රැයකින් එළිය වී එක් රැයකින් නිවීයන විදුලි බුබුලක් වෙන්න කැමති නෑ
ඇය නමින් කාංචනා ජයලත්ය. එහෙත් කලා ක්ෂේත්රයේ ඇය හැඳින්වෙන්නේ ”කාංචනා කාන්” නමිනි. 2008 වසරේ ශ්‍රී ලංකා රූ රැජින තරගයකින් දෙවැනි ස්ථානය සමග තවත් උප කිරුළක් දරා කලා ක්ෂේත්රයට පැමිණි කාංචනා, මුලින්ම වෙළඳ දැන්වීම්වලට දායක වූවාය. ඇය ගැන අද ටෙලි නාට්‍ය නරඹන පේ්රක්ෂකයින් කතා වන්නේ රොෂාන් කුරුප්පු අධ්‍යක්ෂණය කළ නිරාවරණය ටෙලි මාලාව නිසාය. එහි ”වත්සලා” වූ මේ කාංචනා කාන් කවුද?
කාංචනා, ඔබ ගැන සඳහනක් කළොත්?
මගේ ගම පිළියන්දල. දැන් පදිංචිය නුගේගොඩ. පාසල් තුන හතරකින් ඉගෙන ගත්තා. අන්තිමට ගියේ ගල්කිස්ස බෞද්ධ කාන්තා විද්‍යාලයට. නර්තන අංශයේ ගුරුවරියක වීමට ලොකු ආසාවක් තිබුණෙ. ඒ වගේම පාසලේදී කලා අංශයේ විවිධ වැඩසටහන්වලට දායක වුණා. නාට්‍ය තරග එහෙමත් නියෝජනය කළා. ඒ අතර වාරයේදී නර්තනය තමයි මගේ ප්‍රියතම විෂය වුණේ. මේ සියලූ දේ එක්ක හෙමින් ආපු ගමනක් මට තියෙන්නෙ. බැලේ නර්තනය හදාරන අවදියේ නිරූපණ අංශයට දායක වෙන්න පටන් ගත්තා. රඟපෑම පටන් ගත්තෙ. ”දාස්පෙතියා” ටෙලි නාට්‍යයෙන්. ඉන්පසුව මියුසික් වීඩියෝ කීපයකට හිටියා. මෑතක දී අතුල ශ්‍රී ගමගේ මහතාගේ ”ඔබේ රුවින් මා” මියුසික් වීඩියෝව සහ ජගත් වික්‍රමසිංහ මහතා සහ රණවිරු ස්ටාර් අයෝමි පෙරේරා ගයන දාස්පෙතියා නාට්‍යයේ විෂුවල් එකටත් පෙනී හිටියා.
කාංචනා ”කාන්’’ වුණේ කොහොමද?
ඉස්සර නර්තනය හදාරද්දි පන්තියේ හිටපු යාළුවෝ මට කාන් කියන කෙටි නාමයෙන් කතා කළේ. පසුව ඒක කා අතරත් කතා කරන නම වුණා. අද මගේම විලාසිතා ආයතනයක් පවත්වාගෙන යනවා. ඒකට නම දැම්මෙත් ”කාන් ෆැෂන් කියලයි.
ඇයි කාංචනාට රංගනයට එන්න හිතුණේ?
ඒක මට තිබුණු හීනයක්. නර්තනය හදාරද්දි කවදාහරි එතැනට එනවා කියලා හිතුවා, ඒ සිහිනයේ තමයි නිතරම ජීවත් වුණේ. ඉතින් මගෙ සිහිනය සැබෑ වුණා.
මේ කාංචනා කාන් කාගේ කවුද කියලා කිව්වොත්?
මගේ අක්කාගෙ නම මනීෂා නාමල්ගම. ප්‍රවීන රංග ශිල්පිනියක්. හැබැයි අක්කගෙ නම කියලා මට ක්ෂේත්රයට එන්න ඕනෑ වුණේ නැහැ. මගේ අරමුණ මගේම හැකියාවෙන් ගමනක් යාමටයි.
අක්කා අද මොනවද ඔබට කියන්නෙ?
මගේ ගමන දිහා බලාගෙන ඉන්නෙ. එයා මට සුබ පතනවා. එයාගෙ අත්දැකීම් මට කියලා දෙනවා. ඇත්තම කිව්වොත් අක්කා මට ගොඩාක්ම ආදරෙයි. පවුලේ බාලයා මම නිසා. පොඩි නංගී කියලා අක්කා ආදරයෙන් කතා කරන්නෙ. එයා හිතන්නෙ තවමත් මම පුංචි දැරිවියක් කියලා. පවුලේ ලොකු අක්කා කොහොමත් එහෙමනෙ.
කාන් කියන නමට අක්කා මොකද කියන්නේ?
මට ඒක හොඳට ගැලපීමක් වෙච්ච නිසා හොඳ දේ හොඳ විදියට ගන්න කීවා. හැබැයි යමක් කරන්නට පෙර දෙපාරක් හිතලා බලලා කරන්න කීවා.
නිරාවරණය නාට්‍යයේ අක්කත් රඟපානවා නේද?
ඒ නාට්‍යයේ රඟපාන්න යද්දි මම රඟපානවා කියලා අක්කා දැනගෙන හිටියෙ නැහැ. ඒ වගේම අක්කා එහි රඟපානවා කියලා මම දැනගෙන හිටියෙත් නැහැ. අක්කා වගේ ප්‍රවීන චරිතයක් එක්ක රඟපාන්න ලැබීම ලොකු භාග්‍යයක්. ඇත්තම කිව්වොත් අදටත් මම එයාගෙ නංගි කියලා ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් දන්නෙ නැහැ.
කොහොමද නිරාවරණය නාට්‍යයේ චරිතයට ලැබෙන ප්‍රතිචාර?
එහි මම රඟපාන ”වත්සලා” නමැති චරිතය නිසා ලැබෙන්නෙ ඉතා හොඳ ප්‍රතිචාර. මට ඒ නාට්‍යයට ආරාධනා කළේ රොෂාන් කුරුප්පු අයියා සහ චනිකා පෙරේරා. නිරාවරණය නිෂ්පාදනය කළේ රුවනි වලිමුණි අක්කා. ඒ ඔක්කෝටම මගේ ස්තූතිය.
නිරාවරණයෙන් එහාට තව මොනව ද කළේ?
කිත්සිරි හේවාවසම් මහතාගේ අලූත් චිත්‍රපටයේ රඟපෑමට ආරාධනා ලැබුණා. ඒකෙ ප්‍රධාන චරිතයක්. මේ දිනවල ඒ චරිතය ගැන කතා බහ කරමින් ඉන්නෙ.
”කාන්” ගෙ අරමුණ ටෙලි තිරයෙන් සිනමා තිරයට යාම ද?
ඔව්.
වෘත්තියෙන් කාන් කවුද?
ඇඟලූම් විලාසිතා ආයතනයක් පවත්වාගෙන යනවා. ඒ අතරේ රඟපෑමත් කරනවා. හැබැයි රංගනයට අද බොහෝ දෙනෙක් ප්රවේශව සිටිනවා. ඒ අතරේ එක් රැයකින් එළිය වී එක් රැයකින් නිවිලා යන බල්බයක් වෙන්න කැමැති නැහැ. මිනිසුන්ගේ මතකයේ රැුඳෙන චරිතාංග නිළියක වෙන්න ආසයි. ඒ ගමන යන්න මට කළබලයක් නැහැ. වත්සලා චරිතය රඟපාද්දි මට ප්‍රවීණ නළු නිළියන්ගෙන් ලැබුණෙ විශාල සහයෝගයක්. ආධුනික මට අතපසුවීම් වුණාම එයාලා බොහෝ උදව් කළා. හරිම නිහතමානී ප්‍රවීන පිරිසක්.
සැබෑ ජීවිතයේ කාන් පෙම්වතියක් ද? බිරිඳක් ද?
තවම බිරිඳක් නෙවෙයි. ජීවිතයට ඉතින් ආදරය අත්‍යවශ්‍ය දෙයක්. යථා කාලයේදී ඒවා නිසි අයුරින් සිද්ධ වේවි.
”ආදරය” කියලා කියන්නේ?
කෙටියෙන්ම කිව්වොත් ”විශ්වාසය”
මේ ක්ෂේත්රයට ඒමට පෙර හිතුවෙ මොන විදියට ද?
ගඟ දිහා බැලූවාම පීනන්න කොච්චර ලේසි ද කියලා හිතෙන්නෙ. එත් ගඟට බැස්සාම තමයි ඒක කොච්චර අමාරු දෙයක් ද කියලා දැනෙන්නෙ. රඟපෑමත් ඒ වගේ තමයි.
”කාන්” කොහොම කෙනෙක්ද?
බොහොම සරල, මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. නිහඬ චරිතයක් කිව්වොත් හරි. පරිස්සමට, සැහැල්ලූවෙන් සාමාන්‍ය විදියට ජීවත්වන චරිතයක්.
ජීවිතය මොන විදියට ”කාන්” ට දැනෙන්නේ?
ජීවිතය හරිම සංකීර්ණයි. එවිට විඳින්න තියෙන ජීවිතය විඳින්න වෙන එකක් නැහැ. ඒ නිසා සංකීර්ණව හිතන්නෙ නැහැ. අටලෝ දහමට අනුව, ජීවත් වෙනවා. මධ්‍යම ප්‍රතිපදාව හොඳයි. එවිට උපේක්ෂාවෙන් සියල්ල විඳ දරා ගන්න පුළුවනි.
හැඩගැන්වීම්: සැලෝන් රූ ඇත්තී පිළියන්දල
සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ