රිතූ මාධ්‍ය හමුවට නොඑන හේතුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-26-ent-197

මේ දිනවල ටෙලිනාට්‍ය කීපයකටම රංගනයෙන් දායකව සිටින ඇය රිතූ ආකර්ෂාය. පසුගියදා නිමාවට පත්වූ සසරසේයා වෙනුවෙන් රංගනයෙන් දායක වූ රිතූ ඊට අමතරව චුට්ටෙ, තුරුම්පු ආසියා, මල් හතයි සමඟ ආලින්දයට පැමිණෙන්නීය. මේ විදියට ටෙලි නාට්‍ය රංගනයෙන් නිතර හමුවුවත් මාධ්‍යයට අදහස් දැක්වීමට ඇය ටිකක් මැලිකමක් දක්වන බව තමයි කියන්නෙ. එහෙම කියන ‘රිතූ’ මල් හතයි රූගත කරමින් සිටියදී සඳැල්ල හැඩ කළ මොහොතකි මේ.

 

‘රිතූ’ මුලින්ම කිව්වොත් ‘මල්හතයි’ චරිතය ගැන කොහොමද හිතන්නෙ?

2017-10-26-ent-198එහි චරිතය මට හරි සැහැල්ලූයි. අනෙක් ඒවායේ වගේ සංකීර්ණව හිතනවාට වඩා සැහැල්ලූවෙන් ඉදිරිපත් කළ යුතු රංගනයක් තමයි තියෙන්නෙ.

 

මේ මල් හත අතරින් කාවිංග කාට හිමිවේවිද?

දැනට නම් හත් දෙනාටම අයිතියි වගෙයි. ඉදිරියේදී කොහොම වේවිද දන්නෙ නැහැ.

 

මෙහි රඟපාන, පියුමි, පබෝදා, රුක්‍ෂානා, තිසුරි, ශලනි, ෂෙහානි, මේ අයගෙන් හොඳම යාළුවා කවුද?

තිසුරිxශලනි මේ ඔක්කෝමලා ඉන්නවා. පබෝ අක්කා එක්ක වැඩ කරලා තියෙනවා. ෂෙහානි, පියුමි, ශලනි, තමයි මට අලූතින් හමුවුණේ. ඇත්තටම ඒ ඔක්කොමලා හරි හොඳයි. මේ කතාව ගත්තොත් මේ ගැහැනු ළමයි හත්දෙනාම කරන චරිත ප‍්‍රබලයි. ඒක ඇත්තටම හරි වෙනස් නාට්‍යයක්.

 

සැබෑ ජීවිතයේදී ප‍්‍රශ්නයක් ආවොත් මේ යෙහෙළියන් අතරින් මුලින්ම කාටද ඒ ගැන කියන්නෙ?

ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේදී බොහෝ දෙනා මගේ හොඳ යාළුවෝ. ඒත් මේ කට්ටියගෙන් තිසුරි ගොඩාක් ළඟයි. අපි දෙන්නා එකට රංගනයේ යෙදුණු වාර තියෙනවා. ඉතින් ඒ සමීප බව තිබුණට මම මගේ ජීවිතයේ පුද්ගලිකත්වය ආරක්‍ෂා කර ගන්න කෙනෙක්. අනෙක මගේ ජීවිතයේ හංගන්න තරම් රහස් නැහැ. මම හරි විවෘතයි. තිසුරියි මායි බොහෝ වෙලාවට කතා කරනවා.

 

පෙම්වතෙක් එහෙම හමුවුණාම කාටද මුලින්ම කියන්නෙ?

මම හිතන්නෙ අපි පොඩිවුන් නෙවෙයිනෙ. ඉස්සර කාලෙ වගේ නොවෙයිනෙ, දැන් කාලය වෙනස්. ‘ආදරය’ ඇත්තටම පෞද්ගලික දෙයක්නෙ.

 

ඔබ මෙතෙක් රඟපෑ නළුවන් අතරින් කාවිංග ගැන හිතන්නෙ කොහොමද?

මම සෑහෙන කාලයක් ඔහු සමඟ රඟපාලා තියෙනවා. එයා ඇත්තටම හරිම හොඳ යාළුවෙක්. එයා එක්ක වැඩකරන්නත් හරිම ලේසියි. මොකද එයා හරිම සුහදයි. අපි හරි විනෝදයෙන් තමයි රඟපාන්නෙ.

 

මොනවද විනෝද වෙන්න ඔහු කරන්නෙ?

පිස්සු වැඩ තමයි. හරිම විහිළු කරන්නෙ. ඉතින් අපි එයාට විහිළු කරන්නෙ ඔයා නම් පිස්සෙක් කියලයි. වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ටෙලි නාට්‍යයක් නරඹන තරමට එහි කැපවීම ගැන බොහෝ දෙනා දන්නෙ නැහැ. අපි සමහරදාට පාන්දර හතරට පහට ඇවිත් රාත‍්‍රිය දක්වා වැඩ කරනවා. ඒ දීර්ඝ කාලයේදී අපි ආලෝකධාර එක්ක සෑහෙන හෙම්බත්වෙනවා. එක වෙලාවකට හරිම දුෂ්කරයි. ඉතින් ඒ වගේ අවිවේකී දුෂ්කර පරිසරයකදී කාවිංග වගේ කෙනෙක් අපිව සැහැල්ලූවට පත්වන විදියට විහිළු කරලා කාලය ගත කරද්දී අපට වුණත් චරිතය කරන්න නව ජවයක් ඇති වෙනවා.

 

ෂූටිං අතර වාරයේදී විවේකයක් ලැබුණාම මොනවද කරන්නෙ?

එක එක්කෙනාට විහිළු කර ගන්න එක සහ කේන්ති කරවීම, තමා

 

මේ මල් හතේ ගැහැනු ළමයි ටික එකතු වුණාම?

මේ හත් දෙනාම හරිම හොඳයි. අපි හරි විනෝදයෙන් තමයි කාලය ගෙවන්නෙ.

 

‘රිතූ’ රඟ නොපෑවා නම්?

මම වඩාත් දක්‍ෂ වුණේ ක‍්‍රීඩා අංශයට. පාසලේදී ක‍්‍රීඩා කළා. රඟපෑමට ආවේ නැත්නම්, සමහර විට ක‍්‍රීඩා අංශයට අදාළ ක්ෂේත‍්‍රයක කටයුතු කරන්න තිබුණා. ඒත් හරියටම කියන්න බැහැ.

 

දැන් කියමු බලන්න, ඇයි පසුගිය කාලයේ මාධ්‍යයෙන් හැංගිලා හිටියෙ? ආඩම්බරකමටද?

ආඩම්බර නම් නැහැ. ඒත් පසුගිය කාලයේ මම මාධ්‍යයට ආවේ නැත්තෙ හේතුවක් නිසයි.

 

මොකක්ද හේතුව?

අපි පත්තරයකට ආටිකල් එකක් හෝ පිළිසඳරකට එක්වන්නේ මේ කලාවට ආදරය කරන මිනිස්සු වෙනුවෙන් ඒ අය කලාකරුවන්ට කැමති නිසා, අදහස් ප‍්‍රකාශ කරන්නයි. කලාවට ආදරය කරන මිනිස්සු තමයි පුවත්පතක් හෝ මිලදී ගෙන කලා ලොවේ විස්තර දැනගන්නෙ. ඒත් අපි ඒ පුවත්පතකට ලබාදුන් පිළිසඳර කලාව ගැන නොදන්නා වෙබ් සයිට් කරන අය එයාලගෙ වගේ ඒවා එයාලගෙ වෙබ්වල පළකරනවා. ඒක කරන්නෙ ලොකුවට බොරු හෙඞ් ලයින් එකකුත් දාලයි. ඒ නිසා අපට ලොකු හානියක් වෙන්නෙ. මේ වෙබ් සයිට් කරන්නෙ අපි නොකියූ දේ කොහේ හරි කොණකින් අහුලාගෙන එයාලට ඕනෑ විදියට පළ කරන එකයි.

 

පුවත්පතක් කටයුතු කරන්නෙ වගකීමෙන්. මේ වෙබ්වලට මේ විදියට බොරු දැම්මාම මිනිස්සු බැණලා ප‍්‍රතිචාර දක්වනවා. ඇයි අපි එහෙම වෙන්නෙ?

කලාකරුවන් ලෙස මම නම කැත වෙන විදියට ජීවත්වෙලා නැහැ. ඒ නිසා නිරපරාදෙ අනවශ්‍ය ප‍්‍රතිචාර ලබන්නත් කැමති නැහැ. කලාවෙන් අපි කරන්නෙත් සේවයක්. දැන් බලන්න ඔබ මගෙන් ආටිකල් එක ගන්නවා. ඊට පසුව වචන ගලපලා මහන්සිවෙලා ඒක ලියලා, ඉන් පසුව පුවත්පත මුද්‍රණයට යනවා. එතැන මහන්සියක් නේද වෙන්නෙ. ඒත් අන්තිමට අපි ඔක්කෝගෙම මහන්සියෙන් ප‍්‍රයෝජන ගන්නෙ වෙනමම කට්ටියක්.

 

කලාව ගැන කොහොමද හිතන්නෙ?

මේ ලෝකයේ වාසනාවන්තම රස්සාව තමයි මේ. ඒක හරි ගෞරවණීයයි. මිනිස්සු ආදරය කරන්නෙ අපි කරන දේ නිසයි. ඒ නිසා මිනිසුන්ගෙන් ලබන ඒ ආදාරයට අපි ගරු කරන්නට ඕනෑ.

 

අද ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රය හරිම කාර්ය බහුල වෙලා නේද?

මම හිතන්නෙ ඒක මේ තාක්‍ෂණයත් එක්ක වෙච්ච දෙයක්. මේ දියුණුවත් එක්ක කලාවට ලොකු හානියක් වෙලා කියලා මම පුද්ගලිකව හිතනවා. ඉස්සර ‘ආදරය’ කළ අය කියන්නෙ. එයාලා ආදරය කළ විදිය වෙනස් කියලයි. අද මේ තාක්‍ෂණය නිසා ආදරයට තිබුණ ගෞරවයත් වෙනස් වෙලා. ඉස්සර නැරඹූ නාට්‍යවලට වඩා අද නාට්‍ය අපට දැනෙන්නෙ නැත්තෙත් මේ නිසා වෙන්න ඇති. අද මේ සියල්ල මුදල් මුල්කරගෙන සිදුවීම සහ ඉන්දියානු නට්‍යවලට මැච් කරන්න යාමත් තවත් ප‍්‍රශ්නයක් වෙලා. ඉන්දියන් අය ආදරය කරන විදිය වගේ නෙවෙයි, අපේ ශ්‍රී ලංකාවේ අය ආදරය කරන්නෙ. රටින් රටට ආදරයද වෙනස්. මේවා අපි හරියට තේරුම් ගෙනද යන්නෙ කියලා හිතන්න වෙනවා.

 

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

 

2017-10-26-ent-194   2017-10-26-ent-196 2017-10-26-ent-195