ලසිත් අයියාට කැමති ඔහුගේ ඇති නිහතමානිකමට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-231

දෙරණ රූපවාහිනියේ දිග හැරෙන "සිදූ" ටෙලි නාට්‍යය ඇතුළුව ටෙලි නිර්මාණ කිහිපයකම මේ දිනවල දකින හර්ෂි අංජුමාලා තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියකි. නිරන්තරයෙන්ම ඇය සමග අපි ඇයගේ කලා තොරතුරු විමසන නිසාම මෙවර අප ඇයට ක්‍රිකට් ක්‍රීඩාව ගැන ප්‍රශ්න කිහිපයක් යොමු කළා. මේ ඇයට ඊට දැක්වූ ප්‍රතිචාර.2019-09-19-ent-235

 

හර්ෂි ක්‍රිකට් තරග නරඹනවද?

මගේ තාත්තා ලොකු ක්‍රිකට් ෆෑන් කෙනෙක්. ඉතින් තාත්තා තරග නරඹන කොට අපිත් නරඹනවා.

 

කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද?

ශ්‍රී ලංකාවේ නම් ලසිත් මාලිංග අයියාට. විදෙස් ක්‍රීඩකයන් අතරේ විරාත් කෝලිට.

 

කෝලිටයි, ලසිත්ටයි ඔබ මේ තරම් කැමති ඇය?

ලසිත් අයියාට නම් මම කැමති ඔහුගේ ඇති නිහතමානිකමට. ඒකට හොඳම උදාහරණයක් කියන්නම්කෝ. %එයාර්ටේල්^ හා දෙරණ රූපවාහිනිය එකතු වෙලා කරපු වේග පන්දු යවන්නන්ගේ ඇකඩමියට මාත් කලා ශිල්පිනියක් විදිහට එකතු වුණා. එහිදි ලසිත් මාලිංග අයියාව හමුවුණා. මගෙත් ආසව තිබුණා ලසිත් අයියත් එක්ක කතා කරන්න. නමුත්, පුංචි චකිතයකුත් තිබුණා ඔහු කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා. නමුත්, ලසිත් අයියා මාව දැකලා %සිදූ^ තාම විකාශය වෙනවා නේද කියලා. ඇත්තටම ඒක මම බලාපොරොත්තු නොවුණ සිදුවීමක්. ඒ අවස්ථාවේදී තමයි මම ඔහුගේ නිහතමානිකම දැක්කේ.

 

එතකොට විරාත් කෝලිට කැමති ඇයි?

කෝලි ක්‍රීඩා කරන විලාසයට කැමති. ඔහු හැමවිටම උත්සාහ කරන්නේ කණ්ඩායමට ජයග්‍රහණය ලබා දෙන්න. ඒ වගේම ඔහු කිසිම අවස්ථාවක සූදානම් නැහැ තරගය අත්හරින්න‍.

 

ලංකාවේ ක්‍රිකට් තරග නරඹලා තියෙනවාද?

රූපවාහිනියෙන් නරඹලා තියෙනවා. නමුත්, සජිවිව නරඹලා නැහැ. ඒත්, ඒ දේ ඉතාම ඉක්මණින් සිදුවෙයි කියලා මම හිතනවා. මාත් ගොඩක් ආසයි ලංකා කණ්ඩායමක් තරග කරනවා නරඹන්න සජිවිව. යාළුවෝ කට්ටියත් එක්ක ඉදිරියේදී තියෙන තරගයක් නරඹන්න දැනටමත් මම සැලසුම් කරලා තියෙනවා.

 

වර්තමාන කණ්ඩායමේ ඉන්න කඩවසම් ක්‍රීඩකයා කවුද?

අලුත් අය ගොඩක් දැන් කණ්ඩායමේ ඉන්නවා. ඒ අතරින් මම හිතන්නේ කඩවසම් පෙනුමක් කමිඳු මෙන්ඩිස්ට තියෙනවා කියලා.

 

ක්‍රිකට් ක්‍රීඩකයෙක් ආදර යෝජනාවක් කළොත්?

සළකලා බලනවා. කරපු ගමන් ඒක පිළිගන්නේ නම් නැහැ. මොකද, මම කැමතියි මගේ අදහස්වලට, ගතිපැවතුම්වලට ඒ ආදර යෝජනාව කරපු කෙනා ගැළපෙනවද කියලා බලන්න.

 

අද ලංකාවේ ක්‍රිකට් මොන වගේ තැනක තියෙනවාද?

ලංකාවේ නම ලෝකය පුරා බැබලුණේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා. සංගක්කාර, මහේල, ඩිල්ශාන්, ජයසූරිය, මුරලිදරන් වැනි සුපිරි ක්‍රීඩකයෝ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළටම ගේනවා. නමුත්, අද කණ්ඩායම ගත්තොත් ගොඩක් ක්‍රීඩකයෝ අසාර්ථක වෙන අවස්ථා පමණයි අපි දකින්නේ. උනන්ඳුව, කැපවීම ගොඩක් වැදගත්. ඒ වගේම පාසල් ක්‍රීඩකයන්ගේ ඉඳලා අපි දක්ෂතා අඳුනගෙන ඔවුන්ව නිසි ක්‍රමවේදයකට අපි ඉදිරියට ගේන ආයුතුයි කියලයි මම නම් හිතන්නේ.

 

බුද්ධික සේනාධීර

 

 2019-09-19-ent-232 2019-09-19-ent-233 2019-09-19-ent-234