රූ රැජිනක් වෙන්න මට බලපෑවේ රූපය
දුෂේනි මියුරංගී කියන්නේ කෙටි කාලයක් තුළ පේ්රක්ෂක ආදරය දිනා ගත් රුවැත්තියක්. ටෙලි නිර්මාණ ගණනාවකින් පේ‍්‍රමණීය හදවත්වලට සමීප වූ ඇය මේ දිනවල විකාශය වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නිර්මාණයෙහි මහා ප්‍රජාපතී ගෝතමී දේවියගේ චරිතයට ද පණ පොවයි.
කොහොමද දුෂේනිට මහා ප්‍රජාපතී දේවිගේ චරිතයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ?
හිරු නාලිකාව සමග ගෙවුණු අවුරුදු 2 1/2 ඇතුළත ගොඩක් වැඩ කරලා තියෙනවා. මේ නිර්මාණයට මට කතා කළේ ප්‍රභාත් අයියා. අකිල අබේරත්න (අධ්‍යක්ෂක) ඇතුළු හිරු නාලිකාවේ අනුමැතියත් සමග මාව ඒ චරිතයට තෝරා ගත්තේ.
කලාවට ඇවිත් බොහොම පුංචි කාලයයි. මේ කාලය ඇතුළේ රංගනය තුළ දැනෙන චරිතයත් කරන්න ලැබුණාද?
2015 ෂඔභ අවුරුදු කුමරිය වුණාට පස්සේ තමයි මම රංගනයට ආවේ.
කලාවට ආවට පස්සේ මට ගොඩක් හොඳ චරිත ලැබුණා. ක්ෂේත්රයේ නවකයෙක් විදිහට ඒ ගැන මට ගොඩක් සතුටුයි. මට මේ තාක් ලැබිලා තියෙන්නේ පෙම්වතියගේ චරිත. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයට මට ආරාධනා ලැබුණම මුලින්ම මට පුදුම හිතුණා. මේ වගේ බෞද්ධ, ශ්‍රේෂ්ඨ චරිතයකට පණ පොවන්න මට හැකි වේවිද කියලා.
ඇත්තටම මහා ප්‍රජාපතී දේවියගේ චරිතය මගේ රංගන ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. රංගනයට ඇවිත් බොහොම කෙටි කාලයක දී මෙවැනි දැවැන්ත චරිතයක් නිරූපණය කරන්න ලැබුණා. ඒක මට හරියට හීනයක් වගේම මම ජීවිතේ ලබපු ලොකු භාග්‍යයක්.
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම හරහා දුෂේනිට කොහොමද ලැබෙන ප්‍රතිචාර?
බොහෝ අයගෙන් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. බුදුරදුන්ගේ චරිතය විදහා දක්වන නිර්මාණයක පූජනීය චරිතයක් නිසා මුල දී හිතට ලොකු චකිතයකුත් දැනුණා. ඒ එක්කම මම චරිතය ගැන හොඳට අධ්‍යයනය කළා. අම්මයි තාත්තයි කිව්වේ ඔයා ගොඩක් පිංවන්තයි ඒකයි මේ වගේ චරිතයක් ලැබුණේ කියලා. චරිතයට බය වුණේ මගේ ආගමත් බුද්ධාගම නිසා. චරිතයට හානියක් වේවි, වස් වදීවි ඒ වගේ දේවල් නිසා ලොකු බයක් හිතේ තිබුණා. ඒත් මම ප්‍රජාපතී දේවියගේ චරිතය නිරූපණය කරනවට වැඩිපුරම කැමති වුණේ සහ සතුටු වුණේ මගේ අම්මා.
ඓතිහාසික කතාවකට දායක වන පළමු අවස්ථාව නිසා මුල් අවස්ථාවල දී නම් ලොකු සාර්ථකත්වයක් දැක්කේ නැහැ. ලැබෙන පේ්රක්ෂක ප්‍රතිචාර එක්ක මම මගේ අඩුපාඩු ගොඩක් හදා ගත්තා.
චරිතය වෙනුවෙන් දුෂේනි කොයි වගේ කැප කිරීමක් ද කළේ?
මේ නිර්මාණයට දායක වෙන කණ්ඩායමේ සියලූම දෙනා පේ වුණා. මස් මාංශ මත්පැන්වලින් ඈත් වුණා. රූගත කිරීම් ආරම්භ කරන හැම දවසකම බුදු ගුණ කියලා තමයි වැඩ ආරම්භ කරන්නේ. සියලූ වත් පිළිවෙත්වලට මුල් තැන දීලා තමයි මම චරිතය නිරූපණය කරන්නේ. සමහර පෞද්ගලික ජීවිතේ උත්සව පවා බොහෝ දේවල් ප්‍රජාපතී දේවිය වෙනුවෙන් මම කැප කළා. මේ දවස්වල මම පන්සිල් පද පහ උපරිමයෙන්ම රකිනවා. ප්රජාපතීගේ චරිතය වෙනුවෙන් වරදක් වුණත් පන්සලට ගිහින් වුණ වරදට සමාව ගන්නවා.
දුෂේනි ක්ෂේත්රයට ඇවිත් බොහොම අඩු කාලයක්. ඒ ආපු කාලය ඇතුළත දී තමන්ගේ රූපෙන් වැඩක් ගත්තා කියලා හිතනවද?
ඇත්තටම මට රංගනයට එන්න අවස්ථාව ලැබෙන්නේ 2017 ලක් රූ රැජින වුණාට පස්සේ. රූ රැජිනක් වෙන්න මට බලපෑවේ රූපය. හැකියාව වගේම රූපයටත් පේ්රක්ෂක ආදරය ලැබෙනවා. මට රඟපාන්න හැකියාවක් තියෙනවා කියලා මම හිතුවේ නැහැ. ලැබුණු පළමු අවස්ථාවෙන්ම මට රඟපාන්න යම් හැකියාවක් තිබෙනවා කියලා මට දැනුණා.
දුෂානිගේ ජීවිතේ රංගනය කියන්නේ තාවකාලික නැවතුමක් ද?
දිගටම රඟපාන්න ආසයි. මට තියෙන ලොකුම හීනය සිනමා නිර්මාණයකට දායක වෙන එක. චිත්‍රපටි නිළියක් වෙන්න තමයි මම ගොඩක්ම කැමති. ඇත්තටම මට ඕන වුණේ අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට ගිහින් ලංකාවේ පෞද්ගලික ආයතනයක හොඳ රැුකියාවක් කරන්න. මම කොළඹට එන්නෙත් ඒ ගමනේ එක් අවස්ථාවකට. අහම්බෙන් මගේ දෛවය වෙනස් වුණා. හැමදේම වුණේ වාසනාවට කියලා හිතනවා.
තවම ඔබ අධ්‍යාපනයේ නියැළෙනවද?
ඔව්. වාණිජ අංශයෙන් තමයි උසස් අධ්‍යාපනය හදාරන්නේ. පසුගිය දවස්වල නම් කලා කටයුතු නිසා අධ්‍යාපන කටයුතු ගොඩක්ම මඟ ඇරුණා. ක්ෂේත්‍ර දෙකම සමබරව කරගෙන යන්න උත්සාහ කරනවා. ඒත් රංගන වෘත්තිය කරගෙන අද ලංකාවේ ජීවත් වෙන්න අමාරුයි. ඒත් මම රංගනය අතාරින්නේ නැහැ. ඒක මට ලැබුණේ වාසනාවකට. වෘත්තිය පැත්තෙන් ව්‍යාපාර පැත්තට හැරෙන්න බලාපොරොත්තු වෙනවා.
අලූතෙන් ක්ෂේත්රයට එන නිළියන්ට කලාව ඇතුළේ රැුඳෙන්න නම් අධ්‍යක්ෂවරුන්ට ළෙංගතුකමක් දක්වන්න ඕන කියන කතාව ඇත්තද?
මම දැනට අධ්යක්ෂවරු හතර දෙනෙක් එක්ක වැඩ කරලා තියෙනවා. කවදාවත් මට අයුතු යෝජනාවක් ඇවිල්ලා නැහැ. ඒ දේවල් වෙන්නේ තම තමන් හැසිරෙන ආකාරයත් එක්ක. මම යන හැම තැනම යන්නේ අම්මාත් එක්ක. තමන් හරියට තමන්ගේ වැඬේ කරනවා නම් කාගෙවත් අයුතු යෝජනාවලට එක`ග වෙන්න ඕන නැහැ.
දැන් දුෂේනි පේ‍්‍රමවන්තියක් ද?
දැන්ම නම් මට ප්‍රශ්නයට උත්තරයක් දෙන්න අමාරුයි.
නදීශා අතුකෝරළ - ඡායාරූප: සජීව ලක්ෂාන්