රූපරචනා කරන්න දැන් කාලයක් නෑ
නිවේදිකාවක් ලෙස කලා ගමන ආරම්භ කරමින් මේ වන විට පුංචි තිරය හැඩගන්වන ශෙහානි පේ්රක්ෂක හදවත් තුළට ඉතාම කෙටි කලකදී සමීපවුණ රංගන ශිල්පිණියක්.
සුජාතා ටෙලි නාට්‍ය හරහා පුංචි තිරයට ගොඩවුණ ශෙහානි මේ වන විට පේ්රක්ෂක ආකර්ශනය වගේම ජනප්‍රියත්වය හිමිකරගෙන අවසන්. කාලෙන් කාලෙට කරළියට එන තරු අතරේ මේ දිනවල ”මල් හතයි” ටෙලි නාට්‍ය එක්ක කරළියට එන ශෙහානි කහඳවලවත් අපි කතා බහකට එකතු කරගත්තා.
කොහොමද මේ දවස්වල කලා කටයුතු එහෙම?
මේ දවස්වල ටෙලි නාට්‍ය තුනක විතර වැඩ කරනවා. ඊට අමතරව හිරු ඔඪ එකේ රියැලටි වැඩසටහනකට දායක වෙලා ඉන්නවා. ඔය වැඩ ටිකත් කරගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා.
පාඩුවේ පැත්තකට වෙලා ඉන්නේ ඇයි?
නැහෑ ඉතින්, වැඩි සද්දයක් බද්දයක් නැතුව ලැබෙන වැඩක් කරගෙන ඉන්නවා. නිකම් බොරුවට දඟලලා ජනප්‍රිය වෙන්න මම ආස නැහැ. මම කොහොමත් වැඩි සද්ද බද්ධ නැති කෙනෙක්.
”මල් හතයි” ටෙලි නාට්‍යය එක්ක කරළියට එන තවත් චරිතයක් තමයි ඔබ. ආශාවරිට කොහොමෙද ලැබෙන ප්‍රතිචාර?
හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ආශාවරි කියන්නේ ලොකු චරිතයක් නෙමෙයි. සාමාන්‍ය චරිතයක් හැම තිස්සෙම දඟලන, විසේකාර හරිම මෝඩ චරිතයක්. ඒ වගේම ආශාවරි බොරුවලට හරියට රැුවටෙන කෙනෙක්. තිරයේ පිටිපස්සේ නම් අපි කට්ටිය හරිම විනොදෙන් කාලය ගත කරනවා. කාවිංග අයියා නොදන්න දේවල් කියලා දෙනවා. ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
හැමදාම මේ වගේ දඟලන විසේකාර චරිත කරනවට වඩා ටිකක් සීරියස් වුණොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?
අලූතින් ටෙලි නාට්‍යයක් විකාශනය වෙනවා. තව දින කිහිපයකින් ”සඳ පිනි බිඳු” කියලා ස්වර්ණවාහිනියේ. ඒ ටෙලි නාට්‍යයේ මම කරන චරිතය හාත්පසින්ම වෙනස් චරිතයක්. මාධවී කියන චරිතය මගේ සාමාන්‍ය ජීවිතයටත් ගොඩක්ම සමීපයි. මම හිතනවා මගේ රංගන ජීවිතේ ”මාධවී” කියන්නේ සීරියස් චරිතයක් කියලා. මාධවී හරහා මාව වෙනස්ම විදියකට පේ්රක්ෂකයාට බලා ගන්න පුළුවන්.
ශෙහානි මුලින්ම රංගන ක්ෂේත්රයට එන්නේ ගීතවල රූපරචනා කරලා කරලියට එන්න අත දීපු රූපරචනා කේෂත්රය ශෙහානි දැන් ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ඇත්තද?
අනේ නැහැ. මම කවදාවත් මුල අමතක කරන කෙනෙක් නෙමෙයි. මම ආපු විදිහ, මට උදව් කරපු අය මට හොඳට මතකයි. හැබැයි දැන් රංගන ක්ෂේත්රයේ වැඩ ටිකක් වැඩි නිසා රූප රචනාවලට දායක වෙන්න කාල වේලාව වෙන්කරගන්න අමාරුයි. ඒ නිසා රූපරචනා ටිකක් සිමා කරන්න වුණා.
ශෙහානිට මේ හැම අවස්ථාවක්ම ලැබුණේ ඇදුනුම්කමට කියන්නේ ඇත්තද?
ඇත්තටම මේක මට අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. පාසල් යන කාලෙදීවත් මට රංගනය පැත්තට එන්න කිසිම ආසාවක් තිබුණේ නැහැ. මගේ එකම ආසාව වුණේ ගුවන් සේවිකාවක් වෙන්න. ඒත් ජීවිතේ එක තැනකදී බලාපොරොත්තු අරමුණු හැමදේම වෙනස් වුණා. දෛවය පෙන්නපු දේ මම භාරගත්තා. දෙරණ නාළිකාව තමයි මගේ පළමු අඩිතාලම වුණේ. මේ හැමදේකටම එන්න කළින් මම දෙරණේ නිවේදිකාවක්. ඒ හරහා තමයි මට මේ හැම අවස්ථාවක්ම ලැබුණේ හිතවත්කමට අවස්ථාව ලැබුණට මගේ දක්ෂතාව නිසයි මම ඉදිරියට ආවේ.
දැන් නිවේදන කටයුතුවල වැඩිය පේන්න නැත්තේ නිවේදනයෙනුත් සඳහටම අයින් වෙලාද?
අනේ නැහැ... නිවේදන කටයුතු වලින් පසුගිය කාලේ පොඩි විවේකයක් නම් ගත්තා. එත් මේ දිනවල හිරු ඔඪ එකේ රියැලටි වැඩසටහන නිවේදන කටයුතුවලට දායක වෙනවා.
දැනට ශෙහානි ටෙලි නාට්‍ය කීයකට විතර දායක වෙලා තියෙනවාද?
දැනට ටෙලි නාට්‍ය අටකට විතර දායක වෙලා තියෙනවා. හැබැයි මගේ රංගන ජීවිතේම වාසනාව ගෙනාවේ සුජාතා. ඒ මම කළ පළමු රංගනය
ඒ කාලෙට වඩා ශෙහානි දැන් සැහෙන ජනප්‍රියයි නේද?
මෙහෙමයි මම ආපු ගමන ගැන ගොඩක්ම සතුටුයි. ඒත් මට මං ගැන ලොකු සතුටක් නැහැ. මොකද මට මං ගැන සහ කරපු දේවල් ගැන ලොකුවට තෘප්තිමත් වෙන්න බැහැ. මට ලොකු බලාපොරාත්තු තිබුණා. මට හිතෙනවා මම ඒ හැම දෙයක්ම නැති කරගත්තා කියලා.
ඒ කියන්නේ රංගනයට ආපු එක ගැන ඔබ කලකිරීමෙන් ද?
අපෝ නැහැ. කලාවට මම පණ වගේ ආදරෙයි. මම කිව්වේ සුජාතා චරිතයට ලැබුණු ආදරය ජනප්‍රියත්වය මට එකදිගට තියාගෙන එන්න බැරි වුණාදෝ කියලා හිතෙනවා. සුජාතා කරන කාලේ වගේ දැන් ලොකු ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. ඒ ලැබුණු ආදරය ජනප්‍රියත්වය මම නැවත ලබා ගන්න ඕන. ඒකයි මම කිව්වේ මම තෘප්තිමත් නැහැ කියලා.
ශෙහානිට සිනමාවේ තැනක් හදාගන්න ආසාවක් නැද්ද?
සිනමාවේ කියලා ලොකු දෙයක් කරන්න තැනක් හදාගන්න මට ලොකු අදහසක් නැහැ. අවස්ථාවක් ලැබුණොත් සතුටින් බාර ගන්නවා. ඒ ඇරෙන්න චරිත හොයාගෙන බලෙන් පස්සෙන් නම් යන්නේ නැහැ.
මොනවද ශෙහානිගේ ඉස්සරහට තියෙන ප්ලෑන්?
අනේ මට ලොකු ප්ලෑන් නැහැ. ලොකු බලාපොරොත්තු නැහැ. ඊළඟට අහන්න හඳන්නේ ආදරේ ගැනනේ. ආදරේ ගැණත් මට ලොකු බලාපොරොත්තු නැහැ. ලොකුවට වෙඩින් ගන්න ආසාවකුත් නැහැ. අනිත් අය වගේ මමත් විවාහ වේවි. ඒ ගැන තවම කිසිම සැලසුමක් නැහැ. කාව මුණගැහේවි ද? කාව කසාඳ බඳිවි ද කියලා දැන්ම කියන්න අමාරුයි.
නදීශා අතුකෝරළ
ඡායාරූප - චමත් වින්දුල