ලංකාවම ආදරය කරන නිළියක් වෙන්න ඕනා
නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු වූ ගයාත්‍රි කාංචනාමාලි සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණේමු. නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට එක්ව කෙටි කාලයක් තුළදීම රංගනයටද පිවිසෙන්නටද අවස්ථාව ලද ගයාත්‍රි මේ වනවිට කලා නිර්මාණ බොහොමයකට දායකවී ඇත. ඉදිරියේදී නිරූපිකාවකට අමතරව රංගන ශිල්පිනියක් ලෙසද වැඩි දායකත්වයක් ලබා දෙන්නට සූදානමින් සිටින ඇය සිය කලා කටයුතු පිළිබඳව අපිට පැවසුවේ මෙවැන්නකි.
නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ?
නිරූපණ ක්ෂේත්‍රයට ආවේ මීට මාස තුනකට විතර කලින්. ලොකු කාලයකුත් නෙමෙයි මම දැනට ක්ෂේත්‍රයට ඇවිල්ලා. මුලින්ම ඉන්දික ප්‍රසාද් අයියාගේ පොටෝ ෂුට්වලට පෙනී හිටියා. මෑතකදී ඉමේෂ් නුවන්දක අයියාගේ පොටෝ ෂුට් එකකට පෙනි හිටියා. ඒ පොටෝ ෂුට් එක ගොඩ දෙනෙක් දැකලා මට කලා නිර්මාණ කිහිපයකටම දායක වෙන්න අවස්ථාව ලබාදුන්නා. ඔය විදිහට තමයි නිරූපණයෙන් රංගනය පැත්තට සම්බන්ධ වුණේ.
දායක වෙලා ඇති කලා නිර්මාණ?
දැනට ටෙලි නාට්‍යය දෙකකට දායක වෙලා තියෙනවා. මේ දිනවල එම නිර්මාණවල රූපගත කිරීම් කටයුතු සිදුවෙනවා. පුංචි කාලේ ඉඳලා රංගනයට යොමු වෙන්න ආසාවක් තිබුණා. දැන් ඒ හිනේ සඵල වෙලා තියෙනවා. ලැබෙන හැම නිර්මාණයක්ම භාරගන්නවාට වඩා රංගනය ගැන හදාරමින් හොඳ නිර්මාණවලට පමණක් දායක වෙන්න තමයි මම බලාපොරොත්තු වෙන් ඉන්නේ.
රංගනයට අමතරව?
රංගනයට අමතරව ගොඩක්ම කරලා තියෙන්නේ බ්‍රයිඩ්ල් පොටෝ ෂුට්වලට දායක වුණ එක. ඊට අමතරව ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම්වලටත් දායක වෙන්න අවස්ථාව දැනට ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ නිර්මාණ හරහාත් මාව දැකගන්න පුළුවන් වේවි.
පුංචි කාලේ හීනයක්ද මේක?
නිරූපණ ක්ෂේත්‍රයට වගේම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වීම නම් මා තුළ තියෙන්නේ ලොකු සතුටක්. මොකද මේක මගේ ජීවිතේ තිබුණ ලොකුම හිනයක් කිව්වොත් හරි. අද වෙන කොට මේ හීනේ යම්තාක් දුරට සම්පූර්ණ වෙලා තියෙනවා. මා බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ හැමෝම ආදරය කරන නිරූපිකාවක් හා රංගන ශිල්පිනියක් වෙන්න.
උදවු කරපු අය?
මා ආපු මේ ගමනට ගොඩක්ම උදවු කළේ මගේ පවුලේ අය. විශේෂයෙන්ම මගේ අම්මා, තාත්තා හා පොඩි අයියා රංජිත්. ඊට අමතරව මාව නිරූපණ ක්ෂේත්‍රයට යොමු කරන්න මඟ විවර කරලා දුන්න ඡායාරූප ශිල්පි ඉන්දික ප්‍රසාද් අයියා. ඉමේෂ් නුවන්දක අයියා. ඔසඳ කාරියවසම් අයියා වගේම තව නම් සඳහන් නොකළ බොහෝ පිරිසක් මට උදවු කළා. ඒ හැම දෙනාවම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න අවශ්‍යයි.
බුද්ධික සේනාධීර
ඡායාරූප - ඉමේෂ් නුවන්දක
Dress by shaivy pathirage