙ රවීන්ගෙන්ම තමයි නේද ඒක අහන්න ඕනෑ.
ආදරණීය ජවනිකා කරද්දි රවීන්ගෙන් ලැබෙන දායකත්වය මොන වගේද.
ඇත්තටම හරි ලෙහෙසියි රඟපාන්න. මොකද එයා හරි දක්ෂ විදියට රඟපානවා. මේ එයා රඟපාන පළමු චරිතය කියලා කියන්නත් අමාරුයි. හොඳට රඟපානවා.
මුලදි දෙන්නා අඳුරන්නෙ නැහැ කිව්වා. මොනවද වෙච්ච දේ?
මුලදි එයා මාව ගණං ගත්තේ නැහැ. ඒ වාගේම මාත් එයාව ගණං ගත්තෙ නැහැ. මුලදි එයා ටිකක් ආඩම්බරෙන් වගේ හිටියෙ. අපි තමයි ඉතින් ගිහින් කතා කළේ. ඊට පස්සෙ හොඳ යාළුවෙක් වුණා.
රවීන්, ෂනූව අමතන්නෙ කොහොමද?
විශේෂයකින් කියන නමක් නැහැ. ‘නංගි’ කියලා තමයි කියන්නෙ. වෙලාවකට ඉතින් අක්කා වගේ හිටියට මම ඉතින් නංගි කියලයි කියන්නෙ.
එතකොට ෂනූ රවීන්ව අමතන්නෙ?
එයා ඉතින් අයියනෙ.
අයියා තමයි.
රවීන් ෂනූගෙ දකින හොඳම ගුණාංග?
එයා හරිම නිහතමානියි. කොච්චර ප්‍රසිද්ධ වුණත්, ඒ ගැන දැනෙනවත් හිතනවන් කෙනෙක් නෙවෙයි. හරිම සැහැල්ලූවෙන් සාමාන්‍ය විදියට සිටින කෙනෙක්. නිතරම එයාගෙ මූණේ හිනාව තමයි. ඒක හොඳ දෙයක්. ඕනෑ දේටයි. එපා දේටයි ඔක්කෝටම හිනාවෙලා ඉන්න කෙනෙක්. ඒක ඇත්තටම මම දකින හොඳම දෙයක්.
නරක කියලා කියන්න දෙයක් නැද්ද?
මට ෂනූව හමුවන්නෙ අපි වැඩ කරන මේ දර්ශන තලයේදිනෙ. ඒ වෘත්තියේදී මම කවදාවත් එයාගෙන් නරක දේ දැකලා නැහැ.
ඔයා එයාගෙ අයියානෙ. ඉතින් අයියා නංගිට දෙන උපදෙස මොකක්ද?
වෙලාවට කෑම ටික කන්න. මට එයාට කියන්න තියෙන ලොකුම උපදෙස එයයි. වැඬේට මුල්තැන දෙනවා වගේම තමුන්ගෙ ශරීර සෞඛ්‍ය ගැනත් හිතන්න.
‘ෂනු’ රවීන්ගෙ හොඳක් ගැන කිව්වොත්?
එයාට කේන්ති යන්නෙම නැහැ. ඒක එච්චර හොඳ දෙයක් නොවෙයි. ටිකක් හරි කේන්ති යන වෙලාවට කේන්ති ගන්නත් ඕනෙ.
පෞද්ගලික දේ ගැන දෙන්නා කතා කරලා තියෙනවද.
අනේ නැහැ. අපි දෙන්නාටම පෞද්ගලික ජීවිතේ කියන්නේ පෞද්ගලිකයි. අපි මේ දෙවැනි ඉනිම කණ්ඩායමම එක පවුලක පිරිසක් වගෙයි.
පේ්රක්ෂකයින් දෙදෙනා හමුවුණාම, දෙන්නා හොඳටම ගැලපෙනවා. එහෙම කියලා කියනවා නේද?
අනේ ඔව්. ඒ වගේ ප්‍රතිචාර ලැබෙනවා. හැබැයි අපි දෙන්නට නෙවෙයි එයාලා කැමති. සමල්කාටයිxඅනුහස්ටයි. ඒ දෙන්නට නම් හොඳ ප්‍රතිචාර ලැබෙන්නෙ.
රවීන් ඔබට ආදරේ කියනදේ දැනෙන්නෙ කොහොමද? ආදරේ කියන්නෙ මොකක්ද?
අපට ජීවත්වීමට අහාරxපාන නැතුව බැහැනෙ. ආන් ඒ වගේම ආදරයත් නැතුව අපට ජීවත් වෙන්න බැහැ. ඒක සෑම මිනිසකුටම අත්‍යවශ්‍ය දෙයක්.
ෂනූ? මොකද කියන්නෙ? ඔබට ආදරේ ගැන කොහොමද කියන්න පුළුවන්?
රවීන් අයියා කිව්ව විදියටම තමයි ආදරේ නැතුව ජීවත් වෙන්න බැහැනෙ.
ෂනුද්‍රි ඔබ කැමතිම ආදරණීය ගීතය?
එකක් කියලා කියන්න බැහැ. බොහෝමයක් තියෙනවා.
රවීන් ගැයූ ගී අතරින්?
එයාගෙත් ඔක්කොම වාගේ ගීත අහලා තියෙනවා. එකක් කියලාම කියන්න බැහැ.
ෂනුද්‍රි හිතන විදියට රවීන් වඩා දක්ෂ රඟපෑමටද? ගායනයටද?
ඇත්තෙන්ම එයා මේ අංශ දෙකටම දක්ෂයි. මුලින්ම අපි දැක්කෙ එයාගෙ ගායනයයි. රඟපාන්න ආවාම තමයි ඒ දක්ෂතාවය දැක්කෙ. ඇත්තෙන්ම එයා රඟපෑමටත් හරිම දක්ෂයි. එකට රඟපාද්දි මට නම් පුදුමත් හිතෙනවා.
ෂනුද්රිට හොඳට ගයන්න පුළුවන්නෙ. ඇය ගායිකාවක වුණොත් හොඳයි කියලා රවීන් හිතන්නෙ නැද්ද?
එයාට හොඳ ස්වර ඥානයක් තියෙනවා. එයා ස්වර හොඳට හඳුනන බව පෙනෙනවා. ගායනය ප්‍රගුණ කළොත් ඇයට හොඳ ගායිකාවක් වෙන්නත් පුළුවනි. මම ඒ ගැන එයාට කියලත් තියෙනවා.
දෙන්නා එකතුවෙලා හොඳ යුග ගීතයක් නිර්මාණය කළොත්?
ඒක හොඳට හිතල, බලලා කළ යුතු දෙයක්. මට හරියන ගීතයක් විතරක් නෙවි. දෙදෙනාගෙම හඬට ගැලපෙන ගීතයක් වුණොත් හොඳයි. හොඳ සම්මිශ්‍රණයක් ඇති නිර්මාණයක් වුණොත් අනිවාර්යෙන්ම එය වේවි.
ෂනුද්‍රි මේ හැර රවීන් වෙතින් ඔබ දකික තවත් දක්ෂතා මොනවද?
එයාට හොඳට නටන්නත් පුළුවනි.
රවීන් ඔබ ෂනුද්‍රි වෙතින් දකින වෙනත් දක්ෂතා මොනවද?
එයා කලා පවුලකින් එන කෙනෙක්නෙ. ඉතින් ගහේ කටු උල්කරන්න ඕනෑ නැහැ වගේ එයා ගැයුමටxරැුඟුමට වගේම නර්තනයටත් එක වගේ දක්ෂයි. එයාලගේ උත්පත්තියෙන්ම ඒවා ඇවිත්.
ඡායාරූප සහ සටහන - සඳුන් ගමගේ