ලංකාවේ මිනිස්සු නිරූපිකාව සම්බන්ධයෙන් දරණ මතය පටුයි
නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණි ටිකක් කලක් ගතව ඇති ඇය එම ක්‍ෂේත්‍ර යේ බෝහෝ දුරක් ගමන් කිරීමට සෙමින් ගමන් කරමින් සිටියි. නමින් මෙලීසා නටාලි වන ඇගේ කලා තොරතුරු පිළිබඳව ‘සාරවිට’ සමගින් මෙලෙසින් අදහස් දැක්වීය.
ඔයාගේ නම කිව්වොත්?
රැකියාවක් කරනවාද?
දැනට නැහැ. මං මොඩලින් තමයි කරන්නේ.
ඒ කියන්නේ දැන් නිරූපණයද වෘත්තීය?
ඔව්.
නිරූපණයට එකතු වෙන්නේ කොයි කාලේද?
2013 දී විතර.
මොකද හිතෙන්නේ මේ ෆීල්ඩ් එක ගැන?
වෙන රටවල් එක්ක බලද්දී ලංකාවේ මෙහෙ ක්ෂේත්‍රය ගැන මිනිස්සු දරන මතය ටිකක් හරි මදියි. ඒකට හේතුව මේ සමාජ ක්‍රමයයි. සංස්කෘතිය සහ දැන් ඉන්න සමහර නිරූපිකාවන් හැසිරෙන විදිය වෙන්න පුළුවන්. ලංකාවේ මෙහේ ක්ෂේත්‍රයේ ගෑනු ළමයෙකුට හොඳ විදිහට ඉස්සරහට යන්න ටිකක් අමාරුයි. ඒ තරමට මේ ක්ෂේත්‍රය කිළිටි වෙලා. නිරූපිකාවක් කිව්වාම මිනිස්සු හිතන්නෙත් හරි අමුතු විදිහට. මේවා මෙහෙම නොවුණානම් ඇත්තටම මේ ෆීල්ඩ් එක ගොඩක් හොඳ ෆීල්ඩ් එකක්.
ඉතිං එවැනි වාතාවරණයක් උඩ නිරූපණය කරන්න පුළුවන්ද?
ඔව් පුළුවන්. ඒක රඳා පවතින්නේ අපි මතයි. තමන්ගේ කැමැත්ත අනුව හැමදේම කරන්න පුළුවන්. මං හිතන විදිහට තමන් හොඳයි නම් ඒක කාටවත් ඔප්පු කරන්න අවශ්‍ය වෙන්න නැහැ. අනිත් අය කියන දේවල් ඇහුණෙ නැති ගාණට ඉන්න එක තමයි හොඳම දේ. අයුතු යෝජනා ආවත් ඒවා සාමකාමී විදිහට මඟ හරින්න ඕනෙ. නැත්නම් මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න අමාරුයි. හැමෝම තරහා කරගෙන බැහැ. හැමෝම එක්ක සුහදව ඉන්න ඒක තමයි හොඳම දේ.
නිරූපණයෙන් ඉදිරියට යන්නද බලාපොරොත්තු වෙන්නේ?
ඔව්, නිරූපණය කියන්නෙ ඇත්තටම මගේ වෘත්තීය නෙමෙයි. ඒක මගේ කැමැත්ත.
ඉදිරි බලාපොරොත්තු මොනාද තියෙන්නේ?
මගේ මෙහෙම ලොකු බලාපොරොත්තු නැහැ. කාටවත් කරදරයක් නොවී හොඳ විදිහට ජීවත් වෙන එකයි මාව බලාගත්තටත් වඩා හොඳට මගේ දෙමවුපියන්ව ආදරෙන් බලාගන්න එකයි මගේ ලොකුම බලාපොරොත්තුව.