ලස්සන කියන්නෙ කාන්තාවකට මැණිකක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201209Hot (1)කෙළිලොල් බවත්. ලස්සන පෙනුමත් ඇය බොහෝ දුර රැගෙන ගොසිනි. 2014 වසරේදී රුපවාහිනී අවුරුදු කුමරිය ලෙසින් කිරුළු පැළඳු පසු රංගන  ක්ෂේත්‍රයේ දොරටු විවර කර ගත් ඇය අද වන විට රටම හඳුනන ආදරණීය රංගන ශිල්පිනියකි. කොළඹ සෞන්දර්ය කලාවිශ්ව විද්‍යාලයේ ප්‍රසාංගික කලාව උපාධිය හැදෑරු ඇය නමින් දිල්හානි වීරසිංහය. අපි අද ලස්සන රහස් පිටුව හැඩකරන්නට ඇයට ඇරයුම් කළෙමු. 

• මේ දවස්වල හැමෝම කතා කරන්නේ දිල්හානි කියලා ද ? ‘‘පුෂ්පා’’ කියලා ද?

‘‘සකළ ගුරු’’ නාට්‍ය නිසා දැන් ගොඩක් ප්‍රසිද්ධ නිසා, හැමෝම අද වෙනකොට මාව වැඩිපුර දන්නේ ‘පුෂ්පා’ කිව්වාම.

• රංගනයට ආවේ ලස්සන නිසාමද?

අවුරුදු කුමරිය තරඟයකින් ජයග්‍රහණය ලබන්නේ ලස්සන නිසානේ. රංගනයට ප්‍රවේශ වෙන්නත් මූලිකව හේතුව වුණේ ලස්සන. ඒත් මම හිතනවා කලාවේ රැදෙන්න නම් අනිවාර්යෙන්ම ලස්සන වගේම හැකියාව, දක්ෂතාවය සහ හැදැරීම කියන මේ සියලු දේම එකතුවක් අවශ්‍ය වුණා කියලා.

• ලස්සන කියන දේ කාන්තාවකට වැදගත් ද?

ඔව්, ලස්සන කියන දේ කාන්තාවකට මැණිකක්. එය ඔපදැමිය යුතුයි. ඒ වගේම මම හිතනවා ලස්සන නිසා කාන්තාවකට වටිනාකමකුත් එකතු වෙනවා කියලා. වර්තමානය වන විට ලස්සන කියන දේ නිසා කාන්තාවකට බොහෝ දුර යා හැකි වී තිබෙනවා. බාහිර ලස්සන වගේම කාන්තාවකට තමන් අභ්‍යන්තරව ලස්සන වීමත් ඉතාම වැදගත්.

• අභ්‍යන්තරව ලස්සන වෙන්න මොනවාද කරන්න පුළුවන්

හිත ලස්සන නම්, සිතුවිලි වලින් ලස්සනම් අපි ඉබේම ලස්සන වෙනවා බාහිරෙන් කොච්චර ලස්සන කෙනෙක් වුණත් හඳවතින් නපුරු නම් ඒ අයගේ ගතිගුණ බාහිර පෙනුමෙන් කොච්චර වහන්න හැඳුවත් පේන්න ගන්නවා. නමුත් බාහිරෙන් ලස්සන අඩු කෙනෙක් වුණත්, හදවතින් ලස්සනනම් මොකක්ද සුන්දරත්වයක්, ප්‍රියමනාප බවක් පේනවා. හදවතින් ලස්සන කෙනෙකුගේ සුන්දරත්වය හංගන්න බෑ කියලයි මට හිතෙන්නේ.

• පුංචි කාලේ ඉදලාම අවුරුදු කුමාරි තරඟවලට පෙනී ඉදලා තියෙනවාද?

ඔව්. මොන්ටිසොරි යන කාලේ ඉදලාම රූපවාහිනී අවුරුදු කුමාරි තරඟයට සහභාගි වෙනකම්ම මම අවුරුදු කුමාරි තරඟවලට සහභාගි වී තිබෙනවා. ඒ වගේම ජයග්‍රහණත් ලබලා තියෙනවා. ඒක මගේ හිතේ තිබුණ හීනයක්

• ලස්සන වෙලා ඉපදුණේ කුමක් නිසාද කියලාද ඔබට හිතෙන්නේ

පෙර වාසනාවක් කියලා තමයි මටනම් හිතෙන්නේ. ඒ වගේම අද වෙන විට ලස්සන කියන දේ ආශිර්වාදයක් වී තියෙනවා. 

• ලස්සන කියන්නේ ආඩම්බර විය යුතු දෙයක් ද?

නැහැ නේද? මොහොතක් පාසා වයසට යන අපි රූපය නිසා ආඩම්බර විය යුතු නැහැ. රූපය නිසා ආඩම්බර වුණොත් කවුරුත් ගණන් ගන්න එකකුත් නෑ.

• ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව කවු ද?

ම්... ලෝකයේ ඕනෑ තරම් ලස්සන කාන්තාවන් දැකලා තියෙනවා. ඒත් මගේ අම්මා තරම් ලස්සන කෙනෙක් මට මේ ලෝකයේ නෑ. ඇය ඒ තරම්ම ලස්සනයි.

• පුංචි කාලේ ඉඳලාම ඔයාව ලස්සන කරන්න අම්මා උත්සහා ගත්තා ද?

ඔව්...ඔව් දන්න කාලේ ඉදලාම මාව ලස්සනට තියන්න අම්මා අද වාගේම ගොඩක් උත්සහා කරනවා. 

• ඔය තරම් ලස්සනට ඉන්න දැන් මොනවාද කරන්නේ?

මම මගේ රූපය, ඇ​ෙඟ් හැඩය, සමේ පැහැය නිරතුරුවම ලස්සනට තියා ගන්න උත්සහා ගන්නවා. 
උදේ නැගිට්ට ගමන් ලොකු වතුර වීදුරුවක් බොනවා. කොහොමත් දවසට වතුර ලීටර් 2 ත් 3 ත් අතර ප්‍රමාණයක් බොනවාමයි. සාමාන්‍යයෙන් සතියකට දින කිහිපයක් ඖෂධ කොළවලින් සකස් කළ කැඳ වර්ගයක් බොන්න පුරුදුවෙලා ඉන්නවා. ඊට අමතරව පළතුරු යුෂ, තැඹිලි, සව්, බාර්ලි වගේ ඇඟ නිවෙන පාන වර්ගත්, ගන්නවා. සාමාන්‍යයෙන් උදේ ආහාරයට ධාන්‍ය ආහාරයට ගන්නවා. දවල්ට බත් පොඩ්ඩක් එක්ක එළවළු, සලාද, මැල්ලුම් වැඩිපුර ආහාරයට ගන්නවා. රෑට එළවළු සලාදයක්, එළවළු සුප් එකක් ගන්නවා. ඇඟේ හැඩය තියා ගන්න අනිවාර්යයෙන්ම දවසකට විනාඩි 45 ක් පැයක් ඇවිදිනවා. 
ඊට අමතරව හැම මාසයකම සතියක්, තෙල්, සීනි, පැණි රස කෑම, පිටි සහිත කෑම ගන්නේ නැතුව ඩයට් ප්ලෑන් එකක් කරනවා. ඒකෙන් ඇඟේ බර අඩුවෙන එක ගොඩක් අඩු වෙනවා.

• පුරුද්දක් විදිහට රෑට කෑමෙන් පස්සේ ග්‍රීන් ටී එකක් බොනවා. ඒකත් ශරීරයේ මේදය ඉවත් වෙන්න රුකුලක් වෙනවා කියලා විශ්වාස කරනවා.?

සුදු පොල් තෙල්වලට, කෝමාරිකා මදයයි, විටමින් ඊ කරල් දෙකකුයි කරපිංචා කොළ ටිකකුයි ද‌ාලා රත්කරලා හද‌ාගන්න ඖෂධීය තෙල් වර්ගයක් මම හිසේ ගල්වන්නේ. ඒ තෙල් එකට කොණ්ඩේ යන එක නතර වෙනවා වගේම, කොණ්ඩෙත් ලස්සනට වැවෙනවා. දිප්තිමත් බවකුත් ලැබෙනවා. 

• සමේ පැහැය ලස්සනට තියා ගන්න මොනවාද කරන්නේ

ගෙදර ඉන්නවා නම් කස්තුරි, කහ, සුදු, හඳුන්, වෙනිවැල් ගැට කුඩු, මී පැණියි මිශ්‍රකරලා ඒකට යෝගට් එකක් ද‌ාලා මූණේ ගානවා. ඊට අමතරව පුළුවන් වෙලාවට කඩල පිටිවලට මී පැණි මිශ්‍ර කරලා ගානවා. එම සත්කාරයට සම සුදු වෙනවා.
ඊට අමතරව වට්ටක්කා, කැරට්, වෙන වෙනම වේලලා, ඒවට සුදු පොල්තෙල් ද‌ාලා රත්කරලා හද‌ාගන්න කැරට් Oil, වට්ටක්කා Oil, රාත්‍රියේදී සමේ ආලේප කරනවා. එයත් හරිම සමට හිතකරයි. සමේ පැහැපත් බව වැඩිකිරීමටත් එහෙම ස්වභාවිකව සකසා ගන්නා Oil වර්ග උපකාරි වෙනවා.

• හම සුදුකර ගන්න ඔබත් ආසාද?

උපතින් ලැබුණ වර්ණය තමයි අපිට ලැබුණ හොඳම වර්ණය නේද? ඒ නිසා මට එහෙම ආසාවක් නෑ. 

• විලාසිතා කිරිමේදි සැළකිලිමත්ද?

ඔව්. මට ගැලපෙන, තැනට ගැලපෙන විදිහට මම විලාසිතා කරනවා.

• ඇඟට ලස්සනම පාට?

කහ, රෝස, නිල් පාට ඇන්ද‌ාම මට ගොඩක් ලස්සනයි.

• ආසම ඇඳුම?

ඩෙනිමටයි, ටී ෂර්ට් එකටයි ගොඩක් ආසයි.

• ලස්සන කියන්නේ කුමක්ද කියලා ඔබට හිතෙන්නේ

කාන්තාවකට ලස්සන කියන්නේ තමන්ගේ ආත්ම ශක්තිය වැඩිවෙන දෙයක්.  ඒ නිසා හැමද‌ාම ලස්සන ඉන්න උත්සහ කරනවා කියන්නේ. අපිට හැමද‌ාම අපි ගැන ලොකු විශ්වාසයකින් ලෝකයට මුහුණ දීමේ පන්නරය ලැබෙනවා කියන එක හොඳ පෞර්ෂයක්, ප්‍රියමනාප පෙනුමක්, පිරිසිදුකම, පිළිවෙල, කියන දේ ඇත්තටම හැමද‌ාම රැකගත යුතු දෙයකි.

අසුන්තා එදිරිසූරිය

20201209Hot (2) 20201209Hot (3) 20201209Hot (4)