ලබන වසරේ වෙසක් සමරමු!
සිරස ෆිල්ම් ස්ටාර් ලෙස කිරුළ දිනා ගනිමින් ක්ෂේත්රයට ආ චතූ රාජපක්ෂ අද වන විට කටයුතු කරන්නේ සිරස ප්රවෘත්ති නිවේදිකාවක ලෙසය. ඒ අතරවාරයෙදි රංගනයට සහ රූපවාහිනි දැන්වීම් නිරූපණයටත් ඇය දායක වන්නීය. අඩෝ, ක්වීන්, කිඩ්නැෆ්, ද ගේම් ඇතුළු ටෙලි නිර්මාණ සමග රංගනයේ යෙදුණු චතූ වෙළෙඳ දැන්වීම් නිසා බොහෝ දෙනා අතර සිත්ගත් රුවක් වී සිටින්නීය. ‘‘චතූ’’ අද දවසේ සඳැල්ල කතාබහ හැඩකළේ මෙලෙසිනි.
‘‘චතූ’’ මේ දිනවල කොහොමද ජීවිතය
මේ දිනවල එම කටයුතු අඩාල වෙලා රටේ තත්වය එක්ක ෂූට්. ඇණ හිටියා. ඒ නිසා කොහේවත් නොයා ගෙදරටම වෙලා ඉන්නවා.
ගෙදරදි මොනවද කරන්නෙ?
ගෙදරදි ලොකු වැඩ නෑ. කනවා - බොනවා - උයනවා. ඒ නිසා කම්මැලි හිතෙන අවස්ථා ගොඩයි. එහෙම වුණත් හිතෙන්නෙ දිගටම පසුගිය කාලයේ වැඩ කළ නිසා මේක පොඩි රෙස්ට් එකක් කියලයි.
ගෙදරදි, උයන්න පුළුවන්ද?
ඔව්. එක එක කෑම ජාති හදලා බෙදුවා. කාර්ය බහුල දිනවල කඩෙන් කෑවෙ. ඒ වගේම ගෙදර අය එක්ක වැඩිදුර කතා කරන්න ලැබිලා.
ගෙදර විස්තර?
අක්කා, මල්ලි, නංගි, අම්මා විදෙස්ගත වෙලා සිටින්නෙ. අප්පච්චිත් වැඩ. අතීතය ගැන අපට කතා කරන්න හොඳ අවස්ථාවක් ඇවිත් කුඩා කාලයේ වෙච්ච දේවල් එහෙම.
කුඩා කාලයේ වෙච්ච සිදුවීම් අතරින් සිහිපත් කල හැකි ඒවා මොනවද?
ගෙදරදි රන්ඩු වුණ ඒවා කෑම බෙදා ගන්න බැරිව, පුංචි පුංචි ඒවාට රණ්ඩු කර ගත් හැටි අද මතක් වෙද්දි හිනාත් යනවා.
හොඳම මතකය කුඩා කළ?
මල්ලි එක්ක නිතරම රණ්ඩු වීම එයා උදේට අවදි වූ විගස මා එක්ක රණ්ඩු වීම, ඒක තමයි මතකය.
කුඩා කළ ඔබ මොන වගේද?
අම්මා කියන්නෙ දඟකාර චරිතයක් කියලයි. ඒත් මල්ලි ළඟදි විතරක් මෙල්ල වූ චරිතයක්. අම්මාට – තාත්තාට නැති බයක් මල්ලිට තිබුණා.
අක්කා එක්ක?
අපේ අක්කා වැඩි කතාබහ නැති ඉගෙනීමට බරවූ කෙනෙක්. එයා එයාගෙ පාඩුවෙ හිටියා. අක්කා වැඩිමලා නිසා වගකීම් සහිතව වැඩ කළේ. දැන් එයා හොඳ රැකියාවක් කරනවා. අදටත් එයා අපට උපදෙස් දෙන එක කරන්නෙ.
‘චතූ’ මොන අංශය ගැනද හිතුවෙ?
නර්තනය සහ කලාව ගැන. පවුලත් කලාවට සමීපයි. ඒත් අපේ පවුලෙ වැඩියෙන්ම කලාවට කැමති වුණේ මම. අද මේ අංශයේ ඉන්නෙත් ඒ නිසා වෙන්න ඇති.
කලාවෙන් ඉදිරියට යන්නද හිතුවෙ?
නැටුම් ගුරුවරියක වෙන්න හිතුවෙ. ඒත් ඊට වඩා දක්ෂතා පෙන්වීමේ රැකියාවක් ලැබුණා.
කොහොමද අද දවසේ රැකියාව?
අද වැඩ ඇණ හිටලා. හැබැයි මම හිතනවා හිත් රිදුණ අයගෙ හිත් හදාගන්න, වැරදි කළ අයට වැරදි හදාගන්න, ඒ වගේ අලුතින් ජීවිතය හදා ගන්න ලැබුණ කාලයක්.
මේ දිනවල රඟපෑ චරිත?
ප්‍රියන්ත ප්රනාන්දුගෙ අලුත් නිර්මාණයක වැඩ කරමින් සිටියෙ. ඒ වගේම සමන් කුමාර ලියනගේ මහතාගේ නාට්‍යයකත් ඇරයුම් ලබා සිටියෙ. සිරස ටී.වී එකේ අරුණ විජයවර්ධනගෙ ‘‘සල් මල් ආරාමය’’ නාට්‍යයේ වැඩ කළා.
ඉදිරියේදි චතුව දැක ගන්න පුළුවන්ද?
ටෙලිනාට්‍ය තුනක සහ චිත්‍රපටයක දැකගන්න පුළුවන්.
මේ දක්වා ඔබට ලැබුණු හොඳම චරිතය?
චරිත තෝරා ගැනීම්වලදී හිතලා බලලා තෝරා ගන්නෙ. ඒ නිසා විවිධ චරිත රඟපාන්න ලැබුණා. ඒවාට හොඳ සාධාරණයක් ඉෂ්ට කළා කියලා හිතනවා.
‘වෙසක්’ ගැන කතා කරමුද?
ගිය වසරෙදිත් අපට වෙසක් සමරන්න බැරි වුණා. ත්රස්තවාදීන් කළ ප්‍රහාරය නිසා. මේ වසරේදිත් ඒ බිය ආවා. මේ වසංගතය නිසා. ඒ කොහොම නමුත් තමන්ගෙ හිතේ ඒ ශ්‍රද්ධාව තිබුණොත් ඇති කියලා හිතෙනවා. ඒ හැර අපි රංචු ගැසීම හොඳ නැහැ. මේ වසර අපි පරිස්සම් වුණොත් ඉදිරි වසර අපට වෙසක් සමරන්න පුළුවන් වේවි.
ගෙවී ගිය ජීවිතයේ ‘වෙසක්’ සම්බන්ධයෙන් ඔබට අමතකම නොවන සිදුවීම?
වෙසක් බලන්න යාළුවෝ එක්ක ගිය ඒවා, දන්සැල් දීපුවා, ගෙදර අය එක්ක කූඩු හදපුවා, අවුරුදු සමරන්න සති කීපයකට පෙර සූදානම් වුණා වගේ, වෙසක් එකටත් ඒ විදියට සූදානම් වුණා.
වෙසක් එකට සිල් අරන් නැද්ද?
පාසල් යන කාලයේදී කළා. ඊට පස්සෙ නැහැ. පුංචි කාලයේ සිත එක තැනක තියාගන්න පුළුවන් වූ නිසා එහෙම කළා. දැන් සිත එහෙ මෙහෙ දුවන නිසා එහෙම කරන්න ටිකක් අසීරුයි.
වෙසක් සමයේ වඩා හිතට දැනුණ බොදු බැති ගී මොනවද? ඔබ කැමති?
වෙන කාලවලදි වෙසක් එනකොට බොදු බැති ගී අහන්න ලැබෙනවා. ඒ විදියට ඇසෙන සහ හිත නිවෙන බොදු බැති ගී සියල්ලට මම ආසයි.
කොහොමද ‘චතුගේ’ ආදරය?
විවිධ විදියට දුක, සතුට, විරහව සම සමව ගලා යනවා. හොඳම කාලයේදි හොඳම කෙනා හමුවේවි කියලා හිතනවා.
පෙම්වතාගෙන් රංගනයට තහංචි නැද්ද?
රංගනය පැත්තට වඩා පවුලේ අය සහ එයා කැමතිත් නිවේදන අංශයෙන් මම ඉදිරියට යනවාටයි.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ