ලේසි මාර්ගවල ගිහින් අතරමං වෙන්න ඕන නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-12-ent-118

‘පොඩි පත්තරකාරී’ ලෙස බොහෝ දෙනෙකු අමතන මිෂෙල් දිල්හාරා අද තරුණ පරපුරේ ආදරණීය තරුවකි. ‘සල්සපුනා’ ටෙලිනාට්‍ය තුළින් බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ ඇය මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙයි. සිය නිර්මාණ කටයුතු පිළිබඳ කතාබහ කිරීමට ඇය මෙලෙස ‘සාරවිට’ට ගොඩවැදුණාය.

 

මේ දිනවල වැඩකටයුතු කොහොමද?

2017-12-12-ent-120මේ දවස්වල මම ටෙලිනාට්‍ය කිහිපයක වැඩ කරගෙන යනවා. ‘සල්සපුනා’ ටෙලිනාට්‍යයේ හා සමන් කුමාර ලියනගේ සර්ගේ ‘පිච්ච මල සුවඳයි’ ටෙලිනාට්‍යයේ වැඩ කරනවා, එතකොට ‘තුත්තිරි’ ටෙලිනාට්‍යය කරගෙන යනවා දැනට.

 

ඇයි හැමෝම ‘පොඩි පත්තරකාරී’ කියලා කියන්නේ?

ඔය කියන්නේ ‘සල්සපුනා’ නාට්‍යයේ මගේ චරිතේ ගැනනේ. මම ඒකේ නිරූපණය කරන්නේ ප්‍රබල ඇමතිවරයෙකුගේ දුවෙකගේ චරිතයක්. එයා රට ඉඳන් ඇවිල්ලා කට්ටියත් එක්ක එකතු වෙලා පුවත්පත් වාර්තාකරණය ඉගෙන ගන්නවා. එයාගේ පවුල් පරිසරය ඉහළ පැලැන්තිය නියෝජනය කළත්, එයා කැමැති සමාජයත් එක්ක මුහුවෙන්න. ඒ සමාජ ප්‍රශ්නවලට මැදිහත්වෙන චරිතයක්. ඒකෙදි මම පුවත්පත් වාර්තාකාරිනියක්. ඒක තමයි ‘පොඩි පත්තරකාරී’ කියන්නෙ. මමත් ඒ චරිතෙට ආසයි සහ මම හිතන්නේ මිනිස්සුත් ඒ චරිතෙට ආදරය කරනවා.

 

‘පොඩි පත්තරකාරී’ නම ‘මාර්කට්’ කරනවාද? මොකද ෆේස්බුක් පේජ් එකක් පවා ඒ නමින් තියෙනවා නේද?

මම ඒ පේජ් එක හැදුවේ ටෙලිනාට්‍යයේ මගේ චරිතය වෙනුවෙන්. මම ඒ නම ‘මාර්කට්’ කරනවා කියන්න බැහැ. හැබැයි මට හැමෝම කතා කරන්නේ ඒ නමින්. ඉන්ටවීව් එකකට කෝල් කළත් කතා කරන්නේ ඒ නමින්. මම ඒ නම ‘මාර්කට්’ කරන්නේ නැහැ.

 

මිෂෙල් ටෙලිනාට්‍යවලට විතරද දායක වෙලා තියෙන්නෙ. නැතිනම් වෙන දේවල්වලට දායක වෙලා තියෙනවාද?

මම දැනට ‘තාත්තා’ කියලා ගීතයක රූප රචනාවකට දායක වෙලා තියෙනවා. ළඟදී ‘බජාජ්’ එකේ කමර්ෂල් එකකටත් දායක වුණා. තව චිත්‍රපටයකටත් ආරාධනාවක් ලැබුණා. මෙහෙමයි ඉතින් හොඳ නිර්මාණයකට කතා කළොත් බාරගෙන කරනවා.

 

මේ ක්‍ෂේත්‍රයට එන්නේ කොහොමද කිව්වොත්?

මම පුංචි කාලයේ ඉඳලා කාරාතේ කළා. මගේ තාත්තාට ඕන වුණේ මාව කරාතේ ශූරියක් කරන්න. ඒකට එයා අපට ජැකීචෑන්, බ_ස්ලීගේ ෆිල්ම්ස් ගෙනත් දෙනවා. හැබැයි මගේ හිත යට ආසාව තිබ්බේ දක්‍ෂ නිළියක් වෙන්න. ඒකට මම උසස් පෙළින් පස්සේ අනෝජා වීරසිංහ මහත්මියගෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ දමයන්ති ෆෝන්සේකා මහත්මිය යටතේත් ඉගෙන ගත්තා. ඉන්දියානු අධ්‍යක්‍ෂවරයෙක් වන උජ්වාල් සිංහා යටතේත් රංගනය හැදෑරුවා. පස්සේ තමයි මට ‘සිහින කාසි’ කියන මොබයිල් ඩ්‍රාමා එකට ස්ක්‍රීන් ටෙස්ට් එකකට කතා කළේ, සුසිල ආයතනයේ සන්ද්‍යා මෙන්ඩිස් මහත්මිය විසින්. මම මුලින්ම රංගනයෙන් දායක වුණේ ‘සිහින කාසි’ කියන මොබයිල් ඩ්‍රාමා එකට. ඒක තමයි ලංකාවේ පළමු වැනි මොබයිල් ඩ්‍රාමා එක. ඒක සුරංග සෙනෙවිරත්න සර් තමයි අධ්‍යක්‍ෂණය කළේ. ඒ ඩ්‍රාමා එක විකාශය වන අතරේ තමයි ‘සල්සපුනා’ එකට ආරාධනා ලැබුණේ. එහෙම තමයි පටන් ගත්තේ.

 

එතකොට තාත්තාගේ හීනය අමතක කළාද?

නැහැ. මම දැනටත් කරාතේ වැඩත් කරගෙන යනවා. ලබන අවුරුද්දේ තමයි මගේ ‘බ්ලැක් බෙල්ට්’ එකට යන්නේ. මම ඒක නතර කරන්‍නෙ නැහැ කවදාවත්. මොකද ඒක ආත්මාරක්‍ෂාවටත් හොඳයි. ඊට අමතරව මම යෝගා අභ්‍යාසවලත් නිරත වෙනවා.

 

ගෙදරින් මේ දේවල්වලට ලැබුණු සහාය මොනවගේද?

ඇත්තටම මම මුලින්ම ගෙදර අය ඉදිරියේ තමයි රඟපෑවේ. එයාලා තමයි මුලින්ම මගේ හැකියාව දැනගත්තේ. එයාලා ලොකු සහායක් දෙනවා මට. හොඳ දේවල්වලට විතරක් දායක වෙන්න කියලා තමයි එයාලා අවවාද කරන්නේ.

 

ක්‍ෂේත්‍රය තුළ රැඳෙන්න මොකක්ද කරන්න ඕන?

මෙහෙමයි ජනප්‍රියත්වය කියන්නේ තාවකාලික දෙයක්. හැබැයි මට ඕන මිනිස්සුන්ගේ හිත් තුළ හැමදාම ජීවත් වෙන කෙනෙක් වෙන්න. ඒක හරිම අමාරු දෙයක්. ඒකට ලේහෙසි මාර්ග තියෙනවා. නමුත් ඒ පාරේ ගිහින් අතරමං වෙන්න ඕන නැහැ. මේ හැමදේටම හැදෑරීම කියන දේ තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. හැදෑරීමක් සහිතව යන ගමන දීර්ඝයි. ක්‍ෂේත්‍රයේ රැඳෙන්න නම් හැමදේ ගැනම හැදෑරීමක් ඕන. කැමරාවකට මුහුණ දෙන ආකාරය, ලයිටින්වලට මුහුණ දෙන ආකාරය වගේ දේවල් පිළිබඳ අපි දැනගෙන ඉන්න ඕන. මොකද එතකොට තමයි අපට පැවැත්මක් තියෙන්නෙ. මට ඒ පුහුණුව ලැබුණේ සුසිල ආයතනයෙන්.

 

මිෂෙල්ට තියෙන ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

රංගන ශිල්පිනියක වෙන්න තමයි මගේ හීනය තිබ්බේ. ලොකුම බලාපොරොත්තුව තමයි කවදාහරි දවසක අමරණීය චරිතයක් වෙන එක. ඒක අමාරුයි. කවුරුහරි හිතයි ඇයි මේ වයසට මේ වගේ දෙයක් ගැන හිතන්නේ කියලා. නමුත් අපට ඉලක්කයක් තිබ්බොත් තමයි අපට ඒ දේට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

Dilum mahavithanage photography

 

2017-12-12-ent-117  2017-12-12-ent-119