රූපය කියන එක හැමදාම තියෙන්නේ නැහැ
මන්සලා කියන්නේ නවක නිරූපණ ශිල්පිනියක්. බ්‍රයිඩ්ල් ෂූට් හරහා ක්ෂේත්‍රයට පැමිණි මන්සලා ඉදිරියේදී රංගනයටත් එකතු වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරියට යෑමට ඇයට බලාපොරොත්තුවතක් තිබෙනවා. මේ නිසාම අපි සාරවිට කතාබහට මන්සලාව එකතු කරගන්න උත්සහයක් ගත්තා.
ඔබව හඳුන්වා දුන්නොත්?
මගේ නම මන්සලා ඒකනායක. මගේ ගම දඹුල්ලේ. නමුත් මම දැනට පදිංචි වෙලා ඉන්නේ පානදුරේ. මම බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා. ඒ අතර නිරූපණ ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා.
නිරූපණ ක්ෂේත්‍රයට එකතු වෙන්නේ කොහොමද?
මම පොඩි කාලේ ඉඳලාම නිරූපණ ක්ෂේත්‍රයට ආසයි. ආසාව තිබුණාට මුලින්ම යන්න බයක් හිතුණා. ඊටපස්සේ මගේ අඳුනන අක්කා කෙනෙක් මාර්ගයෙන් ෆොටෝෂූට් එකක් කරා. ඒ හරාහා ගොඩක් ආරාධනා ලැබුණා. දැන් අවුරුදු 4ක් විතර වෙනවා මම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා.
මේ වෙද්දි සම්බන්ධ වෙලා තියෙන නිර්මාණ ගැන කිව්වොත්?
ඉදිරියේදී ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට කලින් නම් අවස්ථාවක් ලැබුණත් පොඩි පොඩි ප්‍රශ්න නිසා යන්න බැරි වුණා. බ්‍රයිඩ්ල් ෂූට්, බ්‍රයිඩ්ල් ෂෝ වලට තමයි වැඩියෙන්ම දායක වෙලා තියෙන්නේ.
බොහෝ අය ක්ෂේත්‍රයට එකතු වෙන්නේ බ්‍රයිඩ්ල් ෂූට් හරහා. බ්‍රයිඩ්ල් ෂූට් විතරක්ම කරන අයත් ඉන්නවා. මොකද්ද ඒකට හේතුව?
ඇත්තටම තරුණියක් දකින හීනයක් තමයි මනාලියක් වෙන එක. එතකොට ඒ අයට විවිධ විලාසිතාවන් තුළින් සාරි සහ ඇඳුම් නිර්මාණය වනවා. ඒ දේවල් අළුත් මුහුණක් එක්ක තමයි එළියට දාන්න ගොඩක් අය කැමතියි. ඒ නිසා ක්ෂේත්‍රයට අළුත් මුහුණු එකතු වෙනවා මේ හරහා. ඒ වගේම මේ පැත්තෙන් වැඩ කරන්න පහසුයි. ප්‍රශ්න අඩුයි. ඒ නිසා මම කැමති බ්‍රයිඩ්ල්ම දිගටම කරන්න.
නිරූපණය පිළිබඳව හදාරලා තියෙනවාද?
මෙහෙමයි. පාඨමාලාවලට සම්බන්ධ වෙලා නැහැ. නමුත් මම ලෝකයේ පිළිගත් ජනප්‍රිය සහ ප්‍රවීණ නිරූපණ ශිල්පිනීන්ගේ වීඩියෝස් බලනවා, එයාලා ගැන ලියලා තියෙන ආටිකල් කියවනවා. ඒ හරහා මම ගොඩක් දේවල් ඉගෙනගන්නවා. මුලදි ක්ෂේත්‍රයට එකතු වුණු කාලේට වඩා මම දැන් බොහෝ දේවල් ඉගෙනගෙන තියෙනවා.
පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ගෙදරින් බලපෑමක් නැහැ. අම්මා ලොකු සහයෝගයක් ලබා දෙනවා මට. ඒ වගේම මගේ නෑදෑයෝ, පවුලේ අය මාව හැම වෙලාවෙම ශක්තිමත් කරනවා.
දඹුල්ලේ ඉඳලා කොළඹ ඇවිත් නිරූපණය කරනවා කියන්නේ කට්ටක් නේද?
ඔව්. මගේ ප්‍රදේශ කිහිපයකම ජීවත් වුණා. මගේ අම්මා ගුරුවරියක් නිසා එයාගේ පත්වීම් ලැබෙන තැන්වලට මටත් යන්න සිද්ධ වුණා. ඇත්තටම නිරූපණය පටන් ගන්නේ බදුල්ලේ ඉද්දි. ඒ පැත්තේ සෑහෙන්න වැඩ කළා. බදුල්ලේ ඉද්දි දුර වැඩවලට යන්නේ අඩුවෙන්. නමුත් දැන් ඉන්නේ පානදුර නිසා වැඩවලට යන්න පහසුයි. පානදුරේ ඉඳලා වැඩ කරන්න ආරම්භ කරද්දිත් ටිකක් අමාරුයි. පොඩි කට්ටක් තිබුණා. ඒ කට්ට කාගෙන ඉඳලා අද ඉන්න තැන ගැන සතුටක් තිබෙනවා.
රැකියාවත් සමග කොහොමද නිරූපණය සමබරව ගෙන යන්නේ?
මම තාම පුහුණු අංශයේ තමයි ඉන්නේ. ඒ නිසා ආයතනයෙන් ලොකු සහයෝගයක් සහ නිදහසක් ලැබෙනවා. පුළුවන් විදිහට බැලන්ස් කරගෙන යනවා. මම මේ ක්ෂේත්‍ර දෙකටම කැමතියි.
දිගටම නිරූපණයෙහි ඉන්නද බලාපොරොත්තුව?
රූපය කියන එක හැමදාම තියෙන්නේ නැහැ. නමුත් මට පුළුවන් කාලයක් හොඳ විදිහට නිරූපණ වැඩ කරනවා. මම පටන් ගත්තේ, මම හැදුණේ මෙතනින්. ඒ නිසා මෙතනින් දැන්ම ඉවත් වෙන්න බලාපොරොත්තුවක් නැහැ. කාලෙන් කාලෙට අළුත් මුහුණු එනවා. එතකොට පරණ මුහුණු පිටිපස්සට යනවා. ඒක සාමාන්‍යයයි. ඒක අපි පිළිගන්න ඕනේ. ඒත් පුළුවන් කාලයක් මම ක්ෂේත්‍රයේ වැඩ කරනවා.
පැජන්ට් සඳහා සහභාගී වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?
ඔව්. අවුරුදු කුමාරි තරඟාවලිත් තියෙනවා. ආසාවක් තියෙනවා ඒවාට සම්බන්ධ වෙන්නත්. ගොඩක් අයත් කියනවා යන්න කියලා. බලමු ඉතින්..
නිරූපණ ක්ෂේත්‍රය හොඳයිද?
දැන් ගොඩක් කට්ටිය කියනවා ෆීල්ඩ් එක හොඳ නැහැ කියලා. ඇත්තම කිව්වොත් ෆීල්ඩ් එක දිහා මිනිස්සු බලන්නේ වපර ඇහින්. නමුත් මේ ක්ෂේත්‍රය හොඳ අයට හොඳයි. වැරදි පැත්තෙන් යද්දි කොහොමත් ඒ අයට වැරදි ප්‍රතිචාර තමයි ලැබෙන්නේ. වැඩේ කරලා සුහදව කතා කරලා තමන්ගේ පාඩුවේ එනවා නම් වැරදි දේවල් ලැබෙන්නේ නැහැ. ගෞරවයෙන් කරන්න පුළුවන් වෘත්තීයක්.
අනෙක් ශිල්පීන්ගෙන් ඔයාට ලැබෙන සහයෝගය කොහොමද?
මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයෝ, ආධුනිකයෝ ගැන ඇත්තටම මට ගොඩක් සතුටුයි. ඒ අය අපට කියා දෙනවා. වැඩ කරන්න ඕන විදිහ ගැන පවා.
විශේෂයෙන් මතක් කරන්න ඕන අය ගැන කිව්වොත්?
මුලින්ම මතක් කරන්න ඕන මගේ පවුලේ අයව. ඊටපස්සේ මගේ පෙම්වතා. එයා මට එදා ඉඳලාම අද වෙනකල් මගේ පස්සෙන් ඉන්නේ එයා. එතකොට මගේ යාළුවෝ සහ මට වැඩවලදි සහය දෙන හැමෝවම මතක් කරනවා.
කැළුම් දේවින්ද