රුපියල් ලක්ෂ එකසිය අනූවක කිරුළ පැලඳු දුෂේනි මියුරංගි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-04-ent-04

එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ පැවැත්වූ රූ රැුජින කිරුළ සඳහා වැය කළ ඉහළම මුදල ලෙස වාර්තා වන්නේ මෙවර සියත මිස් ශ්‍රී ලංකා තරගය වෙනුවෙන් නිර්මාණය වූ කිරුළ වෙනුවෙනි. මේ සඳහා වැය කළ මුදල වන්නේ රුපියල් ලක්‍ෂ 190ක් හෙවත් රුපියල් මිලියන 19කි. මේ කිරුළේ හිමිකාරිය වූවේ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වීමද තවත් විශේෂත්වයකි. ආදරය ගින්දරක් සමඟ ටෙලිනාට්‍ය කරළියට ආ ඇය සුරූපී දුෂේනි මිහිරංගි ය. ඇය මේ සමඟම එළැඹෙන ඔක්තෝබරයේ දී චීනයේ පැවැත්වෙන ලෝක රූ රැුජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනයට වරම් ලබා සිටින්නීය. දුෂේනි සඳැල්ල කතා බහට එක් වූ විදියයි මේ.

 

දුෂේනි රූ රැජින තරගයකට පෙනී සිටියේ පළමු වතාවටද?

2017-10-04-ent-05මේ දක්වා රූ රැජින තරග තුනකට පෙනී සිටියා. එයින් ලැබුණු ඉහළම ජයග‍්‍රහණය මෙයයි. මීට පෙර මිස් ඒෂියා සඳහා ලංකාව නියෝජනයට වරම් ලැබුවා. එයත් ලොකු භාග්‍යයක්. මෙවර සියත මිස් ශ්‍රී ලංකා වීමත් සමඟ ලෝක රූ රැජින නියෝජනය කිරීමට ලැබීමත් ලොකුම ලොකු අවස්ථාවක්.

 

ඇයි මේ විදියට රූ රැජින තරග සඳහා එන්න හිතුණේ?

2016 දිත් සියත මිස් ශ්‍රී ලංකා තරගයටත් මම සහභාගි වුණා. ඒත් එවර පස්වැනි තැන දක්වා විතරයි එන්න පුළුවන් වුණේ. එදා මම මගේ අඩුපාඩුකම් හදාගත්තා. රූ රැුජිනක වීම සඳහා රූපය විතරක් තිබුණට මදි. දැනුම සහ බුද්ධියත් හරිම වැදගත්. මම හිතන්නෙ ඒ සියල්ල හඳුනාගෙන තමයි මෙවර මම ඉදිරිපත් වුණේ. මේ විදියට රූ රැජින තරගයක් දිනීමේ සිහිනය මට තිබුණේ කුඩා කාලයේ සිටමයි. ඒ සිහිනය සැබෑ කරගැනීමට තරම් මම වාසනාවන්ත වුණා.

 

දැන් ඊළඟට මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?

එළැඹෙන 16 වැනිදා ලෝක රූ රැුජින තරගය සඳහා චීනය බලා පිටත්වීමට නියමිතයි. එහි යාමට බොහෝ දේ ගැන පුරුදු පුහුණුවීමට තිබෙනවා. මේ දිනවල ඒ වෙනුවෙන් සහ රංගන ශිල්පිනියක් ලෙස ඊළඟට තියෙන වැඩ ගැන හිතනවා. සංසාරා නාට්‍ය විකාශයට නියමිතයි. ඊළඟට මහදැනමුත්තා නාට්‍යයත් විකාශයට නියමිතයි.

 

මේ සියලූ දේ කරන්න පෙම්වතා ඉඩ දෙනවාද?

මට පෙම්වතෙක් නැහැ.

 

ඔබ සහ ජනප‍්‍රිය නිරූපන ශිල්පියකු හා නළුවකු වන චරිතයක් පෙම්වතුන් කියලා සමාජ ජාලා වෙබ් අඩවිවල පුවත් පළවුණා නේද?

ඔහු ඇත්තටම මගේ හොඳම යාළුවෙක්. මට මගේ බොහෝ කටයුතුවලදී ඔහු ගොඩක් උදව් කරලා තියෙනවා. එයත් මේ ක්ෂේත‍්‍රයේ සිටින නිසා අපේ මිත‍්‍රත්වය හරි ඉහළයි.

 

සියත 2017 රූ රැජින වීම සමගම ඔබට පැළැඳි මේ කිරුළ ගැන විස්තර කිව්වොත්.?

ලංකාවේ මෙතෙක් රූ රැුජිනකට පැළැන්ඳු ඉහළම වටිනාකමකින් යුතු කිරුළ මෙයයි. ලක්‍ෂ 190ක් මේ වෙනුවෙන් වැය කරලා තියෙනවා. පෞරාණික මැණික් ගල් ඔබ්බවා තමයි මෙය ඩිසයින් කරලා තියෙන්නෙ. ප‍්‍රවීණ රූපලාවන්‍ය හා මෝස්තර නිර්මාණ ශිල්පී ධනංජය බණ්ඩාර තමයි මෙය ඩිසයින් කළේ. රාජා ජුවලර්ස් තමයි එය නිර්මාණය කළේ. මේ කිරුළ පළඳින්න තරම් ඇත්තටම මම හරිම වාසනාවන්ත වුණා. මට සතුටට සතුටු කඳුළු ආවා. අම්මා, තාත්තා සහ මල්ලි ඒ සතුටු කඳුළු බෙදාගන්න මා එක්ක හිටියා.

 

අද ක්ෂේත‍්‍රයේ මොන වගේ ජනප‍්‍රියත්වයක්ද ඔබට තියෙන්නෙ?

තවමත් බොහෝ දෙනා කතා කරන්නෙ ‘‘ආදරය ගින්දරක්’’ එකේ උපේක්‍ෂා චරිතය ගැනයි. ජනප‍්‍රියත්වය කියන දේට වඩා මම කළ දේට මිනිස්සු ආදරය කරන බව පෙනෙනවා.

 

මේ ක්ෂේත‍්‍රය කැපිලි කෙටිලි ඇති තැනක්ද? නැති තැනක්ද?

කැපිලි කෙටිලි ඕනෑම ක්ෂේත‍්‍රයක තියෙන දෙයක්. ඒවා මම හිතට ගන්නෙ නැහැ. තරගයකට ආවත් කැපිලි කෙටිලි වැඩියි. ඒත් ඒවා ඇඟට හිතට ගත්තොත් අපට අපේ අරමුණ කරා යන්නට බැහැ. ඊට වඩා තමුන් කරන දේ ගැන උනන්දු වෙන්න ඕනෑ.

 

ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ ඔය කියන තරමටම චරිත සඳහා ඉල්ලූමක් තියෙනවද?

චරිත පිපාසයක් මට නැති නිසා ඒ ගැන හිතන්නෙ නැහැ. මට මගේ රූපය අනුව අහිංසක චරිතවලට තමයි ඉල්ලූම තියෙන්නෙ.

 

පෙනුම අහිංසක වුණාට, නපුරුයි වගේ කියලත් යාළුවෝ කියනවා නේද?

තරහා යන අවස්ථා අපි කාටත් පොදුයිනෙ, ඒත් මම නම් නපුරු නැහැ. සාපේක්‍ෂව ගත්තොත් මම බොහෝ දුරට ඉවසන කෙනෙක්.

 

රංගනයට හැර වෙන මොනවටද දක්‍ෂ?

ජීවිතාරක්‍ෂක පිහිනුම් ශූරියක ලෙස සහතිකය ලබා සිටින කෙනෙක්. මම හිතන්නෙ මම පිහිනීමට දක්‍ෂයි. ඒවගේම අධ්‍යාපනයටත් දක්‍ෂයි කියලා හිතනවා.

 

අද දුෂේනිගෙ ජීවිතය ගතවෙන්නෙ මොන විදියටද?

හරිම සන්තෝෂයෙන් තමයි ජීවිතය ගෙවෙන්නෙ. ගිණුම්කරණය හා කළමනාකරණ විෂය වෙතින් උපාධිය ලබාගැනීම තමයි අරමුණ. ඊට අමතරව රංගනය ගැන හිතනවා.

 

ජීවිතය දැනෙන්නෙ කොහොමද?

ජීවිතයේ සමහර විට අපට ඕනෑම දේ නෙවෙයි වෙන්නෙ. ඒත් ඒ සියල්ල බාරගෙන ජීවිතයට මුහුණ දෙන්න වෙනවා.

 

මේ කිරුළ සමඟ බොහෝ තෑගිත් ලැබුණා නේද?

ඔව්, ඇත්තටම ගොඩක් තෑගි ලැබුණා. මේ වෙලාවේ මම ඒ සියලූ දේ වෙනුවෙන් අවස්ථාව ලබාදුන් සියත ආයතනයටත්, මොඩල් ෂොප් සහ එහි ධනංජය බණ්ඩාර, ෂෙරින් කුමාරතුංග, සංගීතා වීරරත්න, සේනානිද සිල්වා සහ චන්න විජේවර්ධන යන ප‍්‍රවීණ මහත්ම මහත්මීන්ට මගේ ගෞරවය පුදකරන්න කැමතියි. ඒ වගේම මට උදව් කළ අම්මා තාත්තා සහ මල්ලීටත්, විශේෂයෙන් උදව් කළ අනුජ් රණසිංහ මිතුරාටත්, තවත් නම් නොකියවුණු බොහෝ දෙනාටත් මගේ ගෞරවය පුදන අතර, මගේ ආදරණීය රසික ජනතාවට මියෙන තුරාවටම මම ආදරෙයි කියලා කියන්න කැමතියි.

 

  2017-10-04-ent-03 2017-10-04-ent-02 2017-10-04-ent-01