ලංකාවේ ක්‍රිකට් තරමක් පහළට වැටිලා කියලා හිතෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-781

වෘත්තිය මට්ටමේ දක්ෂ නර්තන ශිල්පිනියක් වන අයේෂා මධුෂානි මෑත කාලයේ වඩාත්ම ජනප්‍රිය වී ඇත්තේ රංගන ශිල්පිනියක් ලෙසය. මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයක එකිනෙකට වෙනස් විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවන අයේෂා සමගින් අපි ඇයගේ සිත්ගත් ක්‍රිකට් ක්‍රීඩකයා පිළිබඳව කතා බහ කළේමු.2019-12-18-ent-782

 

ක්‍රිකට්වලට තියෙන අයේෂාගේ කැමැත්ත මොන වගේද?

ක්‍රිකට් ගැන ලොකු දැනුමක් මට නැහැ. නමුත්, මම ක්‍රිකට් ක්‍රීඩාවට කැමතියි. ඉඳලා හිටලා මම ක්‍රිකට් තරගත් නරඹනවා.

 

ලංකාවේ කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද?

මම කුමාර් සංගක්කාරට කැමතියි. ඔහුට කැමති වෙන්න විශේෂ හේතුවක් නම් නැහැ.

 

විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කැමති නැද්ද?

කැමති ඉන්දීය නායක විරාත් කෝලිට. විරාත් කෝලි පන්දුවට පහර දෙනවා බලන්න ගොඩක් කැමතියි.

 

දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයෝ මුණ ගැහිලා තියෙනවාද?

දේශිය ක්‍රීඩකයෝ නම් අවස්ථා කිහිපයකදී විවිධ අවස්ථාවලදී මුණ ගැහිලා තියෙනවා. නමුත්, ඔවුන් සමග කතා කරන්න අවස්ථාවක් ලැබිලා නම් නැහැ.

 

වර්තමානයේ ලංකාවේ තියෙන ක්‍රිකට් ක්‍රීඩාව ගැන මොකද හිතෙන්නේ?

ක්‍රිකට් ගැන මට ලොකු දැනුමක් නැහැ. ඒ වුණත් මට තෙරේන විදිහට ලංකාවේ ක්‍රිකට් තරමක් දුරට පහළට වැටිලා තියෙනවා කියලා හිතෙනවා. සංගක්කාර, මහේල, ඩිල්ශාන්, ජයසූරිය කියන සුපිරි ක්‍රීඩකයන්ගේ සමුගැනීමත් සමග තමයි මේ දේ වෙලා තියෙන්නේ. නමුත්, මම හිතනවා ඉදිරියේදී යළිත් සුපුරුදු ක්‍රීඩා විලාශයට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණෙවි කියලා.

 

ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් ආදර යෝජනාවක් ආවොත් භාරගන්නවද?

සමහර විට මම කැමති වෙන්න පුළුවන්. ඒත්, මම බලනවා ඒ ආදර යෝජනාව කරන පුද්ගලයා ගති පැවතුම් මට ගැළපෙනවද කියලා. කෙනෙක් යෝජනාවක් කරපු පළියට මම භාරගන්නෙත් නැහැ.

 

අයේෂාට ශ්‍රී ලංකා කණ්ඩායමක් තෝරන්න දුන්නා නම් කවුද තෝරන ක්‍රීඩකයෝ?

මීට මාසයකට හෝ දෙකකට පෙර පාකිස්තානයේ තිබුණා නේද විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක්. ඒ තරගාවලියට ගියේ ශ්‍රී ලංකාවේ ලාබාළ ක්‍රීඩකයෝ පිරිසක්. මම කණ්ඩායමක් තෝරනවා නම් බොහෝ විට මේ තරගාවලියට සහභාගි වුණ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් මම නම් කරන කණ්ඩායමේ සිටියි.

 

2019-12-18-ent-777 2019-12-18-ent-778 2019-12-18-ent-779 2019-12-18-ent-780