'රියැලිටි' තරගයකට මම දායක වන පළමු අවස්ථාව මේක
නව පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් නිළියන් අතරේ සෙනාලි ෆොන්සේකාට හිමිවන්නේ සුවිශේෂි තැනකි. ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වූ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ ‘දිලි’ ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගන්නට සමත් වූ සෙනාලි නැවතත් මේ වසරේදී සිනමාවට පිවිසීමට සූදානමින් සිටින්නීය. ඒ පිළිබඳව ‘සාරවිට’ අපිට පැවසුවේ මෙවැනි අදහසකි.
ප්‍රේක්ෂකයෝ ආයෙත් සෙනාලි ගැන මේ දවස්වල කතා වෙනවා?
ඔව්, ඒ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ ‘දිලි’ කියන චරිතය නිසා. ක්ෂේත්රයට ආපු ‘සිරිපැරකුම්’ චිත්‍රපටයෙන් පස්සේ ප්‍රේක්ෂකයෝ මා ගැන ගොඩක් කතා කළේ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ ‘දිලි’ කියන චරිතය නිසා. දැන් නාට්‍යය විකාශය වෙලා ඉවර වුණත් මට ලැබෙන රසික ප්‍රතිචාරවලින් නම් අඩුවක් නැහැ.
ප්‍රතිචාර මොන වගේද?
ගොඩක්ම ලැබෙන්නේ හොඳ ප්‍රතිචාර. ‘දිලි’ කියන චරිතය නියමට රඟපානවා කියලා තමයි කවුරුත් කියන්නේ. සමහරක් අය කියනවා. ඔයාගේ තියෙන පෙනුමට එහෙම චණ්ඩි චරිතයක් කරන්නේ කොහොමද කියලා. මේ හැම ප්‍රතිචාරයක්ම මම නිහතමානීව භාර ගන්නවා. හැමදාම මාව රසික, රසිකාවියෝ වගේම මාධ්‍යය හැම කෙනෙක්ම මාව මේ තැනට එන්න උදවු කළා.
නව වසරේදී වැඩි දායකත්වයක් ඔබ කලා කටයුතුවලට දෙනවද?
ඔව්, ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයකටම දායක වෙන්න ආරාධනා දැනටමත් මට ලැබිලා තියෙනවා. ලොකු නැන්දි රඟපාපු ‘සත්වෙනි දවස’ චිත්‍රපටය ටෙලියක් විදිහට නිර්මාණය වෙනවා. ඒකේ ලොකු නැන්දි කරපු අහිගුණ්ඨක චරිතය කරන්න ලැබිලා තියෙන්නේ මට. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි.
‘රියැලිටි’ තරගයකටත් ඔබ දායක වෙනවා?
ඔව්, දෙරණ රූපවාහිනි නාළිකාවෙන් පවත්වන ‘දෙරණ සිටි ස්ටාර්’ රියැලිටි තරගයට මට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. මම රංගනයට වඩා නර්තනයට තමයි ගොඩක් දක්ෂ. ඒ හින්දා ඒ හැකියාවන් ඉදිරිපත් කරන්න මට අවස්ථාවක් ‘දෙරණ ස්ටාර් සිටි’ රියැලිටි තරගය හරහා දැන් ලැබිලා තියෙනවා. ගොඩක් ආසාවෙන් තමයි මේ වැඩේට මම සම්බන්ධ වෙන්නේ. ‘රියැලිටි’ තරගයකට මම දායක වෙන පළමු අවස්ථාව මේක.
‘රන් මැණිකා’ කියන චරිතයද? ‘දිලි’ චරිතයද? සෙනාලිව ප්‍රේක්ෂකයෝ අතරට ගෙන ගියේ?
ක්ෂේත්රයට ආපු මුල් කාලයේදී නම් ගොඩ දෙනෙක් මා ගැන කතා කළේ ‘රන් මැණිකා’ කියන චරිතය හරහා. නමුත්, අද වනවිට ‘රන් මැණිකා’ කියන චරිතයට වඩා ප්‍රේක්ෂකයෝ මාව ‘දිලි’ කිව්වාම හඳුනනවා.
අධ්‍යාපන කටයුතුවල තත්ත්වය මොකද?
ඒ වැඩ කටයුතුත් කරන්න ඕනා. නමුත්, මේ වසරේදී මම වැඩි දායකත්වයක් කලාව පැත්තට දෙන්න අදහස් කරමින් ඉන්නවා. මොකද, පසුගිය කාලේ එක දිගට අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වෙලා හිටිය නිසා මේ වසර කලාව පැත්තට ලොකු දායකත්වයක් දෙන්න මම තීරණය කරලා තියෙනවා. වසර අවසානයේදී නැවතත් අධ්‍යාපනය පැත්තට අවධානය යොමු කරන්න හිතාගෙන ඉන්නවා.