රැල්ල හොඳයි නම් මමත් රැල්ලට මුහුණ දෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-206

"රණවිරු රියලැටි" ස්ටාර් තරගය හරහා ගායන ක්ෂේත්‍රය තුළ නමක් දිනාගත් අයෝමි පෙරේරා වර්තමානයේ බොහෝ පිරිසක් දන්නා අඳුනන යොවුන් ගායන ශිල්පිනියකි. මැත කාලයේ ජනප්‍රිය ගීත කිහිපයක්ම සිය ශ්‍රාවකයන්ට අසන්නට ලබාදුන් ඇය ජනප්‍රිය වූ සිනමා නිර්මාණ කිහිපයකද පසුබිම් ගීත ගායනයට සම්බන්ධව සිටිනු දක්නට ලැබුණි. අයෝමි සමගින් අපි මෑතක කළ කතාබහකදී මේ.

 

මේ දිනවල වැඩ අඩුයි නේ?2019-05-27-ent-207

ඔව්, රටේ තියෙන ආරක්ෂක තත්ත්වය හේතුවෙන් අපිට වැඩ අඩුයි. මම හිතන්නේ ඒක හොඳ දෙයක්. මොකද, අපි මුලින්ම රටේ ආරක්ෂාව ගැන හිතන්න ඕනා. රටේ ආරක්ෂාව හොඳ නැත්නම් අපිත් අනාරක්ෂිතයි. ඒ හින්දා අපි අපි ගැන හිතනවට වඩා රටේ ආරක්ෂාවට උදව් කරන එකයි ගොඩක්ම වැදගත් කියලා මම නම් හිතන්නේ.

 

නමුත්, කලා ශිල්පින්ට යම් ආර්ථික දුෂ්කරතා මේ නිසා මතු වෙනවා නේද?

ඔව්, එහෙම දේවලුත් තියෙනවා. ඒත්, හැමදාම මේ තත්ත්වය තියෙන එකක් නැහැ. ඉදිරියට මේ තත්ත්වය වෙනස් වේවි කියලා මම හිතනවා. එතකොට මේ තත්ත්වය සාමාන්‍ය විදිහට පත් වේවි.

 

යුදහමුදා සේවය කරමින් තමයි කලා කටයුතුවලටත් දායක වෙන්නේ?

ඔව්, නමුත්, මම මුලීකත්වය දීලා තියෙන්නෙ මගේ යුදහමුදා සේවයට. ඊට පස්සේ තමයි අනෙක් මගේ කලා කටයුතුවලට දායක වෙන්නේ. මම මේ තැනට ආවේ යුදහමුදා නිලධාරිනියක් විදිහට. ඒ නිසා මම මගේ රාජකාරියට තමයි මුල් තැන දෙන්නේ. විශේෂයෙන්ම මගේ රාජකාරියට බාධාවක් නොවෙන විදිහට තමයි.

 

අලුත් නිර්මාණ කළේ නැද්ද?

කිහිපයක් කළා. ඉදිරියට ඒවා එළිදක්වන්න සූදානමින් ඉන්නවා. කරපු නිර්මාණත් තවමත් ශ්‍රාකවයන් රසවිඳින නිසා කාලයක් අරගෙන කරපු නිර්මාණ එළිදක්වන්න තමයි බලාපොරොත්තුව.

 

රැල්ලට ගිත කරනවද?

රැල්ලට ගීත කරනවාද කියලා මගේ ප්‍රශ්නයක් අහනවා නේ. ගයිකාවක් හැටියට මට පුළුවන් වෙන්න ඕනා ඕනැම වර්ගයේ ගීතයක් ගායනා කරන්න. විශේෂයෙන්ම ඒ ඒ යුග වලට, තේමාවන් වලට රැළිවලට ගීත ගායන කරන්න. රැල්ලක් වුණත් ඒක හොඳයි නම් මම ඒකට මුහුණ දෙනවා. මගේ කලා ජිවිතයට වගේම ක්ෂේත්‍රයට හානියක් නොවන විදිහට.

 

රැල්ලට ඔබ ගීත කරලා තියෙනවාද?

දැනට මම මගේ නිර්මාණ 15ක් විතර කරලා තියෙනවා. ප්‍රියන්ත නාවලගේ, සමන්ත පෙරේරා, ආරාධනා ඒකනායක වැනි ප්‍රවිණ අයත් සමග මම ස්වනිර්මාණ කරලා තියෙනවා. ඊඨ අමතරව චිත්‍රපට 20කට වඩා වැඩිය චිත්‍රපට පසුබිම් ගායනයට දායක වෙලා තියෙනවා. මේ කරපු නිර්මාණ අතරින් මම එක ගීතයක් කළා රැල්ලට. ඒ ජනප්‍රිය සංගීත කණ්ඩායම ගායකයෙක් ගායනා කරපු %මියයන්න සුදානම්^ ගීතයකට පිළිතුරු ගීතයක් කළ %මිය යන්න පුළුවන්ද^ කියලා. තරුණ පරපුර ඒ ගීතයට ගොඩක් කැමැත්තක් දැක්වුවා වගේම ඒ අය අතර ගොඩක් ජනප්‍රිය වුණා මේ ගීතය.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - දුලිත ශ්‍රිනාත්

 

2019-05-27-ent-205