ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ මගේ රටට කිරුළක් ගේන්න
Mrs. Universe & Miss Tourism world හි කිරුළ පැලඳී ඇය ත්‍රිකලා දරණි. ඇය වෘත්තීමය වශයෙන් නිරූපිකාවක් නොවේ. ලංකාවේ ළාබාලතම විශාරදවරියක්ද බව ඇය කියයි. මේ කාරණා පිළිබඳව ඇය ‘සාරවිට’ට මෙසේ පැවසීය.
මුලින්ම ඔබ ගැන හැඳින්වීමක් කරන්න?
මම ත්‍රිකලා දරණි. මම උසස් අධ්‍යාපනය හැදෑරුවේ ගුවන් යානා තාක්ෂණික ඉන්ජිනේරු විද්‍යාව. ඊට අමතරව මම ලංකාවේ ඉන්න ළාබාලතම විශාරදවරියක්. මගේ Husband ගුවන් නියමුවෙක්. මට පොඩි බබෙක් ඉන්නවා අවුරුදු 1 ½ ක.
ඔබේ වෘත්තිය එක්ක මේ දේවල්වලට යොමුවෙන්න කාලයක් ලැබෙනවාද?
මම වෘත්තීය වශයෙන් කෙටි විවේකයක් අරගෙන තියෙන්නේ බබා හම්බ වුණාට පස්සේ. Musician කෙනෙක් විදියටත්, නිරූපිකාවක් විදියටත් මම සමබරව වැඩ කරගෙන යනවා.
කොයි කාලයේ ද මේ නිරූපණයට යොමුවෙන්නේ?
මේ ක්‍ෂේත්‍රයට පොඩි කාලේ ඉඳන්ම ලොකු ආසාවක් තිබුණා. මගේ හිතේ තිබුණා කවදා හරි ප්‍රොපෙෂනල් ෆොටෝ ග්‍රැෆි මොඩ්ල් කෙනෙක් වෙන්න. උසස්පෙළ ඉවර වුණාට පස්සේ පොඩි පොඩි ෆොටෝ ෂූට්වලට සහභාගී වුණා. දැන් කිරුළක් දිනපු කෙනෙක් විදියට තෝරා බේරාගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
නිරූපණය පැත්තෙක් ඔබ දායක වුන වැඩකටයුතු මොනවාද?
පහුගිය කාලේ මම විදේශගතව සිටි නිසා ලොකු දේකට අතගහන්න වුණේ නැහැ. ඉදිරියේදී හොඳ දේවල්වලින් දැකගන්න පුළුවන් වෙයි.
Mrs. Universe & Miss Tourism world පැජන්ට් එකද ඔබේ පළවෙනි පැජන්ට් එක?
ඔව්. Professional පැජන්ට් එකකට ගිය පළවෙනි අවස්ථාව. ගොඩක් සතුටුයි ඇත්තටම. ඒකෙන් කිරුළ දිනාගන්න හම්බවුණ එකත් ලොකු සතුටක්. ලෝකෙ තියන ලොකුම විවාහක රූ රැජිණ තරගෙට යන්න මම වාසනාවන්ත වුණා.
ඔබේ පළවෙනි පැජන්ට් එකනේ මේ කොහොමද ඒ ලබපු අත්දැකීම?
මම දැනට ජීවත්වෙන්නේ රටින් පිට. මොකද මගේ මහත්තයා රටින් පිට වැඩ කරන නිසා. නමුත් මම ලංකාවේ නිරූපණය ගැන නිතරම අප්ඩේට් වෙන කෙනෙක්. මම ගොඩක් මලිත් රණසිංහ කියන ඩිරෙක්ටර් ගොඩක් අනුගමනය කළා. හොඳ වැඩක් කරන බව දන්න නිසා මම අන්තර්ජාලය හරහා අයදුම්කරලා මලිත් රණසිංහට කතා කරලා එයාගේ යටතේ තමයි මම මේ තරගයට සහභාගීවුණේ.
මේ ජයග්‍රහණයෙන් පස්සේ ඔබේ ජීවිතයේ වෙනස්කම් සිදුවෙයිද?
මේ තරගයෙන් ලැබුණ දේවල් ගොඩක් තියෙනවා. මුලින්ම මම දකින්වෙ ටීම් වර්ක් එක. එකිනෙකට වෙනස් දක්ෂතා අදහස් තියන පිරිසක් එක්ක මට වැඩ කරන්න ලැබුණා. අපට මිනි පැජන්ට්ස් 12ක් තිබුණා. ඒ හැම මිනි පැජන්ට්ස් එකකම අපි පුරුදු පුහුණු කළා. මිනි පැජන්ට්ස් හරහා තමයි අපිට ලකුණු එකතු වුණේ. අවසාන දවසේ අපට විනිශ්චය මණ්ඩලයෙන් ලකුණු ලැබුණේ 30% ක් විතර තමයි. මිනි පැජන්ට්ස්වලින් 70%ක් පමණ ලකුණු ලැබුණා. බෙස්ට් මොඩ්ල්, බෙස්ට් කැට් වෝක්, මිසිස් පොපියුලර්, මිසිස් ටැලන්ට් කියන 4 ම මට ලැබුණා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේ මම කිරුළ දිනාගත්තා.
මේ තරගයෙන් පස්සේ ආයෙත් ලංකාවෙන් යනවාද?
මේ තරගයෙන් පස්සේ මට තියෙන ලොකුම දේ තමයි මේ මාසේ 25 දකුණු අප්‍රිකාවේ තියන මිසිස් යුනිවර්සල් වර්ල්ඩ් පැජන්ට් එක. ඒකට සහභාගීවෙන්න නියමිතයි. 24 වෙනිදා ලංකාවෙන් පිටත්වෙන්න බලාපොරොත්තුවෙනවා. ඇත්තටම ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ මගේ රටට කිරුළක් ගේන්න. ඒ වැඩ ඉවරවෙලා ආයෙත් විදේශගත වෙනවා. කිරුළක් දිනාගත්ත කෙනෙක් විදියට ලොකු වගකීමක් තියනවා. ලංකාවේ නිරූපණ ශිල්පිනියක් විදියට නිතරම ඒ කටයුතුවලට සම්බන්ධවීමට නිතරම මම ලංකාවට පැමිණෙනවා.
මේ සඳහා අතහිත දුන්න මතක් කළයුතු පිරිසක් ඉන්නවාද?
මුලින්ම මතක් කරන්න ඕනේ මගේ මහත්තයා ඉනෝක පෙරේරා. එයා දීර්ඝ නිවාඩුවක් අරගෙන ඇවිත් මට ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම මගේ බබා. මගේ පවුලේ අම්මා, තාත්තා, අක්කා, මල්ලී. මගේ හොඳම යාළුවො මතක් කරන්න ඕනේ. මගේ පැජන්ට් එකේ නැෂනල් ඩිරෙක්ටර්, ඒවගේම අර්ජුන සේනානායක හා නිලූ සේනානායක, මාව ලස්සන කරපු ඩ්‍රෙස් ඩිසයින් කරපු කුමාරිගේ මහත්මියවත් හැමෝම ආදරයෙන් මතක් කරනවා.
Dilan Chryshantha