රූ රැජින තරග වැහි වැහැලා
රූ රැජිණක වී රංගන ක්ෂේත්රයට පැමිණි ඇය ඉමායා ලියනගේය. නිරූපණ ශිල්පිනියක, ලෙසත් කටයුතු කරන ඉමායා රංගනයට පැමිණ දීර්ඝ කාලයක් නොවුවත්, ඇය ඉතා දක්ෂ ලෙස රංගනයේ යෙදෙන බව සඳහන් කළ හැකිය. නමුත් නියැලෙන වෘත්තියට වටිනාකමක් ගෙන දීමේ අරමුණ ඇතිව කටයුතු කරන ඉමායා මේ දිනවල හමුවන්නේ ‘මුතුකුඩ’ ටෙලි මාලාව සමගය. අද සැඳැල්ල කතා බහ මුතුකුඩ හැඩ කරන, ඉමායා සමගය.
ඉමායා ඔබට තිබුණේ රූ රැජිනක වීමේ අරමුණද? නිළියක වීමේ අරමුණද?
මට තේරුම් ඇති කාලයේ ඉඳලාම ආසාව තිබුණේ රූ රැුජිනක වීමටයි. දෙරණ රූ රැුජින වැඩ සටහනක් නැරඹීමත් එක්ක කවදා හරි මටත් රූ රැුජිනක වෙන්න ඇත්නම් කියලා හිතුණා. ඒ නිසා ඒ ගැන හිතමින් ඉදිරියට යද්දී දෙරණ රූ රැුජින තරගය සඳහා එදා අයදුම් කළා. පසුව එය ජයග්‍රහණය කිරීම ලොකු වාසනාවක් වුණා.
නමුත් අද වන විට මේ රූ රැුජින තරග හරිම බහුල වෙලා. නිතරම අහන්න, දකින්න ලැබෙනවා. ඒ ගැන හිතන්නේ කොහොමද?
ඇත්තටම අපි එදා දැනගෙන හිටියෙ ලෝක රූ රැුජින තරගයයි. නමුත් අද වන විට අපි කවදාවත් අහලාවත් නැති රූ රැුජින තරග පැවැත්වෙනවා. එදා මම තරග කළ රූ රැුජින තරගයට තරගකාරියන් හාරසීයයක් විතර අයදුම් කරලා තිබුණා. අන්තිමට එයින් 15 දෙනෙක් තේරුණා. ඒ පහළොස් දෙනාට ඇවිදින, කන බොන විදියේ ඉඳලා බොහෝ දේ ගැන කියා දුන්නා. මාස තුනක පුහුණුවක් අපි ලැබුවා. අන්න ඒ විදියටයි ප්‍රමිතියක්, ක්‍රමයක් ඇතිව රූ රැුජින තරග පැවැත්වුනේ. ඒත් අද අපි ජීවිතේට අහලා නොතිබුණු තේමා යටතේ, රූ රැුජින තරග නියෝජනයට කවුරුහරි යවනවා. ජාතික අධ්යක්ෂ කියලා කෙනෙක් පත්වෙලා තමයි මේ විදියට ඒ ඒ ඉසව් වෙනුවෙන් යවන්නේ. මම මේ කාටවත් චෝදනා කරනවා නෙවෙයි. නමුත් එහෙම එක එක්කෙනාට ඕනෑ විදියට තමුන්ට කැමති අය යවන එක රූ රැුජින තරග ලෙස ප්‍රමිතියකින් පිළිගන්න බැහැ. අද අන්තර්ජාලයේ ඔන්ලයින් ක්රමයටත් රූ රැුජින තෝරණ තැනට මෙහි ගුණාත්මක බව නැති වෙලා.
තරුණියක් ලස්සන නම්? එවැනි තරගවලට ගියාම මොකද වෙන්නේ?
ලස්සන විතරක් තිබිලා, ලස්සනට ඇවිද්දා කියා රූ රැුජණක වීම නෙමෙයි එහි අරුත.
කොහොම වුණත් රූ රැුජින තරග ගැන කතා කරද්දී අදටත් අපට මතකයට එන්නේ රෝසි සේනානායක වගේ ඉතා අල්ප දෙනෙක්ගෙ නාමයන් විතරයි. ඔබට කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම අද නම් රූ රැුජිනකට ලැබෙන තැන අඩුවෙලා. ඉස්සර නම් රූ රැුජිනක් වීම මාර ලොකු දෙයක් වුණා. ඒත් අද මේ ක්ෂේත්රයේ අය කරන දේවල් එක්ක ඒ තැන බාල්දු වෙලා. බලන්නකො අවුරුද්දකට කොච්චර නම් රූ රැුජින තරග පැවැත්වෙනවද කියලා? වටිනාකම අඩුවීම ඒකටත් හේතුවක්.
අපි මුතුකුඩ ගැන කතා කළොත්?
ටිකිරි රත්නායක මහතාගේ තවත් අපූරු නිර්මාණයක්. මම වගේ අලූත්, ආධුනික කෙනෙකුට ඒ වගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම වාසනාවක්. 1815 ශ්‍රී වික්‍රම රාජසිංහ රජ යුගයේ කතාවක් තේමා කරගෙන, ඉතිහාසයේ හිටපු වීර කාන්තාවක් ගැන කියැවෙන කතාවක්. මම එහි රඟපාන්නෙ කන්දෙපොළ නිළමෙගෙ එකම දියණිය ලෙසයි. මගෙ චරිතයෙ නම සකුන්තලා. එහි ඇඳුම් පැළඳුම් සහ කතා කරන විලාසය පවා වෙනස්. ඇත්තටම මට ලොකු අත්දැකීමක් ලබා දුන් නාට්‍යයක්.
සකුන්තලා මැණිකේ කියන දෙබසක් කිව්වොත්?
දෑ අවුරුද්දක් සෙනෙහසින් මගේ ළඟට වෙලා හිටියෙ ගෙදරින් අහලද? මං හැර වෙන මැණිකෙ කෙනෙක් කරකාර බඳින්නෙ නෑ කිව්වෙ කාගෙන් අහලද?
සකුන්තලා මැණිකෙට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම පිටපත ලැබුණාම ඒක මට ලොකු අභියෝගයක් වුණා. සහාය අධ්යක්ෂ බන්ධු අයියා තමයි මා ගැන ටිකිරි රත්නායකයන්ට කියලා තිබුණේ. මට චරිතය අභියෝගයක් වුණා හැර, ප්‍රතිචාර ගැන හිතුවෙ නැහැ. නමුත් රූගත කිරීම්වලට ගියාම විශාල පිරිසක් ඒ නාට්‍යයේ රූගතකිරීම් බලන්නට එනවා. ඒ විදියට එන අය ‘සකුන්තලා’ අක්කා අද නැද්ද කියලත් අහනවා. ඇත්තටම ඒ විදියට මිනිස්සු ආදරය කරන චරිතයක් රඟපෑමට ලැබීම ලොකු වාසනාවක්.
ලංකාවේ ටෙලි නාට්‍යයක චරිත රඟපාන අයට ලැබෙන ආර්ථික වටිනාකම අඩුයි කියලයි වැඩි දෙනා කියන්නේ? එවැනි වටපිටාවක ඇයි රඟපෑම තෝරා ගත්තෙ?
මම අලූත් කෙනෙක් නිසා මම ඒකට හේතුව කියන්න දන්නේ නැහැ. ලංකාවේ රඟපෑමට විතරක් නෙවෙයි, අනෙක් බොහෝ අංශවලට ලැබෙන වටිනාකම අඩුයි. නමුත් මෙතැනදී මට මුදලට වඩා වටින්නේ මම වගේ ආධුනික කෙනෙකුට රංගනය ගැන අත්දැකීම් ලබන්න සහ ප්‍රවීණයින් එක්ක වැඩ කරන්නට ලැබුණු අපූරු අවස්ථාවයි.
ජනප්‍රිය ක්ෂේත්රයකට ආවාම, තරුණයින්ගෙන් ලැබෙන ආකර්ෂණයත් වැඩියිනෙ. ඔබට තරුණයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ඇත්තටම සමාජ ජාලා වෙබ් අඩවිවල පවා මට ආදරය කරන පිරිසක් සිටින බව ලැබෙන ප්‍රතිචාර එක්ක කියන්න පුළුවනි. මොකද මම නිතරම කා එක්කත් හිනාවෙලා, කතා බහ කරලා ඉන්න කෙනෙක්. මට ලැබෙන ප්‍රතිචාරවලට තෑන්ක් යූ හරි කියලා මම ප්‍රතිචාර දක්වන කෙනෙක්.
‘ආදරය’ ඉල්ලන තරුණයින්ට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ?
ජීවිතේ එක පාරටම තීරණ ගන්න බැහැ. ඒ වගේම ඒ වගේ එන යෝජනාවලට මම පිළිතුරු දෙන්නේ ඒ අයගෙ හිත් රිදෙන විදියට නෙවෙයි.
ක්ෂේත්රයේ අයගෙන් එහෙමත් ‘ආදරය’ ගැන අහනවා ඇති?
අහලා තියෙනවා. ඉතින් කොච්චර හිත් නොරිදෙන විදියට කතා කළත්, සමහරු ඊට පස්සෙ කතා කරන්නෙත් නැති අවස්ථා තියෙනවා.
‘ආදරය’ කරලාම නැද්ද?
කරලා තියෙන ආදරයම තමයි තවමත් තිබෙන්නේ?
‘ආදරය’ විවාහයෙන්ම කෙළවර විය යුතුද?
නොදන්නා නොගැලපෙන කෙනෙක් නොවී ගැලපෙන කෙනා තෝරා ගත්තාම විවාහයෙන් ඒ බැඳීම කළ යුතුයි. හැබැයි පුද්ගලයාගෙන් පුද්ගලයාට අදහස් සහ ජීවිතය වෙනස්. විවාහ ජීවිතය පවත්වාගෙන යන්න පුදුමාකාර අවබෝධයක් වගේම ඉවසීමකුත් තියෙන්න ඕනෑ. නමුත් ආදරය කරන කෙනා තව කෙනෙක් දිහා බලනවාටත් අකමැති අය සිටිනවා. මනුස්ස චරිතෙ හැටි එහෙම තමයි. ඒ අවබෝධය තිබිය යුතුමයි.
සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ
හැඩගැන්වීම් - මදාරා විතාරණ
ඇඳුම් නිර්මාණය - කනිෂ්ක සඟබෝ
පසුතලය - හේලීස් කැෆේ ෆික්සල් (Cafe Fixel)