වගකිව යුතු සමාජ මාධ්‍ය වලින් කිසිම කෙනෙක් මට මඩ ගැහැව්වේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200416Volga-1පුංචි තිරයේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගත් ඇය නමින් වොල්ගා කල්පනී වේ. මේ දින වල සමාජ මාධ්‍ය ඔස්‌සේ ඇය පිළිබඳව කතා බහක් ගොඩ නැගී තිබේ. ඒ ඇයගේ අලුත්ම ආදර කතාව පිළිබඳවයි. ඒ පිළිබඳව සහ ඇයගේ කලා කටයුතු පිළිබඳව කතා බහ කිරීමට ඇය අපත් සමග මෙලෙස එක් විය.

 

අලුත් වැඩකටයුතු මොනවාද?

තවම වැඩ පටන් ගත්තේ නැහැ. මේ මාසේ තමයි වැඩ කටයුතු ආරම්භ කරන්න තියෙන්නේ. ඒ දිහා බලාගෙන ඉන්නවා.

 

ආයේ පෙම්වතියක් වෙලා?

ඒක ඇත්ත කතාවක්. මම ඒක ප්‍රසිද්ධිය මාධ්‍යයේ කිව්වා. ඒක බොරුවක් නෙමෙයි. ඒ විදිහට ජීවිතේ ගලා ගෙන යනවා.

 

අලුත් ආදරය ගැන මොකද හිතෙන්නේ?

මම හැමදාම හිතන්නේ ආදරය කියලා සාමාන්‍යයෙන් වෙන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනවාට වැඩිය අපි පුළුවන් මට්ටමෙන් කරන එක. මම ඒක හැමදාම සුන්දර ලස්සන විදිහට දැක්කා. ඉතිං ඒ විදිහටම කිසි වෙනසක් නැතුව යනවා.

 

අලුත් පෙම්වතාව දැන ගත්තේ කොහොමද?

අපි පොඩි කාලේ දන්න යාළුවෝ සෙට් එකක් හිටියා. අතුරුමිතුරු කියන ලමා වැඩසටහනට සම්බන්ධ වෙලා. බිනෝෂුත් ඒකේ හිටියා. ඒ කාලේ ඉඳන්ම දන්නවා. එයා මොකක්ද කලේ මම මොකක්ද කලේ කියලා කියන්න ඕනේ වුණේ නැහැ. ඉස්කෝලේ යන කාලේදී තමයි මට ඔහුව හම්බුණේ. මගේ ජීවිතේ යම් වෙනසක් වුණා. ඒක හැමෝම දන්නවා. ඉතිං ඒක පස්සේ මගේ ප්‍රශ්න කතා බහ කරලා බිනෝෂ් ලෑස්ති වුණා මාත් එක්ක ජීවිතේ පටන් ගන්න.

 

බිනෝෂ් විවාහ වෙලා හිටපු කෙනෙක් කියලා ලොකු රාවයක් ගියා නේද?

ඇත්තටම ඒ පිළිබඳව මිරිහාන පොලීසියේ පැමිණිල්ලක් දාලා විමර්ෂනය කලා. ඒකට අදාල කට්ටිය අපි ගෙනල්ලත් තියෙනවා. අද වෙන කොට ඒ කටකතා කියපු කට්ටිය පේන්නත් නැහැ. අද වෙද්දී මිනිස්සු තේරුම් අරන් ඇති ඒක ඇත්තක්ද නැද්ද කියන එක. නීතියෙන් පිහිට පැතුවා. මිනිස්සුන්ට නරක කාලයක් එනවා. ඒක මේක කියලා අපි හිතනවා.

 

ප්‍රසිද්ධ වීම නිසාද මේ පෞද්ගලික ජීවිත වල කාරණා වලට මඬ ගසන්නේ?

වගකිව යුතු සමාජ මාධ්‍ය වලින් කිසිම කෙනෙක් මට මඩ ගැහැව්වේ නැහැ. අපි මේ රටේ පිළිගත්ත වෙබ් අඩවි, ෆේස්බුක් පේජ් වලින් මඩ ගැහැව්වේ නැහැ. අපි කවදාවත් අහලා නැති අපි දන්නෙවත් නැති දේවල් වලින් තමයි අපිට මෙහෙම මඩ ගැහැව්වේ. අපිට විවිධ ආකාරයේ ගොසිප් ගහනවා. ප්‍රසිද්ධ වීම කියන දේ මම දකින්නේ වාසනාවක් විදිහටයි. ඒක අදටත් කරදරයක් විදිහට දකින්නේ නැහැ. ප්‍රශ්නය තියෙන්නේ මේ රටේ පිළිගන්නේ නැති කට්ටියක් තමයි මේ දේවල් කරලා තියෙනවා.

 

ඔබට මේ දේවල් දරා ගන්න පුළුවන්ද?

මට දරා ගැනීමේ හැකියාව හොඳටම තියෙනවා. ඒවා මාව දරා ගත්තා. ඒවා ඇත්ත නම් මට රිදෙනවා. මට රිදෙන්නේ නැහැ ඒවා සියල්ල බොරු නිසා. මම ඒ විදිහට ජීවත් වුණා. මාව දන්න අය මට කියනවා මේ දේවල් ගැන. මම ඒ දේවල් මට අදාල කර ගත්තේ නැහැ.

 

දික්කසාද වුණාම ඒ ගැන කතා කරන්නේ අමුතු විදිහටනේද?

ඇත්තම කිව්වොත්, මගේ දෙමාපියන්ටත්, බිනෝෂටවත්, බිනෝෂ් ගේ දෙමාපියන්ටවත් නැති ප්‍රශ්න මේ රටේ මිනිස්සුන්ට තියෙනවා. අපේ මිනිස්සු හිතන පතන විදිහේ ගැටලුවක් තියෙනවා. කසාද බැඳලා අනියම් ස්වාමිපුරුෂයෝ තියාගෙන ඉන්න කාන්තාවන් ඇතැම් කෝට්ඨාෂයක් ඉන්නවානේ. මේ රටේ ඒකද වැදගත් දික්කසාද වෙලා වෙන සම්බන්ධයක් පටන් ගන්න එකද වැදගත් කමද කියන එක තමයි මට ලොකුම ප්‍රශ්නය. මම හැංගුනේ නැහැ. හංගන්න මම බොරුවක් කලේ නැහැනේ. මම බැන්දා, දික්කසාද වුණා මම අනිත් අය වගේ හංග හංග දේවල් කලේ නැහැ. මම කරන දේ ප්‍රසිද්ධිය කලා. මම කරන දේ කියනවා. කොන්ද පණ ඇති මිනිස්සු මෙහෙමයි, නැති මිනිස්සු මෙහෙමයි.

 

බිනෝෂ ඔබේ ක්ෂේත්‍රයේම කෙනෙක්ද?

බිනෝෂ් ඉන්නේ සංගීත ක්ෂේත්‍රයේ. තවම ක්ෂේත්‍රයට අලුත් ගායන වෘත්තීයෙන් දැක ගන්න පුළුවන් වෙයි.

 

ඉදිරියේදී සැලසුම් තියෙනවාද?

මේ රටේ එකට ජීවත් වෙනවා නම් බඳින්න ඕනනේ. මේ රටේ හැමෝම හිතාගෙන ඉන්නේ කොලේට තමයි කසාදේ සීමා වෙලා තියෙන්නේ කියලා. කසාද කොලේට වඩා සම්බන්ධකම් තියාගෙන ජීවත් වෙන මිනිස්සු දකින්නේ නැහැ. අපේ ඉදිරියට පටන් ගන්න දේවල් ටිකක් තියෙනවා. ඒවත් කරන ගමන් මම හැමදාම කියනවා වගේ අපේ පාඩුවේ වෙන කාටවත් කරදරයක් කරන්නේ නැතුව ජීවත් වෙන එක තමයි අපේ එක බලාපොරොත්තුව.

 

කවුරු මොන දේ කිව්වත් ඔබ වෙනුවෙන්ම ඉන්න රසික පිරිසක් ඉන්නවා, ඒ අය වෙනුවෙන්?

ඇත්තටම ඒ රසික පිරිසටත් ස්තූතියි. මාධ්‍ය ක්ෂේත්‍රය, සමාජ මාධ්‍ය වල කටයුතු කරන ගොඩක් අයත් මාත් එක්ක හිටියා. හැමෝම අය මට ශක්තියක් වුණා. ඒ අයට ගොඩක් ස්තූතියි සහ පින් කියනවා. ගොඩක් අය වොල්ගා ගැන කුණු ඔළුවට දදා වොල්ගා හොඳ නැහැ කියන්න උත්සහ කරන වෙලාවේ මාත් එක්ක හිටපු හැමෝටම මගේ ආචාරය සහ දිගටම මාත් එක්ක ඉන්න කියලා මම ඉල්ලනවා.

Dilan Chryshantha

20200416Volga-2