ලබන වසරේ 'මිස් ශ්‍රී ලංකා' තරගයට ඉදිරිපත් වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-31-ent-41

වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහොමයක් තුළින් ඔබ හඳුනාගත් බුද්ධි ජයවර්ධන සමගින් මෙවර 'තරුණයා' තරු කතාබහ අරඹන්නට අපි සූදානම් වුණෙමු. වෘත්තීය මට්ටමේ මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කරන ඇය මේ වනවිට රංගන ශිල්පිණියක ලෙස කලා ක්ෂේත්‍රයටද සම්බන්ධව සිටියි. මේ ඇය සිය ඉදිරි කලා කටයුතු පිළිබඳව දැක්වූ අදහස්ය.

 

බුද්ධි කියන්නේ දැන් රංගන ශිල්පිනියක්?

2017-05-31-ent-44ඔව්, "දෙරණ අවුරුදු කුමරිය" තරගය ජයග්‍රහණය කිරීමත් සමග මට ආරාධනා ලැබුණා ටෙලි නාට්‍යය කිහිපයකටම සම්බන්ධ වෙන්න. ආසිරි රණසිංහ අධ්‍යක්ෂණය කළ "මන්දාරම් අහස" කියන්නේ මට ඒ ලැබුණ ටෙලි නාට්‍යයවලින් එකක්. ඒ ටෙලි නාට්‍යය ඉදිරියේදී විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා. මම එහි නිරූපණය කරන්නේ "මන්දාරමි" කියන චරිතය. මාත් එක්ක දසුන් නිශාන්, ධනංජි තාරුකා හා ශෂි ඇන්ජලීනා රංගනයෙන් දායක වෙනවා.

 

පසුගිය දවස්වල පැජන්ට් එකකට සම්බන්ධ වුණා නේද?

ඔව්, "සිලෝන් මැජස්ටික්" පැජන්ට් එකට. අවසන් මහා තරගයට තරගකාරියන් 30 දෙනෙකු සුදුසුකම් ලබලා තිබුණා. ඒ හැම කෙනෙක්ම වගේ වර්තමාන නිරූපණ ක්ෂේත්‍රය තුළ ඉහළම නමක් දිනාගෙන ඉන්න අය. මෙම පැජන්ට් එකේදී ඉවෙන්ට් පහක් වෙනුවෙන් තමයි ජයග්‍රාහිකාවන් තෝර ගත්තේ. මට හිමිවුණේ "මිස් ඉකෝන් ඉන්ටර්නැෂනල්" කියන ඉවෙන්ට් එකේ ජයග්‍රහණය. මේ පැජන්ට් එකකදීම මට අත්දැකීම් ගොඩක් ලැබුණා.

 

බුද්ධි බොහෝ දෙනෙක් අතර වැඩිපුරම කතාබහට ලක්වුණේ "දෙරණ අවුරුදු කුමරිය" වීමත් සමග?

ඔව්, ගිය වසරේදී තමයි මම "දෙරණ අවුරුදු කුමරිය" වුණේ. ඊට අමතරව 2015 වසරේදී ස්වාධීන රූපවාහිනි සේවය මගින් පැවැති %අවුරුදු කුමරිය^ තරගයේදී දෙවැනි තැනට පත් වුණා. ඒ වසරේදීම තිබුණ "රිවිර" හා "තරුණි" අවුරුදු කුමරිය ලෙස ජයග්‍රහණය කළා. 2014 වසරේදී %නෙත්^ අවුරුදු කුමරිය ලෙසත්, මම අභිෂේක ලැබුවා. පසුගිය වසර දෙක තුන තුළදී විද්‍යුත් හා මුද්‍රිත මධ්‍යයන් සංවිධානය කළ %අවුරුදු කුමරිය^ තරගවලදී පස්වරක් ජයග්‍රාහිකව වුණා.

 

දැන් ඔබ රංගන ශිල්පිනියක්. නිරූපණ වෘත්තිය අමතක කරනවාද?

නැහැ. %සිලෝන් මැජෙස්ටික්^ පැජන්ට් එක තිබුණ නිසා පසුගිය මාස තුන තුළදී නිරූපණ වැඩවලට දායක වුණේ නැහැ. නමුත්, දැන් ආයෙත් මම නිරූපණ වැඩ පටන් අරගෙන තියෙනවා. පසුගිය දිනවල මම බ්‍රයිඩ්ල් ෆොටෝ ෂූට් කිහිපයකටම පෙනී හිටියා. ඉදිරියටත් ඒ වගේ වැඩ ගොඩකට ආරාධනා ලැබිලා තියෙනවා. රංගන ශිල්පිනියක් වුණාට මම ගොඩක් කැමතියි නිරූපණය පැත්තට.

 

ඔබ අධ්‍යාපන කටයුතුවල තත්ත්වය කොහොමද?

මම කැලණිය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබනවා. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධියක් තමයි හදාරන්නේ. කලා කටයුතුවලට වගේම ලොකු කාලයක් මම අධ්‍යාපන කටයුතුවලටත් යොමු කරලා තියෙනවා. රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වුණත් මම ඉගෙන ගන්න දෙයින් රැකියාවක් තෝර ගන්න තමයි මම කැමතියි.

 

"මිස් ශ්‍රී ලංකා" වෙන්නත් බුද්ධිගේ බලාපොරොත්තුවක් තියෙනවා නේද?

ඔව්, මම මේ වසරේදී තමයි ඉදිරිපත් වෙන්න හිතාගෙන හිටියේ. ඒත්, එක දිගට %අවුරුදු කුමරිය^ තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කළ නිසා මම හිතුවා පුංචි විවේකයක් ඒ පැත්තෙන් ගන්න ඕන කියලා. %සිලෝන් මැජෙස්ටික්^ පැජන්ට් එකට මම ඉදිරිපත් වුණේ ඒ තරගය පිළිබඳව අත්දැකීමක් ගන්න. ලබන වසරේ තමයි %මිස් ශ්‍රී ලංකා^ තරගයට ඉදිරිපත් වෙන්න සැලසුම වෙලා තියෙන්නේ.

 

"මන්දාරම් අහස" ටෙලියෙන් පස්සේ?

ටෙලි නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ගොඩක් ඒවා සාකච්ඡා මට්ටමින් තියෙන්නේ. හොඳ නිර්මාණ කිහිපයකුත් ඒ අතර තියෙනවා. ඉදිරියේදී ඒ නිර්මාණ හරහා රංගන කටයුතුවල නියැළෙන්න තමයි මගේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ.

 

ගීත රූප රචනාවල දැන් වැඩිය නැහැ නේද?

දැනට මම ගීත රූප රචනා 10ක විතර රඟපාලා තියෙනවා. ගිය සතියෙත් මම අලුත් රූප රචනාවකට පෙනී හිටියා. ඒක ඉදිරියේදී විකාශය වේවි කියලා මම හිතනවා. සමීර එදිරිසිංහ ගායනා කරපු ගීතයක රූප රචනාවවකට මම පසුගිය කාලේ සම්බන්ධ වුණා. ඒ හරහා ලොකු ජනප්‍රියත්වයක් මට ලැබුණා. රූප රචනාවල නම් ලොකුවට සම්බන්ධ වෙන්න අදහසක් නැහැ. ඉඩ ලැබෙන පරිදි ඒ නිර්මාණවලටත් මම දායක වෙනවා.

 

 2017-05-31-ent-42 2017-05-31-ent-43  2017-05-31-ent-45