ලංකාවේ මිනිස්සු තවම ආකල්පමය වශයෙන් දියුණු වෙලා නැහැ
ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව බොහෝ දෙනා දරන්නේ විවිධ සෘණාත්මක මතයන්. එමෙන්ම අපේ නිරූපණ ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට පැමිණ නැතිවීමත් විශාල ගැටළුවක්. මේ එවැනි ගැටළු පිළිබඳව 'සාරවිට' අපිනිදහස් නිරූපණ ශිල්පිනියක් වන මිහිරි පණ්ඩිතගේ සමග පැවැත්වූ සාකච්ඡාවක්
මිහිරි වෘත්තීයෙන් නිරූපණ ශිල්පිනියක් නෙවෙයි නේද?
නැහැ. මගේ වෘත්තීය මාර්කටින් ෆීල්ඩ් එක. මම 2019 මගේ යාළුවෙක් එක්ක බ්‍රයිඩ්ල් ෂූට් එකක් කළා. එතනින් පස්සේ තමයි ආරාධනා ලැබෙන්නේ. මම ගොඩක් වැඩ කරලා නැහැ. මගේ රැකියාවට සහ අධ්‍යාපන කටයුතුවලට තමයි මුල් තැන දීලා තියෙන්නේ. නිරූපණය කියන්නේ විනෝදාංශයක් විදිහට කරන දෙයක්.
බ්‍රයිඩ්ල් ෂූට් එකක් කළාට පස්සේ ආරාධනා ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණාද?
නැහැ. ඇත්තටම එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඒක ඇත්තටම අහම්බයෙන් ලැබුණු දෙයක්. මම නිරූපණයට ගොඩක් කැමති කෙනෙක්. මගේ රැකියාවත් මොඩ්ලින් ෆීල්ඩ් එකට යම් අයුරකින් සම්බන්ධ වෙලා තිබෙන නිසා මම ෆීල්ඩ් එක ගැන දන්නවා. මම දැකලා තිබෙනවා ජාත්‍යන්තර මට්ටමේ නිරූපණ ශිල්පිනියන්, ඡායාරූප ශිල්පීන් වැඩ කරන්නේ කොහොමද කියලා. ඇත්තටම මේක අතුළේ විශාල නිර්මාණශීලීභාවයක් තිබෙනවා.
රැකියාවේ අත්දැකීමත් සමග නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරද්දි දැනෙන්නේ කොහොමද?
ඇත්තටම මම දන්නේ නැහැ තවම අපිට ජාත්‍යන්තර මට්ටමට යන්න බැරි වෙලා තිබෙන්නේ ඇයි කියලා. මම හිතන්නේ ශිල්පිනියන් මේ ෆීල්ඩ් එකත් එක්ක බැඳිලා තිබෙන විදිහේ ප්‍රශ්නයක් තියෙන්නේ. ෆීල්ඩ් එකට එක එක්කෙනා දෙන අර්ථකතනත් ෆීල්ඩ් එක මේ විදිහට එකම තැන තියෙන්නත් හේතු වෙනවා. පැරිසිය, එංගලන්තය වැනි රටවල්වල නිරූපණ ශිල්පිනියන් කියන්නේ විශාල පිලිගැනීමක් තිබෙන අය. ලංකාවේ එහෙම නැහැ. අපිට ඉන්න photographersලා, choreographersලා ඉතා ඉහළ මට්ටමක ඉන්නවා. ඔවුන්ගේ වැඩ ගොඩක් උසස්. අපේ මිනිස්සු හරිම creative. හැබැයි ජාත්‍යන්තර තත්ත්වයට යන්න උත්සාහ කරන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරවිට ෆීල්ඩ් එක ගැන තිබෙන හැදෑරීම ප්‍රමාණවත් නොවෙන එකත් මේ තත්ත්වයට බලපානවා.
අපි 'ක්ෂේත්‍රයක්' කියලා කතා කරාට මේක 'කර්මාන්තයක්' විදිහට ගොඩනැගිලා නැද්ද?
ඔව්. ඇත්තටම ගොඩනැගිලා නැහැ. කොච්චර නිරූපණ ශිල්පිනියන් හිටියත්, කොච්චර වැඩ කළත් මේක industry එකක් විදිහට හැදිලා නැහැ. ලංකාවේ මේ ෆීල්ඩ් එක මාර විදිහට established කරන්න පුළුවන්. ලෝකයේ ෆැෂන් ෆීල්ඩ් එකේ skin colors කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඒ skin colors වලට තිබෙන මාර්කට් එක වෙනස් වෙනවා. මේකට හොඳම තැනක් තමයි ලංකාව. නමුත් අපේ ප්‍රචාරණ කොටස හරියට වෙන්නේ නැහැ. අපිට තිබෙන ජාත්‍යන්තර සබඳතා හරිම සීමිතයි.
බාහිර සමාජය ක්ෂේත්‍රය එක ගැන දක්වන ආකල්පයන් මෙහි පසුබැසීමට සෘජුව බලපානවාද?
ලංකාවේ මිනිස්සු තවම ආකල්පමය වශයෙන් දියුණු වෙලා නැහැ. අපේ මිනිස්සු හැමදෙයක් දිහාම බලන්නේ පසුගාමී අදහසකින්. පුළුල් පරාසයකින් දෙයක් දිහා බලන්න පුරුදු වෙලා නැහැ. අනික අපේ මිනිස්සු හැමදේකම වැරදි දකින්නේ. හැම කෙනෙක්ටම පෞද්ගලික ජීවිතයක් වගේම වෘත්තීය ජීවිතයක් තිබෙනවා. ලංකාවේ මිනිස්සු කරන්නේ කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතයයි වෘත්තීය ජීවිතයයි දෙකම හොයලා ඒ දෙකම එකට පටලවලා අර්ථකථනය කරන්න හදනවා. කිසිම කෙනෙකුගේ පෞද්ගලික ජීවිතය ඔවුන්ගේ වෘත්තීයට අදාළ නැහැ. වෘත්තීය ඇතුළේ ඔවුන් කරන වැඩකොටස තමයි වැදගත් වෙන්නේ.
මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට අවශ්‍ය වන්නේ හොඳ academy එකක් විතරද?
ඕනම ෆීල්ඩ් එකකට මනුස්සයෙක් ඇතුළු වෙනවා නම් එයාට හොඳ පදනමක් අවශ්‍යයි. පෙනුම, දක්ෂතාවය, තිබෙන කෙනෙක්ට academy එකකින් කරන්නේ අවශ්‍ය දැනුම ලබා දෙන එකයි. යන්න ඕනේ මාර්ගය පෙන්වන එක. ජාත්‍යන්තර නිරූපණ ශිල්පිනියන්ව ඒ විදිහට හදනවා. ඇකඩමියකින් ලබාදෙන දැනුම ඉතා සීමිතයි. ඉන් එහාට දැනුම සහ ජීවත් වෙන ආකාරය, වැඩ කරන ආකාරය හදාගැනීම තමා සතු දෙයක්.
නිරූපණ ශිල්පිනියන් එක රැයෙන් ජනප්‍රිය වෙන්න උත්සහ කරන එක ඔබ දකින්නේ කොහොමද?
ඒක එක්කෙනාගේ කැමැත්ත අනුව වෙන දෙයක්. ගොඩක් තරුණ ගැහැණු ළමයි ආසයි ජනප්‍රියත්වයට. ඉතිං ඒ නිසා ඔවුන් ගොඩක් වෙලාවට නිරූපණ ක්ෂේත්‍රයට එනවා ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා හිතාගෙන. නමුත් මම නම් හිතන්නේ ජනප්‍රියත්වය ලබාගන්න එක ඔළුව පාවිච්චි කරලා කරන්න ඕන දෙයක් කියලා. මුලින්ම තමන් කරන වැඩේ හරියට කරන්න ඕනේ. අනිත් එක තමයි ක්ෂේත්‍රයක් ගැන මූලික දැනුමක් හෝ නැතිව ක්ෂේත්‍රයට එකතු වෙනවා කියන්නේ හරිම භයානකයි. ඒක හැම ක්ෂේත්‍රයකටම අදාළයි.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
දැනට මගේ මූලිකත්වය ලබා දීලා තිබෙන්නේ මගේ රැකියාවට. ඉදිරි මාස හයක කාලයම මම රැකියාවට තමයි ප්‍රධාන අවධානය දීලා තිබෙන්නේ. ඊට අමතරව ෆොටෝ ෂූට් දෙක තුනකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවාටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
සාකච්ඡා - කැළුම් දේවින්ද