රූපය ලස්සන වුණාට කෙනෙකුට ඉස්සරහට යන්න අමාරුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-02-ent-158

නිරූපණ ක්‍ෂේත්‍රය තුළ දක්‍ෂතා පෙන්වමින් කෙටි කාලයක් තුළ කිරුළු දිනා ගත් ඇය නමින් නේත්‍රා වීරසිංහය. වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ තුළින් නිතර දැකගත හැකි ඇය, සිය ඉදිරි කලා කටයුතු පිළිබඳ කතාබහ කිරීමට මෙලෙස %අද^ තරු කතාබහට සම්බන්ධ වූවාය.

 

මේ දවස්වල මියුසික් වීඩියෝ කිහිපයක ඉන්නවා නේද?2018-11-02-ent-165

ඔව්, තව කරපු මියුසික් වීඩියෝ කිහිපයක් එන්නත් තියෙනවා. ඊට අමතරව කරන්නත් තියෙනවා. බ්‍රයිඩල් වැඩ ටිකක් වැඩිපුර කෙරෙනවා. ඒ වගේම ෆොටෝ ෂූට්, වීඩියෝ ෂූට්, රෑම්ප් එහෙමත් වැඩිපුර කෙරෙනවා. නිවේදනය පැත්ත ගැනත් බලන ගමන් ඉන්නේ.

 

ජනප්‍රිය වුණු මියුසික් වීඩියෝ මොනවාද?

මම ක්‍ෂේත්‍රයට ආපු පළමුවැනි මියුසික් වීඩියෝව තමයි සජීව දිසානායකගේ %දවසක් ඒවි^ මියුසික් වීඩියෝව. සන්දේශ් බණ්ඩාර තමයි අධ්‍යක්‍ෂණය කළේ. ප්‍රසිද්ධ වුණ ඒවා හැටියට, රුවන් හෙට්ටිආරච්චිගේ %ඇමතුමක්^, ඒ වගේම මේ ළඟකදී ගොඩක් ජනප්‍රිය වුණා සඳරුවන් මුණසිංහගේ %හැඟුමක්ම වී^ ගීතය. ඊට අමතරව තව මියුසික් වීඩියෝ කිහිපයක් කළා.

 

රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වල දකින්න නැත්තේ ඇයි?

මම රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වල නැහැ. මම වැඩියෙන්ම ඉන්නේ %Press Advertisement^වල නිසා රූපවාහිනී වෙළෙඳ දැන්වීම් තියෙන්නේ අඩුවෙන්. මේ දවස්වල OffMarks ප්‍රචාරය වෙනවා. ඉතිං මම ගොඩක්ම ගිවිසුම් ගහලා තියෙන්නේ බැංකු වගේ ඒවත් එක්ක. ඒක නිසා රූපවාහිනී මාධ්‍ය තුළ නිතර දකින්නේ නැහැ.

 

ඇයි රංගනයට එන්නේ නැත්තේ?

ඇත්තටම රංගනයට එන්න තාම හිතුවේ නැහැ. අවස්ථා නම් ගොඩක් ලැබෙනවා. ඒ පැත්තට යන්න තාම හිතුවේ නැහැ. බලමු ඉතිං, ලස්සන කතාවක් ලැබුණොත්, මට ගැළපෙන චරිතයක් ලැබුණොත් හිතලා බලනවා.

 

දැන් කොච්චර කල්ද ක්‍ෂේත්‍රයට ඇවිත්?

මම ක්‍ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු දෙකක්, තුනක් විතර වෙනවා. 2015 අග වගේ තමයි මම ආවේ. 2016 දී මම විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණාම තමයි හරියටම ක්‍ෂේත්‍රය තුළ කටයුතු කරන්න පටන් ගත්තෙ.

 

දැන් නිරූපණය හොඳද?

මට හිතෙන විදියට නිරූපණය කියන්නේ හොඳ ක්‍ෂේත්‍රයක්. සමහර ගැටලු තියෙනවා. හැබැයි මේක හරි සුන්දර තැනක්.

 

​සුන්දර තැනක් වෙන්නේ ඉන්න අය නිසාද?

මට හම්බ වෙලා තියෙන්නේ සුන්දර මිනිස්සු කොට්ඨාසයක්. ඒ අයත් එක්ක වැඩ කරන්න ආසයි. කණ්ඩායමක් වශයෙන් වැඩ කරලා හොඳ ප්‍රතිඵලයක් එන කොට අපට හරි සතුටුයි. අපි කරන වැඩේ මොන දේ වුණත් එකේ අවසානය ලස්සනයි නම් අපි කවුරුත් ඒකට කැමතියිනේ. ඉතිං ඒ විදියට වැඩ කරන්න හොඳ කට්ටියක් මට හම්බවෙලා තියෙනවා. ඒ නිසා මේ ක්‍ෂේත්‍රය මට ප්‍රශ්නයක් වෙලා නැහැ. සමහර පිළිගැනීම් අතින් ප්‍රශ්න තියෙනවා. ඒ වුණාට මම නම් ඒ ගැන හිතන්නේ නැහැ. මම පාඩුවේ මගේ ගමන යන කෙනෙක්.

 

නිරූපණය වෘත්තියක් විදියට කරන්න පුළුවන්ද?

ඇත්තටම ගත්තොත්, මම හිතන්නේ නැහැ තාම ඒ මට්ටම හැදිලා තියෙනවා කියලා. ඒ කියන්නේ මිනිස්සු අතර නිරූපිකාවක් කිව්වාම ඒ අයගේ මතය සහ බලන කෝණයේ පොඩි ගැටලුවක් තියෙනවා. නමුත් ඒ දේවල් ඉදිරියේදී හරියයි කියලා මම හිතනවා. මොකද ඒවට හරි තැනක් එයි කියලා විශ්වාස කරනවා. මම නිරූපණයට ආවේ විනෝදාංශයට. මම අධ්‍යාපනය ලැබුවේ වෙනම පැතිකඩක්. ඉතිං ඉදිරියේදී මගේ අධ්‍යාපනය පැත්තෙන් දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ.

 

නිරූපනයට ලස්සන විතරක් තිබුණොත් ඇතිද?

රූපය ලස්සන විතරක් තිබුණා කියලා විතරක් නෙමෙයි, දක්‍ෂතාවත් තියෙන්න ඕන. රූපය ලස්සන වුණාට කෙනෙකුට ඉස්සරහට යන්න අමාරුයි. ඒ කෙනාට බුද්ධිය තියෙන්න ඕන, දක්‍ෂතාව තියෙන්න ඕන, ඒ වගේම තමයි වාසනාව තියෙන්නත් ඕන. ලස්සන නැතුව ක්‍ෂේත්‍රය තුළ ඉදිරියෙන් ඉන්න අය ඉන්නවා. ඒ නිසා කියන්න බෑ, රූපය ලස්සනම, හමේ ලස්සනම විතරක් තිබුණාම ඇති කියලා. දක්‍ෂතාව මත තීරණය වෙන එකක් කියලා කියන්න පුළුවන්.

 

ඔබට මේ දේවල්වලින් බලපෑවේ මොනවාද?

මම හිතන්නේ, මම ඉන්න විදියයි, පෙනුමයි සහ පොඩි වාසනාවකුත් තියෙන්න ඇති. මොකද මම මේ පැත්තට අහම්බෙන් ආපු කෙනෙක්. අහම්බෙන් ඇවිල්ලා මේ ක්‍ෂේත්‍රයේ ඉන්න කෙනෙක්. දැන් මගේ ජීවිතයේම කොටසක් වෙලා. මම හිතන්නේ වාසනාවයි, රූපයයි, දක්‍ෂතාවයි නිසා මට ක්‍ෂේත්‍රය තුළ ඉන්න පුළුවන් වුණා.

 

අධ්‍යාපනය ලැබූ දෙයින් ප්‍රයෝජනයක් ගන්න පරක්කුයි කියලා හිතෙන්නේ නැද්ද?

ඔව්, ඉගෙන ගත්ත දේ අපතේ යවන්න හොඳ නැහැනේ. මම උපාධිය ගත්තාට, මෙච්චර කාලයක් කොහේවත් රැකියාවක් කළේ නැහැ. මම හිතනවා දැන් කාලය හරි කියලා ඒ දෙයට.

 

පවුලේ විස්තර කිව්වොත්?

මම ඉපදුණේ බත්තරමුල්ලේ. නමුත් මම හැදුණේ, වැඩුණේ අම්පාරේ. මොකද අම්මයි, තාත්තායි අම්පාරේ තමයි රැකියාව කළේ. එයාලා රජයේ රැකියා කරන නිසයි එහේ ගියේ. මම පාසල් ගියේ අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලට. ඊට පස්සේ මම ආවා %NSBM^ එකට. ඊට පස්සේ මෙහෙ තමයි දිගටම ඉන්නේ.

 

ආදර යෝජනා එහෙම එන්නෙ නැද්ද?

එනවා. ඒක සාමාන්‍ය දෙයක්. ආදරේ කියන මාතෘකාව හැමෝටම පොදු දෙයක්නෙ. විවිධකාර ආදරයන් ජීවිතයට මුණගැහෙනවා. දෙමවුපියන්ගේ ආදරේ, යාළුවන්ගේ ආදරේ, ඉතිං ඒක සාමාන්‍ය දෙයක් කියලා මම හිතනවා.

 

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

මම ඉගෙන ගත්ත පැත්තෙන් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ක්‍ෂේත්‍රයේ හොඳ නමක් දිනාගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. මේ ක්‍ෂේත්‍රයේ තියෙනවානේ හොඳයි කියලා වැඩ කොටසක්. ඒ දේවල්වලට දායක වෙන්න සහ ලස්සන වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ලස්සන වැඩක් කරන්න, හෙමින් ගමනක් යන්න තමයි මගේ එකම බලාපොරොත්තුව වෙන්නෙ.

 

Dilan Chryshantha / PixKaveeth Milindha

 

 2018-11-02-ent-159 2018-11-02-ent-160 2018-11-02-ent-162 2018-11-02-ent-163 2018-11-02-ent-164