ලබන අවුරුද්දේ විශේෂ දෙයක් වේවි
හැඩකාර පෙනුමට එහා ගිය රංගන දක්ෂතාවයක් ඇති ලස්සන තරින්දි මේ දිනවල ප්‍රේක්ෂකයින් අතරට එන්නේ, කැලෑහඳ සහ පුලිඟු නාට්‍යයේ - පොඩි වෙදනෝනා, හොද වැඩේ නාට්‍යයේ - නිරාශා, Interනැසනල් නාට්‍යයේ - චාරුණි සහ දාම් නාට්‍යයේ - අමායා ලෙසයි. ඊට අමතරව තිරගතවීමට නියමිත ‘ද ගේම්’ චිත්‍රපටයේ චරිතයක් සමග හමුවීමට නියමිත ‘තරින්දි’ දෙසැම්බරය හෙවත් සීතල උඳුවප් මාසය එනතෙක් මග බලා සිටින තැනැත්තියක්. ඒකට හේතුව මොකක්ද? මේ කතාබහේදී ඇය අපට ඒ ගැන කියාවි.
• තරින්දි, කොහොමද ජීවිතේ?
හොඳයි, මේ ටිකේ නම් ටිකක් කාර්ය බහුලයි. මොකද මම බැංකු රස්සාව අත්හැරලා මේ ක්ෂේත්රයට ආවේ, ඒ වෙනුවෙන් කැපවෙන්න. මේ නත්තල් මාසය තමයි මගේ ප්‍රියතම මාසය. මේ මාසය එනකල් මම මඟ බලාගෙන ඉන්නේ.
• ඒකට හේතුව?
නත්තල් මාසය ජේසු ස්වාමිදරුවන්ගේ උප්පත්තිය සිදුවූ මාසයනේ. මම කතෝලික ආගමේ. මේ දිනවල ලහි ලහියේ නත්තලට ලැහැස්ති වෙනවා. නත්තල් එනකොට සුළඟ හමනවා, අමුතු සීතලක් එනවා, ඒත් එක්කම අලුත් වසරකට පෙර අපට තියෙන මාසය. ඒ අවුරුදු නිමාවට පෙර නත්තල් මාසයට හරිම ආසයි.
• විශේෂයෙන් මොනවද නත්තලට කරන්නේ?
ගවලෙන හදනවා, නත්තල් ගස් හදනවා, නෑදෑයින්ට තෑගි බෝග දෙනවා, ගමන් එහෙම යනවා, අලුත් කෑම ජාති හදනවා. ඒ අතරේ ෂූටිං යන්නත් ඕනෑ. ඒ ඔක්කොම නිසා තමයි කාර්යබහුල.
• තරින්දි ස්පෙෂල් කෑම මොනවද?
උයන-පිහන වැඩ පුළුවන්. හැබැයි සෞඛ්‍ය සම්පන්නබව ගැන හිතලා සිරුර ගැන හිතලා කෑම ජාති හදාගන්නවා. මම හදන දේවලින් මට හිතෙන විදියට කැඳ වර්ග සහ මම නිතර කන සලාද වර්ග රසවත් විදිහට හදාගන්නවා කියලා කියන්න පුළුවනි.
• ජීවිතයේ, ගෙවී ගිය වසරවලදී අමතකම නොවන නත්තල මොකක්ද?
සෑම අවුරුද්දකම නත්තල අපි සතුටින් සාමයෙන් සැමරුවා. හැබැයි මේ නත්තල මට විශේෂ වෙයි. මොකද රංගන ක්ෂේත්රයේ මට ලොකු ස්ථාවරයක් ඇති වෙලා තියෙන නිසා. ඒ වගේම වෙනදා නත්තල් සමරන්න මා එක්ක හිටපු පිරිසට වඩා තවත් පිරිස වැඩි වෙලා. ඒ සැවොම නිසා මේ නත්තල මට විශේෂයි.
• තරින්දි, චරිත එක්කනේ ආදරේ කරන්නේ. ඇත්ත ආදරේ කොහොමද?
මම ආදරේ කරනවා. මම ආදරවන්තියක්. මේ වෙලාවේ කියන්න කැමති නැහැ. හැබැයි ලබන අවුරුද්දේ ජීවිතයේ විශේෂ දෙයක් වේවි.
• කොහොමද ආදරේ දැනෙන්නේ?
හැමෝම කියන්නේ එක පාරටම ආදරේ සුන්දරයි කියලනේ. ඒත් ඊට වඩා වචනවලින් කියාගන්න බැරි දෙයක්. මම ආදරේ ගොඩාක් විඳින කෙනෙක්. මට ඇත්තම ආදරයක් ලැබිලා. ඒ නිසා ජීවිතය සැහැල්ලු වෙලා. අරමුණු කරා යන්නත් පුළුවන් වෙලා. ඒ ආදරය තුළ විඳවීමක් නැහැ. මම ආදරය විඳිනවා.
• රංගනය හැර තරින්දි වඩා කැමති මොනවාද?
නර්තනයට. ඒත් ඊට දිය හැකි කාලය අඩුවෙලා. ලබන අවුරුද්දේ නර්තනයටත් යම් කාලයක් වෙන් කරාවි.
• මේ ආ ගමනේදී ලද අත්දැකීම් එක්ක ‘ජීවිතෙයන්’ ලබාගත්ත දේ මොනවාද?
පාසල් කාලයේදී නර්තනය හදාරා, නර්තන ගුරුවරියකවීම තමයි අරමුණ වුණේ. ඒ ගමන වෙනස් වුණේ වාණිජ විෂය උසස් පෙළට තෝරා ගත්ත නිසයි. පසුව බැංකු ක්ෂේත්රයට ආවේ ඒ අංශයේ අධ්‍යයනය කරලයි. හැබැයි ක්‍රීඩා, නර්තනය, රංගනය වැනි බාහිර දේත් කළා. ඒ ඔක්කොම අත්හැරියේ උසස් පෙළ නිසයි. හැබැයි මොකක් හෝ හේතුවක් නිසා 2016 දී මගේ අම්මගේ මරණින් පසුව ජීවිතේ වෙනසක් වුණා. ඒ වෙච්ච පෙරළිය මගේ ජීවිතයට ආශිර්වාදයක් වුණා. ඒක වුණේ දෙවියන් වහන්සේගේ කැමැත්තට සහ අම්මාගේ ආශිර්වාදය නිසයි. අදටත් මම කරන්නේ ඒ විදියටයි. අද වනවිට ඒ වෙච්ච පෙරළිය එක්ක විවිධ අත්දැකීම්වලට මුහුණ දීලා, අභියෝගවලට මුහුණ දීලා, දුක සතුට දෙකටම මුහුණ දීලා, අලුත් යාළුවෝ හඳුනාගෙන ඒ සියල්ල නිසා ජීවිතය අර්ථවත් වෙලා, හැඩකාර වෙලා.
• අද ඔබට ක්ෂේත්රයේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ඕනෑම ක්ෂේත්රයකට ආධුනික කෙනෙක් ආවාම, උදව් කරන්න අය වගේම පහර ගසන්නත් පිරිසක් ඉන්නවා. මම ආ අලුතත් මාව ධෛර්යවත් කරන්න වගේම විවිධ ඕපාදූප ගොතලා මගේ චරිතය ඝාතනය කරන්නන් සමහරු උත්සාහ කරා. ඒත් ඒ සියල්ලට මුහුණ දීලා මම ශක්තිමත්ව ගමනක් ආවා. ඒ සියල්ලට මූලිකව මට ශක්තියක් වුණේ මගේ පවුලේ අය. අම්මාගේ ආශිර්වාදය, තාත්තාගේ ආශිර්වාදය, අක්කාගෙ සහ පවුලේ අනෙක් ඔක්කෝමගෙන්ම ලැබුණු ධෛර්ය සහ මගේ ආදරවන්තයාගෙන් ලැබුණු සහයෝගය.
• ඔබ ඔබගේ ආදරවන්තයා ගැන විග්රහ කරන්න කිව්වොත් කොහොමද කරන්නේ?
ආදරවන්තයකු වුණාම ටිකක් ආත්මාර්ථකාමියි. හැබැයි ආදරේ ඇති වෙච්ච ගමන්ම ඒ ආත්මාර්ථය ඇති වෙනවා. ඒත් මගේ ආදරය ඊට එහා ගිය පුදුම බැඳීමක්. අපේ අරමුණ කරා යන ගමනට ඒ බැඳීම සහ අවබෝධය හරි වැදගත්. ඒ නිසා තමයි මෙච්චර ලස්සනට ඒ ආදරය පවතින්නේ.
• ‘හොඳ වැඩේ’ දැන්වීමත් නැගලා යනවා නේද?
ඔව් ඒක තමයි. මේ දිනවල මම සහ ඉසුරු රඟපාන චරිත එක්ක, ඒ දැන්වීම කරන අයට අපි දෙන්නම ඕනෑ වුණා. ඒ විදියට තමයි ඒ දැන්වීමට දායක වුණේ.
• පුලිඟු (පොඩි වෙද නෝනා), හොඳ වැඩේ (නිරාශා), ඉන්ටර්නැසනල් (චාරුණි), දාම් (අමායා) මේ චරිත අතරින් ඔබගේ හැබෑ ජීවිතයට වඩා සමීප චරිතය මොකක්ද?
ඒවා සැබෑ ජීවිතයට වඩා හාත්පස වෙනස්. හැබැයි, ඒවායෙහි ඇති යම් යම් ලක්ෂණ මටත් තියෙනවා. අඳින පළඳින විදිහට නම් 'චාරුණිට' සමීපයි. අමායාගේ තියෙන විලාසිතා ලක්ෂණත් තියනවා. කොහොම වුණත් ඒ චරිතවල සියයට සියයක්ම තරින්දි නැහැ.
සටහන / ඡායාරූප: සඳුන් ගමගේ